බ්ලොග් කියවන ලියන හැම දෙනෙක්ම කුමක් හෝ භාෂාවක් අළුතෙන්
ඉගෙන ගන්නවාට සැකයක් නැත... අළුත් මල්ලි නම් මේ දවස්වල ඉගෙන ගන්නේ
ඉංග්‍රීසිය... ඉංග්‍රීසි දන්නෝ කොරියන් ජපන් හින්දි මෙකී නොකී දහසක් භාෂා
යම් යම් දේ අරමුණු කර ගනිමින් ප්‍රගුණ කරති... මෙසේ ඉගෙන ගනිද්දී එකී
භාෂාවෙන් ලියවුණු පොත පත කියවීමේ වේගයද දිනෙන් දින වැඩිදියුණු කර ගත
යුතුය... වචනයක් කෙසේ හෝ කියවන්නට හැකි වීම හා ක්ෂණිකව නිසි ලෙස උච්ඡාරණය
කොට කියවන්නට හැකිවීම යනු එකක් නොව දෙකකි...
මාගේ
ඉංග්‍රීසි ගුරුතුමා වන සුසිල් නානායක්කාර මහතා නම් පවසන්නේ
අවම වශයෙන් විනාඩියකට වචන 240 ක් වත් කියවන්නට පුරුදු පුහුණු විය යුතුය
කියාය... මේ මෘදුකාංගය ඒ වෙනුවෙනි...
පුවත්පතක් ගෙන එහි කොටසක්
කියවා විනාඩියකට කියවන වචන ගණන ගැන බැලීම සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදය වුවත්
තනියම මේ කාර්යය කරන විට පැනනැගෙන අපහසුතා බොහොමයකි... කාලය ගණනයට stop
watch එකක් භාවිතා කළ හැකි වුවත් එහිදී ඇතිවන ප්‍රධානතම ගැටළුව වන්නේ
විනාඩිය ගතවී ඇත්දැයි නැවත නැවත විමසා බැලිය යුතු වීමය... අවධානය බිඳීමට
එය හොඳම හේතුවකි... මෙම මෘදුකාංගය හරහා උත්සහා කර ඇත්තේ එවන් අපහසුතා කිහිපයක් මගහැරවීමටය...
මුලින්ම මෙතනින් එය ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න.
338.49 KB
1. Download මත ක්ලික් කරන්න. 2. මඳක් රැඳී සිටින්න. 3. SKIP AD මත ක්ලික් කරන්න. 4. Download මත ක්ලික් කරන්න.
ඉන් පසු විවෘත කර ගන්න...

දැන්
කියවීම පුහුණු විය යුතු භාෂාවෙන් ඇති ලියවිල්ලක් අතට ගෙන ඔබේ කියවීමේ වේගය
මැන බැලීමට සූදානම් වන්න... මුලින්ම කළ යුත්තේ මෙහි ඇති ලැයිස්තුවේ දැනට
ඇතුළත් කර ඇති දත්ත ඉවත් කර ගැනිමය... ඒවා යොදා ඇත්තේ ඔබට මේ පිළිබඳව යම්
අදහසක් ලබා ගැනීමට පමණි... වම් පස පහළ ඇති ලැයිස්තුවේ ඇති දත්ත පේළියක් මත
ක්ලික් කර බලන්න... එවිට එය සිලෙක්ට් වේ... දැන් Remove බොත්තම මත ක්ලික්
කරන්න... එවිට එය ඉවත් වේ... මෙලෙස දැනට ඇතුළත් කර ඇති දත්ත සියල්ල ඉවත් කර
ගන්න...
දැන් කියවීමට සූදානම් වී Start බොත්තම මත ක්ලික් කරන්න...
නැතිනම් යතුරු පුවරුවේ ස්පේස් බාර් එක හෝ Enter කී එක ඔබන්න... එවිට කාලය
ගණනය ඇරඹේ... ඒ බව කුඩා ශබ්ධයක් මගින් ඔබට දැනුම් දෙයි... මේ නිසා ගණනය
ඇරඹ්මට පරිගණක තිරය දෙස බැලීම අත්‍යාවශ්‍ය නොවේ... පුවත්පත දෙස බලාගෙන වුවද
එය සිදුකළ හැකිය...
හරියටම විනාඩියක් ගතවූ කළ නැවතත් කුඩා ශබ්ධයක්
නගමින් ගණනය නවතී... මේ නිසා කාලය ගතවී අවසන්ද නැද්ද යන්න සොයමින් පරිගණක
තිරය දෙස බැලීමටද ඔබට සිදු නොවේ... ශබ්ධය ඇසුණ සැනින් ඔබේ කියවීම නතර කරන්න...
දැන් කියවු වචන ගණන සළකුණක් තබාගෙන ගණනය කරගන්න...
අද දිනයේ ඔබ විනාඩියකට කියවූ වචන ගණන මෙම මෘදුකාංගයට ඇතුළත් කර තබන්න...
ගණනය අවසන් වූ නිසා කර්සරය ඉබේම වචන ගණන ඇතුළත් කරන කොටුවේ රැඳී ඇති බව ඔබට
දැක ගත හැකිය... කියවූ වචන ගණන පණස් හයක් නම් 56 ලෙස කොටුවේ ටයිප් කර Add
බොත්තම මත ක්ලික් කරන්න... නැතිනම් Enter යතුර ඔබන්න... එවිට දිනය වෙලාවද
සහිතව ඔබගේ අද දින හැකියාව දත්ත සමුදායට එක්වේ... මේ ආකාරයට සෑම දිනකම
මිනිත්තු 15 ක් ලිපියක් කියවීම පුහුණු වීම සඳහාත් තවත් මිනිත්තුවක් ඔබේ ප්‍රගතිය පරික්ෂා කර සටහන් කර තැබීමටත් වැය කළ හැක...ඔබේ ප්‍රගතිය දත්ත සමුදායට දිනපතා එක් කරන නිසා සතියකට පසුව, මසකට පසුව ආදී වශයෙන් ඔබේ සමස්ත ප්‍රගතිය පිළිබඳ දළ අදහසක් ලබා ගැනිමටද මෙය ඔබට උපකාරී වනු ඇත...
මෙම මෘදුකාංගය නිර්මාණය කිරීමේ අදහස, නිර්මාණය කිරීම හා සෙටප් කිරීම මාගේ වුවත් මෙහි මූලික අදහස පළකල
සුසිල් නානායක්කාර මහතාට මාගේ ස්තූතිය හිමිවිය යුතුය... මෙහි ඇති
ගුණාගුණ කමෙන්ට් වශයෙන් මාහට දන්වන්නේ නම් එමගින් මා වඩාත් ධෛර්යමත් වනු
ඇත...
මෘදුකාංග සංවර්ධනය හදාරණ අයට වෙනදා මෙන්ම අදද මෙහි සෝර්ස් කෝඩ් එක ලබා දී ඇති අතර එය මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න...
48 KB 1. Download මත ක්ලික් කරන්න. 2. මඳක් රැඳී සිටින්න. 3. SKIP AD මත ක්ලික් කරන්න. 4. Download මත ක්ලික් කරන්න.
මෙහි දත්ත සමුදායට යන දත්ත ඇසුරින්
අවසානයේ ඔබේ ප්‍රගතිය පෙන්වන ප්‍රස්ථාරයක් ලබා ගත හැකි ආකාරයටත් එය අවශ්‍ය
විටෙක මුද්‍රණය කර ගත හැකි ආකාරයටත් මෙය සංවර්ධනය කළ හැකිය...
සමු ගන්නට පෙර :
| "පිළිකුල් කළ යුත්තේ පාපකරු නොවේ. පාපයයි." මහත්මා ගාන්ධි |
|
සැහෙන්න වටින සොෆ්ට්වෙයා කෑල්ලක් නේ!
ReplyDeleteඑල!
තැන්කූ තැන්කූ මේ පැත්තටත් ඇවිත් ගියාට... ඒ වගේම අගය කිරීමටත්... ආයෙමත් එන්නකෝ එහෙනම්...
Deleteඑල එල.මාත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා මේ දවස් වල.නියමයි.සුනිල් නානායක්කාර කියල සර් කෙනෙක් නුවරත් කරනවා.එයාමද දන්නේ නෑ නේ?
ReplyDeleteබොහොම ස්තූතියි යාලු... එයා නුවරත් ක්ලාස් කරනවද කොහෙදෝ... මං දැක්කා ටියුට් වල ගහලා තියෙනවා... අද ලියලා තියෙන බාසාව කණට ගහනවා වගේද? හැමදාම එක විදිහ නිසා වෙනසක් වෙන්ට එහෙම ලිව්වා... ආයෙමත් එන්නකෝ එහෙනම්...
Deleteසුසිල් නානායක්කාර මහත්මය අනූ ගණන්වල ලංකාවෙ දිස්ත්‍රික්ක ගණනාවක පන්ති කළා. ඒ දවස්වල එයාට රැල්ලක් තිබුණ, එක පන්තියක ළමයි 1000-1500 ක් වත් හිටිය. කොහොම හරි පහුගිය කාලෙ මම හිතන්නෙ ක්ලාස් කිරීම නවත්වල තිබුණද කොහෙද? මේ ඒ සර්මද කියල නම් මම දන්නෑ.
Deleteමම හිතන්නේ ඔය කියන සර්ම තමා...
Deleteනියමයි ඈ.. වඩා වටින්නේ බං අපේ එකෙක් හදපු නිසා.. පාවිච්චි කරලා බලන්නම්කෝ..
ReplyDeleteබොහෝම ස්තූතියි ... එහෙනම් පාවිච්චි කරලා බලලම ගුණදොස් කියන්නකෝ... ආයෙමත් එන්න...
Deleteනියම ප්‍රෝග්‍රෑම් එකක්.. මමත් DOWNLOAD කළා.. ප්‍රෝග්‍රෑම් එකේ ග්‍රැපික් ගතිය පොඩ්ඩක් වැඩි කරන්න. වැඩේ නියමයි... ජයවේවා මචන්.
ReplyDeleteබොහොම ස්තූතියි ලහිරු... මේ මෘදුකාංගයේ තව වැඩිදියුණු කිරීම් කරන්න ඕන... මම කලින් කිව්වා වගේ අවසන් ප්‍රගතියත් ලබාගන්න පුලුවන් විදිහට අලුත් ගුණාංග දාලා මෙනු එකක් එහෙම දාලා සංවර්ධණය කරන්නයි හිතාගෙන ඉන්නේ... ඉන්ටර්ෆේස් එකත් ටිකක් ලස්සණ කරන්න ඕන... මේක ටිකක් හදිස්සියටනේ හැදුවේ... ආයෙමත් එන්නකෝ එහෙනම්...
Delete:)
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්න...
Deleteවටින වැඩක්
ReplyDeletekeep it up!!!
තැන්කූ තැන්කූ... ආයෙමත් එන්ටකෝ එහෙනම්....
Deleteඅළුත් මල්ලි මාරයිනේ. එහෙම තමයි ඉන්න ඕන, තමන්ගෙ අවශ්‍යතාවයට අනුව දන්න දේ පාවිච්චි කරන එක තමයි දක්‍ෂතාවය.
ReplyDeleteමේ ඒක නෙවෙයි මචං, විනාඩියට වචන 240 ක් කියවන කොට S අකුරුයි Z අකුරුයි ඇරෙන්න අනිත්ව ශබ්ද වෙනවද බං. :)
ඔව් DDT... දැන් ගොඩක් රටවල තක්කාලි හිටවන්නත් පාවිච්චි කරන්නේ සොෆ්ට්වෙයාර්ස්... මෘදුකාංග සංවර්ධනය ලේසි විෂයක් වුණාට ලංකාවේ ගොඩක් අය අතරට මේක ගිහින් නෑ වගේ...
Deleteඅනේ මන්දා කොහොමද 240 ක් කියවන්නේ කියලා... මේ කතාව හරියටම මීඩියා ෆීල්ඩ් එකේ කට්ටිය දන්නවා ඇති... මාධ්‍ය ආයතන වලට එහෙම ගන්නේ ඔය වගේ ටෙස්ට් එකක් තියලා වෙන්න ඇති කියලයි මම හිතන්නේ... කාලයක් පුරුදු පුහුණු කළොත් බැරි වෙන එකකුත් නෑ මං හිතන්නේ...
බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිත් අදහසක් දීලා ගියාට... ආයෙමත් එන්නකෝ එහෙනම්...
නියමයිනේ, තෑන්ක් යූ හොදේ :) :) :) :) :)
ReplyDeleteබොහොම ස්තූතියි ඇවිත් අගය කරලා ගියාට... ආයෙමත් එන්නකෝ එහෙනම්....
Deleteනියම වැඩක්
ReplyDeleteතැන්කූ තැන්කූ... ආයෙමත් එන්න මේ පැත්තේ....
Deleteමමත් download කර ගත්තා. පාවිච්චිකරලා කොහොමද කියලා කියන්නම්...
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට... භාවිතා කරලා ගුණාගුණ කියන්නකෝ... ආයෙමත් එන්න...
Deleteඔයාගේ ප්‍රොග්‍රම් එක අනුව මේ කෝඩ් හැදුවේ කරන්න තියෙන්නේ අලුත් TIMER එකකට මේ කෝඩ් ටික දාලා ඉන්ටවල් එක 100 දීලා රන් කරන්න
ReplyDeleteLabel1.ForeColor = &HFF00& * Rnd
List1.ForeColor = &HFF00& * Rnd
බොහොම ස්තූතියි මේ පැත්තටත් ආවට... එහෙම කළාම හරිම ලස්සණයි තමා... එකම පාටකින් තියෙනවට වඩා වර්ණය අහඹු විදිහට වෙනස් කළාම ඒකෙත් අමුතු ලස්සණක් තියෙනවා... මේකේ කෝඩ් එක නම් පිළිවෙලකට නෑ... මම මුලින් පටන් අරන් එන එන විදිහට වැඩිදියුණු කරපු නිසයි එහෙම තියෙන්නේ... මූලික සැලැස්මක් ඇතුව නිර්මාණය කළා නෙවෙයිනේ... ඒකයි ඔබ්ජෙක්ට්ස් වල නම් ඒ විදිහටම තියෙන්නේ...
Deleteගොඩක් ස්තූතියි අලුත් අදහසට... තවත් අදහස් තියෙනවනම් කියන්න... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...
අහ අහ අහා... ඒක පට්ට :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම තැන්කූ බොහොම තැන්කූ ගුණ වර්ණනා කළාට... ආයෙමත් එන්ටකෝ රජෝ...
Deleteඔන්න මමත් ඒක බා ගත්තා.මේකනම් සිරා.Ubuntu වල වැඩ කරයිද.. මට නම් ඕනේ ටයිප් කරන වේගෙ වැඩි කරන එකක්. ඒක දවසකට කොඩ් කීයක්නම් ටයිප් කරන්න ඕනේද...වෙලාවකට හිතෙනවා තව අවුරුදු දහයක් විතර ගියාම ඇඟිළි ටික ගෙවිලා තියේවි කියලා
ReplyDeleteඅනේ ඉතින් මං මේ ප්‍රෝග්‍රැමින් වලට අතගැහුවා විතරයිනේ ලිහිණියෝ... තාම එක වසරේ වගේ... වගේ නෙවෙයි ... එක වසරේම තමා... මේක විස්ඩෝස් වලට නම් දෙයියනේ කියලා වැඩ... උබුන්ටු වලට වැඩ කරවන්න මොනාද කරන්න ඕන කියලා නම් තාම මම දන්නේ නෑ... ප්‍රෝග්‍රැමින් නේද කරන්නේ... කියලා දෙනවකෝ හලෝ...
Deleteටයිප් කරන වේගෙ වැඩි කරන්න අර මොකක්දෝ එකක් තියෙනවා නේද සීපීඩ් ටයිපින්ද කොහෙදෝ කියලා... මං නං ඔන්න ඔහේ අහුවෙන අහුවෙන තාලෙට ටයිප් කරනවා... කියවනකොට ටයිප් වෙන සොෆ්ට්වෙයාර්ස් ඉංග්‍රීසි වලට නම් තියෙනවා මං දන්න විදිහට... ඒත් ඒකෙ නම් නම දන්නේ නෑ... පාවිච්චි කරලත් නෑ... අයෙ ඉතින් අතින් ලියපු කොළයක් ස්කෑන් කරලා ඒක ඉබේ ටයිප් වෙන මෘදුකාංගනම් තියෙනවානේ අර ඕ.සී.ආර් ද මොනාද කියන ඒවා...
හිතනකොට ටයිප් වෙන එකක් තිබුණනම් හරි ලේසියි නේද? ලංකාවේ අපි වත් හදමුකෝ එහෙම එකක්... නැත්නම් මේක මල වදයක් තමා ටයිප් කරන්න ගියාම... ආය ටයිප් කරන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා... ඒ තමයි කව්රු හරි වැඩට ගන්න එක... ඊට පස්සේ තමන්ට හම්බෙන වැටුප එයාට දෙන්න ඕන... අන්තිම ක්‍රමේ හොඳයි වගේ නේද? ආයෙමත් එන්ටකෝ එහෙනම්...
එළ එළ ස්තුතියි.... මේකට..
ReplyDeleteජය වේවා!!
බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ එහෙනම්...
Deleteඑළකිරි සහ මී පැණි වගේ පොස්ටුවක් නේ. අනර්ඝයි.
ReplyDeleteබොහොම ස්තූතියි කෝරලේ මහත්තයෝ... අන්න කුස්සියේ උයපු දඩමස් වගයක් තියෙනවා... ඒකත් එක්ක බත් ඇබින්දක් කාලම යන්ට හිටියනං...
DeleteHikizzzz :D
Deleteඑයා දඩමස් කන කෙනෙක් නෙවෙයි වගේ....
Deleteදඩ මස් කිව්වොත් කොරලයා ඕනේ දෙයක් කොරයි ඕන්................
Deleteහ්ම්ම්.හ්ම්ම්... මම නං ඕවා මොනවගේද කියලාවත් දැකලා නෑ නේ තාම...
Deleteනියමයිනේ..ස්තුතියි ඔබට :)
ReplyDeleteතැන්කූ තැන්කු අගය කිරීමට... ආයෙමත් එන්ටකෝ එහෙනම්...
Deleteමෙහෙම තමයි ඉන්න ඕන..අලුත් දෑ තනන්නා වීරයෙකි..
ReplyDeleteඔබට ජය වේවා..!
තැන්කූ. තැන්කූ... තවම අලුත් දේ තනන්න ඉගෙනගන්නවානේ... ආයෙමත් එන්නකෝ එහෙනම්...
Deleteවැදගත් වැඩක්..භාෂාවන් දෙක තුනක් ඉගෙන ගන්න අසාව මටත් තියනවා..එතකොට අනිවාර්යෙන්ම මේක භාවිතා කරන්නම්..
ReplyDeleteස්තුතියි හොඳේ නොමිලේම දුන්නට..
බොහෝම ස්තූතියි මේ පැත්තටත් ආවට... ඒ වගේම හොඳ කිව්වටත්... ආයෙමත් එන්ටකෝ එහෙනම් මේ පැත්තේ...
Deleteපට්ටම පට්ට සිරා වැඩක් අලුත් බබෝ...මම download කරගෙන මගේ හැකියාවත් පස්සේ කියන්නම්. හැබැයි මට වේගයෙන් කියවන්න, ලියන්න නම් බෑ.චූටි කාලේ ඉඳලම ඩිස්ලෙන්සියා කියලා පොඩි ලෙඩක් තියනවා. නියම software එකක් වෙන්න ඕන.ජය!!!
ReplyDeletedisleksia කියන්නේ මහා ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි කොල්ලෝ... ඉස්සරවෙලා උඹට ලැබිලා තියෙන දේ දිහා බලන්න ඕන... බෑ කිව්වොත් බෑ ම තමා... ඉස්සරවෙලා ජීවිතෙන් බෑ කියන වචනේ අයින් කර ගන්න... කලුතරට වෙලා මම මේ කරන්නේ කරන්න පුලුවන් වැඩක් නෙවෙයි... මට කවද හරි ඕන සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ හොඳ ජොබ් එකකට යන්න... ඒකට කියලා මට මොනාද තියෙන්නේ... මොකුත් නෑ... ඒක ඒහෙමමයි කියලා බෑ කියලා හරියනවද? නෑ නේ? කලුතරට එන්න කලින් මම වැඩ කලේ ප්‍රෙස් එකක... භූමිතෙල් දාලා මැෂින් හෝදන එක... අතුපතුගාලා කුණු අයින් කරන එක... ඕවා තමා... ඒක එහෙමමයි කියලා එකම තැන අපි ජීවත් වෙන්න ඕන නෑ නේ... පුලුවන් දේ උපරිමයෙන් කරන්න ඕන... බැරි නම් පුලුවන් කර ගන්න ට්‍රයි කරන්න ඕන... ඒකයි ජීවිතේ කියන්නේ... නැති දේවල් එක්ක බලනකොට ලැබිලා තියෙන දේවල් වැඩියි කියලා හිතෙයි... ඒ දිහා බලනකොට ජිවිතේ ජය ගන්න ලේසියි කියලා හිතෙයි... ඔබටත් ජයෙන් ජයම වේවා... සුභ දිනක්...
Deleteහා හා මේක නියමයි! මමත් ට්‍රයි කරලා බලන්නෝන! ස්තූතියි සහෝ!
ReplyDeleteතැන්කූ තැන්කූ... නිකම් ඉන්න වෙලාවට පාවිච්චි කරලා බලන්ටකෝ...
Deleteමේක නං හොඳයි තමයි.
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්නකෝ එහෙනම්...
Deleteමම දැක්කා අලුත් මල්ලි මගෙ ඉංගිරිස් බ්ලොග් එකේ (HeyDude) ෆලෝවර් කෙනෙක් වෙලා තියෙනවා. බොහෝම ස්තුතියි.
ReplyDeleteමමත් ඒ ඔස්සෙ මේ හොයාගෙන ආවා ගේ. මාත් මේක දාගෙන බලන්න ඕනෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බලන්ටකෝ හොඳද කියලා... මම අනිත් බ්ලොග් දෙකටත් එන්නම්කෝ... ආයෙමත් එන්න එහෙනම්... ජය වේවා...
Deleteෂඃ මරු නේ මං බාගන්නවා මේ දැන් ඕක :)
ReplyDeleteතැන්කූ තැන්කූ... ආයෙමත් එන්ටකෝ එහෙනම් මේ පැත්තේ...
Deleteඅලුත් මලේ නියම වැඩක් සුබපැතුම් අපෙන්....
ReplyDeleteඅප්පේ නලින් අයියත් ඇවිල්ලා තියෙන්නේ.... බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට...
Deleteඅළුත් මල්ලි. කියවන ඒවාගේ වේගේ වගේ නොවේ කියවන ආකාර දෙකක් තියෙනවා. එකක් තේරුම් ගන්න කියවන්න පුළුවන්. අනික තේරුම් නොගෙන කියවන්න පුළුවන්. මට මේ දෙකම පුළුවන්. හැබැයි ස්පීඩ් වෙන්නේ තේරුමක් නැතිව කියවන එක.
ReplyDeleteකොහොම උනත් මාත් වේගේ මැන ගන්න එක හෙදයි වගේ. ඒක හංදා මාත් ගත්තා.
ඒකනම් ඇත්ත... අපි හයියෙන් කියවනකොට ඒකෙ තියෙන දේවල් ගැන අවධානයක් යොමු කරන්නේ නෑ නේ? එතකොට මොනාවත්ම තේරෙන්නේ නෑ... ඔහේ කියවගෙන කියවගෙන යනවා විතරයි... ශබ්ධ නගා කියවද්දි කට හුරුවෙන්නලු මේ ක්‍රමේ තියෙන්නේ... මොකටත් වේගෙන් කියවලා බලන්ටකෝ... ආයෙමත් එන්න එහෙනම්...
Deleteආයේ ආවේ ඔබතුමාගේ සොෆ්ට් වෙයාර් එක පාවිච්චි කරලා ගුණ දොස් කියන්න. ඒක ඇත්තටම හොදයි. තේරුම් අරන් වේගයෙන් කියෙව්වම සිංහල නම් විනාඩියට 230ක්. ඉංග්‍රිසි නම් කියන්න දෙයක් නෑ. ස්තුතියි නිර්මාණය අපිටත් දුන්නට. දවසක ඔබ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෙක් වේවි.
Deleteහප්පේ... 230 ක් නම් හොඳටම හොඳයිනේ... ලොකුම ලොකු අදහසක් තියෙනවා මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉහලට යන්න... ඒත් ගැටලු කෝටියයි... ඉතින් ගමන හෙමින්... වචනෙකින් හරි උදවු කරනවනම් ඒ ඔබ වගේ බ්ලොග් කියවන අයම තමා... ඒ දිරිගැන්විම් වලට බොහොමත්ම ස්තූතියි...මම කවදහරි යමක් ලබා ගත්තොත් ඒ දේවල් වල ගෞරවය වචනෙකින් හරි උදව් කළ ඔබටත් හිමි වේවි...
Deleteස්තුති වේවා අළුත් මල්ලි.
Deleteමට ෙමක ගන්න බෑ අැයි දන්ෙන් නැ.ෙබෙහවින් ස්තුතියි වැදගත් ලිපියක්
ReplyDeleteඒ කියන්නේ ප්‍රශ්ණේ මොකක්ද කියලා පැහැදිලි නෑ නේ? ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද?
Deletehttp://www.mediafire.com/?cokme6zeaynkr89
Deleteමේ ලින්ක් එකට ගිහින් බලන්න ගන්න පුලුවන්ද කියලා...
ගොඩක් ස්තූතියි අක්කෝ ඇවිත් ගියාට මේ පැත්තේ... ආයෙමත් එන්න...
Deleteමට ලියන්නත් කියවන්නත් ගොඩක් වෙලාව යනවා මල්ලි
ReplyDeleteමටත් සිංහල නම් කියවන්න පුලුවන් ටිකක් වේගෙන්... ඉංග්‍රීසි ඒ තරම් වේගෙන් බෑ... දෙමළ නම් කියවන්නම බැරිද කොහෙදෝ... ඒ නිසා ඉතින් ට්‍රයි කරමු නේද? බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට... ආයෙමත් එන්නකෝ...
Deleteඉදලා හිටලා මේ පැත්තට එනවට සමාවෙයන්... කියවන්න තියෙන බ්ලොග් රාශියක් අතරෙදි එහෙම දේවල් වෙනවා... අලුත් මල්ලි යන විදිය සුභයි... වැදගත් දෙයක් නිතරම ලියන්න උත්සාහ කරන්න... ජය !
ReplyDeleteආ... ඒකට මොකද... මමත් බ්ලොග් කියවන්නේ දවසක් හැර දවසක්... එතකොට සමහර අය ලියන පෝස්ට් මගහැරෙනවා ඇති... ඒත් එක දිගටම මේ වෙනුවෙන් කාලය වෙන් කරන්න කාටවත්ම බෑනේ...
Deleteගොඩක් ස්තූතියි ඇවිත් ගියාට... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...
අදමයි මෙ පැත්තට ආවෙ කොහොමත් මම ඉගෙන ගන්නෙත් මෙ විශය ගැන හින්දම මෙ කොඩින් ටික ගොඩක් වටිනවා.... ස්තුතියි....
ReplyDeleteහම්මෝ යන්තං කෝඩින් කරන තව කෙනෙක් හම්බුනා... මේකේ දාලා තියෙන කෝඩ් එක නං අජූතයි... පිස්සන් කොටුව වගේ... යන්තං වැඩ කරන්න හදපු එකනේ... අනික මට එය ප්ලෑන් කරලා සොෆ්ට්වෙයාර් හැදිල්ල කරන්ට බෑ... වැල යන අතට මැස්ස ගහන එක තමා මගේ තාක්ෂනේ... අලුත් එක මං ඕකට පහලින් දාන්නම් ... ආයෙමත් එන්ටකෝ එහෙනම්...
Deleteඉංගිරීසි නං බෑ...කුණුහබ්බනං විනාඩියට 250 පුලුවං.....එළ....
ReplyDeleteබලහංකෝ ඉතින් මේකා... කමක් නෑ ඉතින් .. නරකයැ පුරුදු වුණොත් ඊළඟ පාර අලුත් අවුරුද්දට තරඟයක් වත් තියන්ට...
Deleteබොහොම ස්තුතියි මේ පැත්තෙත් ආවට... ආයෙමත් එන්ටකෝ එහෙනම්...
අලුත් මල්ලිගෙ අලුත් වැඩ බලන්න අදයි ආවෙ...
ReplyDeleteඅත්හදා බලන්න ඕනි...
අපුරුයි.
බලන්ට බලන්ට... ඔන්න දැන් අලුත් වර්ශන් එකත් හදලා ඉවරයි... ඒකත් දෙන්නම්කෝ ළඟදිම... ආයෙමත් එන්නකෝ එහෙනම්...
Deleteඅලුත් මල්ලි මෙතැන මාර තැනක් නේ ඔන්න අද ඉදන් නොවරදවාම එනවා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
එන්ට එන්ට... මම බලාපොරොත්තුවෙන් ඉන්නවා... මම ඉතින් සමකය වටේ නම් පුලුවන් හැම වෙලාවකම එනවා... ආයෙමත් එන්ට එහෙනම්...
Deleteමමත් ආවේ අදමය.. පෝස්‍ටුව සුපිරිය.. ගැජමැටික් එක අත්හදා බලන්නට ඕනෑය..ගෙහුන් එඤ්ඤංය...!
ReplyDeleteමේ පැත්තට සාදරයෙන් පිළිගන්නවාය... අත්හදා බලා ගුණදොස් පවසනවානම් මට ඒ වගේ සතුටක් තවත් නැතිය... ආවාට ස්තූතිය... ආයෙත් එන්ටය... ජය වේවාය...
Deleteබොහොම හොඳ උත්සාහයක් ....ඒ වගේම මගෙත් ඉංග්‍රිසි ගුරුවරයා වුනේ ඔබේ ගුරුවරයාමයි ..හැබැයි ඒ මීට අවුරුදු විස්සකට ඉස්සර ,
ReplyDeleteකෙසේ වෙතත් මේනිර්මාණය අගයක කරන්නටම ඕන , වෙන රටකින් ලැබෙන ඕන කුණු ගොඩක් ඩවුන්ලෝඩ් කරගෙන , අගෙයි අගෙයි කියනවාට වඩා අපේ දෙයක් ඉස්තරම් .....
තව පුංචි දෙයක් ..මගේ 118 වන පොස්ට් එකේ මේ විදියටම වැදගත් වෙන තවත් මෘදුකාංගයක් සඳහා යෝජනාවක් තිබෙනවා ..මම දන්න විදියට නම් ලෝකේ කොහේවත් ඒ සඳහා සාර්ථක මෘදුකාංගයක් නැහැ ...පුළුවන් වෙලාවක ඇවිත් කියවල මේ විදියටම නිර්මාණයක් කරන්න ...ඒය තව අයෙක්ගේ ජීවිතය සුවපත් කරන්නට හේතු වෙන පින්කමක් වේවි ..
ස්තුතියි
මේ පැත්තටත් ආවට බොහෝම ස්තූතියි... සුසිල් සර් එච්චර කලින් ඉඳන් ඉංග්‍රීසි ඉගැන්නුවද? අහන්නත් සතුටුයිනේ... ගොඩක් ස්තූතියි මෙච්චර චුටි මෘදුකාංගයක් වුණත් ඒක අගය කරපු එක ගැන... මම අදම ඔබතුමාගේ පෝස්ට් එක කියවලා බලන්නම්කෝ... මම නම් තාම ඉගෙනගන්න පටන්ගත්තා විතරයි... ඒත් අදහසක් ගන්න හරි... මගෙත් අනාගත බලාපොරොත්තුව මෙඩිකල් සයිඩ් එකේ සොෆ්ට්වෙයාර්ස් කරන්න. ඒකට තව අවුරුදු 10ක් වත් ඉගෙනගන්න වෙයි... ඒත් කරන්නම ඕන... ආයෙමත් ස්තූතියි ඔබට... සුභ දවසක්...
Deleteඅනාගතේ දක්ෂ සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්න සුභ පතනවා මචෝ
ReplyDeleteගොඩක් ස්තූතියි මචෝ... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ ඇවිත් යන්න... ජය වේවා...
Deleteමමත් අලුතෙන් මොකක් හරි බාසාවක් ඉගෙන ගන්නවා දෙයියනේ .. :D
ReplyDeleteමචං , සොෆ්ට්වෙයා හදන එක නෙමෙයි ගේම තියෙන්නේ අලුතෙන් දෙයක් හිතල හදන එකයි .
ඒ දේ උබට තියෙනවා . ඒ හැකියාව තවත් දියුණු වේවා කියල ප්‍රර්ථනා කරනඅව . තවත් අලුත් දෙයක් අලුත් මල්ලිගෙන් බලාපොරොත්තුවෙන් ඉන්නේ :)
තැන්කූ තැන්කූ... ඇත්ත ඇත්ත... අලුතෙන් දේවල් කල්පනාවට එනවනම් ඒක ගොඩක් හොඳයි තමා... එතකොටනේ නව නිර්මාණ කියන ඒවා බිහි වෙන්නේ... නේද? ආයෙමත් එන්ටකෝ එහෙනම්... බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට....
ReplyDeleteමම මේක අහනවද? නැද්ද? කියලා කල්පනා කර කර හිටියේ.මේ ප්‍රෂ්නේ අහන්නේ කුතුහලයට මිසක් වෙන දේකට නෙමේ,ඒ හින්දා වැරදියට හිතන්න එපා,මේ ලිපි කියවනකොට නම් හිතෙන්නේ අලුත් මල්ලී තරැණ කෙනෙක් කියලා.ඇත්තටම ඹයාගේ වයස කීයද?
ReplyDeleteමම දන්නවා ඇත්ත වයස කියන්නේ නෑ කියලා.
සුසිල් නානායක්කාර මහතා මගෙත් ගුරුවරයෙක්. ඔහුව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද ? ඔහු විසින් නිකුත් කල පොත් නම් සැහෙන්න වටිනවා. ඒවා ලබාගන්න ක්‍රමයකුත් නැද්ද
ReplyDelete