හ්ම්ම් අදත් සොෆ්ට්වෙයාර් එකක්ද? හිතුනා නේද එහෙම? හරි හරි... මං කියනවට විනාඩියක් ඉඳලා බලන්නකෝ... මං ඉතින් වෙන කව්රුවත් හදපු ඒව දෙනවා කියලයැ... මං හදපු එකක්මනේ දෙන්නේ...
කොටින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ සිව්පද කවි පෝස්ට් එකකට ඇතුළත් කරන්න කලින් සිරස් අතටත් තිරස් අතටත් රේඛීයව ආකෘති ගැන්වීම... හ්ම්ම්... මොකක්ද ඒ කතාව?
මෙහෙමයි... ඔන්න ඔයා අළුතෙන් ලියනවා කවි පන්තියක්... කවි දහයක් කියලා හිතන්නකෝ... දැන් ඒවා බ්ලොග් පෝස්ට් එකක් විදිහට බ්ලොග් එකට ඇතුළත් කරන්නයි යන්නේ... ඒත් ඔතනදි ලොකු ගැටළුවකට මූණ දෙන්න වෙනවා... ඒ තමයි කවිය ලිව්වට පස්සේ කවියේ දකුණුපස මායිම සිරස්ව එක තලයකට ගේන්න තියෙන අපහසුව....
පායා එන හිරු අඳුරේ තියා දින ගතවෙනවා
කොයි කොයි මලත් සුවඳට තිබුණත් පරවෙනවා
දිලුනත් කොතරම් සඳ දිනයක අඳුරේ ගිලෙනවා
හමුවෙන අය වෙන් වන ලෝ දම පවතිනවා
බලන්න මේ කවිය දිහා... මේ කවියේ හැම පේළියකම අන්තිමට තියෙන “වා” කියන අකුර උඩ ඉඳන් පහලට හරි කෙලින් තියෙන්න ඕන නේද? ඒත් බ්ලොග් පෝස්ට් එකක කවි ටයිප් කරද්දි කවියේ මැද ගැලපෙන තරමට ස්පේස් තියලා වුණත් දකුණු කෙළවර එක පේළියට ගන්න නම් බෑ... අපි ගාව කවි දහයක් තියෙනවනම් පෝස්ට් එකට දැම්මම කවි දහයේම පේළි වල අන්තිම අකුරු හරි කෙළින් තියෙන්න ඕන හරි විදිහට නම් ... හරියට බිත්තියක කොනක් වගේ... ඒත් ඒ වැඩේ ප්‍රායෝගිකව කරන්න ගියාම විඳින්න වෙන අපහසුතාව මට වැඩිය හොඳට කවි ලියන ඔයාලම දන්නවා ඇති... කවි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න මේ වැරැද්ද තව තවත් හොඳට පේන්න ගන්නවා... ඔන්න ඔය වැරැද්ද ලේසියෙන්ම නිරාකරණය කර ගන්න තමා මේ සොෆ්ට්වෙයාර් එක හැදුවේ...
මෙතන තියන මූලධර්මය හරි සරලයි... අපි කරන්නේ මේ කවිය වගුවකට ඇතුළත් කරන එක... මුලින්ම වගුවක් හදා ගන්නවා තීරු දෙකක් තියෙන... පේළි අවශ්‍ය තරම් හදාගන්නවා... ඒකෙ වම් පැත්තේ තීරුවට කවියේ වම් පැත්තේ පද පේළි ඇතුළත් කරනවා... ඒ වගේම වගුවේ දකුණු පැත්තේ තීරුවට කවියේ දකුණු පැත්තේ පද පේළි ඇතුළත් කරනවා... හරියටම මෙන්න මේ වගේ...

ඔය ප්‍රශ්ණේ මුලින්ම මම දැක්කේ දවසක් අමා අක්කගේ බ්ලොග් එකට ගිය දවසක... ඉතින් මං එතන පොඩි කමෙන්ට් එකක් දාලා ආවා... ඒ කමෙන්ට් එකේ දැම්මෙත් මේ මූලධර්මෙම තමා... හැබැයි වැඩේ ඉවර කරගන්න වෙබ් අඩවි දෙක තුනකට යන්න ඕන... අතින් කෝඩ් මකලා ලියලා ලොකු වැඩ ටිකක් කරන්න ඕන... කවි දහයක් පහලවක් තිබුනොත් නොදන්න කෙනෙක් කෝඩ් අතරේ අතරමං වෙනවා යන එන මං හොයා ගන්න බැරුව... මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවනම් ඔය මොකුත් නෑ... එක පියවරෙන් වැඩේ ඉවරයි... අමා අක්කා මේ පෝස්ට් එක බලනවනම් කියන්නකෝ ඒ ක්‍රමේද මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන එකද වැඩිය ලේසි කියලා...
(මලා.... දැන් ඉතින් කවි ටික අනවසරයෙන් භාවිතා කරා කියලා අමා අක්ක නඩු දායිද දන්නෑ... මොනා කරන්නද ඉතින්... ඒ කවි ටික පී.ඩී.එෆ් එකේ පේනවට... ඕං අපි එහෙම නෑ ඕවට... ඔයාලා ඒකට කවි බලන්ට එපා... තියරි විතරක් බලන්න...)
මුලින් මම හිතුවේ අමා අක්කගේ බ්ලොග් එකට මම කමෙන්ට් එකක් විදිහට දැම්ම තොරතුරු ටික මෙතන ඒ විදිහටම දාන්නම් කියලා... ඒත් ඉතින් ඒකම ආයේ දාන එකේ තේරුමක් නෑ කියලා හිතුණා... ඒ හින්දයි මේක හැදුවේ...
මුලින්ම යන්නකෝ මෙතනට....
(siwpada.blogspot.com)
මේකෙ ඩවුන්ලෝඩ් කරන්න එහෙම මොකුත් නෑ... මෙතනම මේ කියලා තියෙන පිළිවෙලට වැඩේ කරගෙන කරගෙන යන්නයි තියෙන්නේ... ටයිප් කරන්න පටන් ගන්න කලින් පිටුවේ යටම තියෙන New කියන බොත්තම උඩ දෙතුන් පාරක් ක්ලික් කරන්න... එතකොට හිරවෙච්ච පරණ කෝඩ් කෑලි එහෙම තිබුනොත් ඒවා අයින් වෙලා යයි... දැන් කවිය මේකේ ටයිප් කරන්න... දැන් ඉතින් කවිය ටයිප් කරන විදිහ මම කියන්න ඕන නෑනේ... සිව්පදේ විදිහටමයි ටයිප් කරන්න කොටු ටිකත් දීලා තියෙන්නේ...
මේකෙ ටයිප් කරනවට වැඩිය වෙන තැනක කලින් ටයිප් කරලා කොපි කරලා මේකට පේස්ට් කරන එක වැඩිය හොඳයි... නෝට් පෑඩ් එකක වගේ... කොහොම හරි ඔය විදිහට පුරවගන්නකෝ... දැන් පහළ තියෙන Add කියන බොත්තම උඩ ක්ලික් කරන්න... Add උඩ ක්ලික් කරපු ගමන් කවි දාන තැන හිස් වෙනවනේ.... කවි පන්තියේ තව කවි තියෙනවනම් ආයෙත් කලින් වගේම ටයිප් කරලා Add උඩ ක්ලික් කරන්න... ඔය විදිහට කවි ටික ඉවර වෙනකල්ම එකතු කරන්න... මෙතනදි අළුත් කවියක් දාන්න යනකොට පිටුවේ යටම තියෙන New කියන බොත්තම එහෙම ඔබන්න එපා... ඒක ඕන වෙන්නේ වෙනම කවි පන්තියක් ආයෙමත් ටයිප් කරනකොට දැනට තියෙන කෝඩ් අයින් කරලා දාලා ටිකක් රීෆ්‍රෙෂ් වෙන්න...
දැන් වැඩේ තේරුණානේ... Add කියන බොත්තම ක්ලික් කරනකොට කලින් කවියේ කෝඩ් එකට අලුත් කවියේ කෝඩ් එක එකතු වෙනවා... කෝඩ් කතාව ගැන හිතන්න ඕන නෑ... වැඩේ කොහොම හරි වෙනවා... මේ විදිහට කවි ඔක්කොම එකතු කර ගන්නකෝ...
ඊළඟට කරන්න තියෙන්නේ කවියේ පළල සකස් කර ගන්න එක... ඒක දැනට ඔහොමම 425 ම තියන්න... බ්ලොග් එකට කවිය දැම්මම තේරනවා ඒකෙ පළල ඇතිද වැඩිද මදිද කියලා... ඒ අනුව ගැලපෙන අගයක් මේකට දාන්ට පුලුවන්...
ඊට පස්සේ කරන්න තියෙන්නේ Generate code උඩ ක්ලික් කරන එක... දැන් වැඩේ ඉවරයි... එතකොට යට තියෙන කොටුවට කෝඩ් එක ඉබේම හැදිලා එනවා... කරන්න තියෙන්නේ ඒක සිලෙක්ට් කරලා කොපි කරගෙන පෝස්ට් එකට දාන එකයි...
මේ විදිහට අපිට අන්තිමට ලැබෙන්නේ HTML කෝඩ් එකක්නේ... ඉතින් ඒ නිසා ඒක පෝස්ට් එකට දාන්නත් ඕන HTML කෝඩ් එක ඇතුළටමයි... ඒ නිසා කලින් පෝස්ට් එක දාන තැන උඩ තියෙන HTML කියන එක තෝරලාම ඉන්න...
දැන් ඉතින් පබ්ලිෂ් කරලා බලන්නකෝ...
මේ මෘදුකාංගය තමන්ගේ බ්ලොග් එකේ පාවිච්චි නොකරන පිටුවක දාලා තියාගත්තනම් කවි ලියන ලියන ගානේ මේ පැත්තේ එන්න කරදර වෙන්න ඕන නැ නේ නේද? මෙහේ එනවට අකමැත්තෙන් එහෙම නෙවෙයි ඕන්... එන තරමට මම නම් කැමතියි... ඔයාලගේ පහසුවටයි එහෙම කිව්වේ... සී පද බ්ලොග් එකේ තියෙනවා කෝඩ් එක බාගන්න තැනක්.... ඒකෙන් අරන් පෝස්ට් එකක් දාන විදිහටම දාගන්න.... නැත්නම් ඒ පිටුවම සේව් කරගන්න කම්පියුටරේට... මං ඔය යුනිකෝඩ් කී බෝඩ් එකෙන් ඕෆ්ලයින් ටයිප් කරනවා වගේ... වැඩේ ඉවරයි එතකොට...
කවි සැපයීමෙන් මේ පෝස්ට් එක ලියන්න උදව් කළ පියුමි අක්කටත් ගියපාර පෝස්ට් එක බලපු කමෙන්ට් කරපු හැමෝටමත් නැවත වාරයක් ස්තූති කරන්න ඕන.... ඒ වගේම සී පද බ්ලොග් එකේදි එන ගැටලු යෝජනා චෝදනා ඔක්කොම දාන්න... අඩුපාඩු ටික අනිවාර්යයෙන්ම දාන්න.... එතකොට ඒවා වෙනස් කරන්න පුලවන්නේ... එහෙනම් අදට ගිහින් එන්නම්කෝ... සුභ දවසක් හැමෝටම...
සමු ගන්නට පෙර ....
අප කලින් පිබිදුනු පලියට කලින් හිරු පායන්නේ නැත... එහෙත් හිරු පායන්නේ කෙදිනද එදිනට අප කලින් පිබිද සිටීමේ වැදගත්කම දැනෙනු ඇත...
ඔය පාර කවි ලියන කොට කෂ්ටිය පිළිවෙලට වැඩේ කරයි වගේ. මමත් ඔය අර්බුදේට මුහුණ දුන්න ඉස්සර වර්ඩ්වල දි කවි ටයිප් කරද්දි. පස්සෙ තමා ඉගෙනගත්තෙ ටැබ් එකක් ඕන පැත්තට එලයින්මන්ට් කරගන්න හැටි.
ReplyDeleteමාත් ඔය කතාව ඉගෙනගත්තේ ප්‍රින්ටින් ජොබ් එක කරන කාලේ... වර්ඩ් වලත් කවි වගු වල දානවනේ පොත් එහෙම ටයිප් කරද්දි... ඒ අත්දැකීම් තමා ඔය ඉතින්....
Deleteබලමුකෝ බ්ලොග් යාලුවෝ මොකද කියන්නේ කියලා... ආයෙමත් එන්න එහෙනම් මේ පැත්තේ... ජය වේවා...
(y)
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteමේකේ ඔය අත් කකුල් හිනා මූනු වැටෙන්නේ නෑ වගේ... ආයෙමත් එන්නකෝ මේ පැත්තටත්... ජයෙන් ජයම වේවා...
කියෙව්වට ඔලුවට ගියේ නෑ ..ආයිත් පස්සෙ හරියටම කියවන්නම්..1
ReplyDeleteහෑ... මෙච්චර ලොකු ඔලුවක් තිබිලත් ගියේ නැද්ද අප්පේ...
Deleteආයෙම ඇවිත් කියවලා බලන්ටකෝ නිවාඩුපාඩුවේ... කවදා හරි අවශ්‍ය වෙයිනේ නේද?
බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ...
එල
ReplyDeleteටැන්කූ ටැන්කූ මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ එහෙනම්...
Deleteනියමයි මලයා
ReplyDeleteස්තූතියි බෝ...ස්
Deleteඕන වුන වෙලාවක ප්‍රයෝජනයක් ගන්ටකෝ... ස්තූතියි මේ පැත්තටත් ආවට... ආයෙමත් එන්න එහෙනම්...
හරිම වැදගත් සොෆ්ට්වෙයාර් එකක්නේ. මට ඕනෙම කරලා තිබුන ජාතියේ එකක්.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්... සිතූ ලියන කවි තොගේ හැටියටනම් මේ වගේ එකක් ගොඩක් වැදගත් වෙයි තමා... අරන් තියාගන්ටකෝ මොකටත් කියලා...
Deleteආයෙමත් එන්ට එහෙනම්... බොහොම ස්තූතියි මෙහෙට ඇවිත් ගියාට...
නියමයි සහෝ... මමත් ඩවුන්ලෝඩ් කරගත්තා
ReplyDeleteමචන් එ කෝඩ් එක බ්ලොග් එකේ නිවු පේජ් එකකටද දාන්න ඕනි ? නැත්නම් ජාවා ස්ක්‍රිප්ට් එකක විදියටද ?
Deleteබ්ලොග් එකට මාත් දැම්මේ කලින් පෝස්ට් එකක් විදිහට... ඒත් වැඩ කලේ නම් නෑ... ඉතින් අර දාලා තියෙනවා වගේ ඒකටම බ්ලොග් එකක් හදා ගන්න වෙයි මම හිතනනේ... ඊට පස්සේ Layout > Add a Gadget ගිහින් අලුත් ගැජට් එකක් විදිහට දැම්මම වැඩ කරනවා...
Deleteනැත්නම් මේක බාගන්න... ඕෆ්ලයින් ඉදන්ම වැඩේ කරගන්න පුලුවන්...
http://www.mediafire.com/?aqa96xlqpph7jwv
පේජ් එකකටම එකතු කළා වැඩේ නියමයි ජය
Deleteඔබේ උත්සාහයට මගෙන් මල් මිටක්...
ReplyDeleteඅපෙ අම්මේ බර... ඕන් මම මට දුන්න මල් මිට ඔබතුමාටම දෙනවා මේ පැත්තට ඇවිත් ගියාට... ආයෙමත් එන්න එහෙනම්... ඔබට ජය...
Deleteඅන්න මචෝ එලම වැඩක්!!!! මම කවි ලියන්නේ නම් නෑ. ඒත් මොකට හරි ඕන වෙලා පේලි ටික ගානට ගන්න බැරුව හෙන කට්ටක් කෑවා. නියමයි.. දැන් ආයේ ඕන උනු දවසක අවුලක් නෑ මේක තියනවා නේ. හිටහන් මං මේ පොස්ට් එකට Fb වල ෂෙයාර් පාරක් දෙන්නම්.
ReplyDeleteතැන්කූ තැන්කූ මචෝ... කවි ලිව්වේ නැති වුණාට කවි කියවෙන වෙලාවල් එහෙම එනවා නේද... ඔය වෙල් පැන්ටා එහෙම බීපු දවසට...
Deleteහා හා.. ගනන් ගන්ට එපා ඉතින්... පොඩි ජෝක් එකක් කලේ... අවුල් මොනා හරි තියෙවනම් ඒවත් කියන්ටකෝ හදන්ට... ආයෙමත් එන්ට එහෙනම්... ජය වේවා...
හෙහ් හෙහ්.. එතෙකොට නම් ඉතින් කතා කරන්නෙත් තාලෙට නේ..:D
Deleteවැඩේ නම් එල...ඒත් කරන්න ගිහාම ටිකක් ඇඩෙනවා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෙහ් හෙහ්... රජා මොකටද අප්පේ ඕවා කරන්නේ... ඔය වැඩකාර ගෑල්ලමයි කාට හරි කියන්ටකෝ ලියලා දෙන්නේ නැතෑ...
Deleteගොඩක් ස්තූතියි එහෙනම් මේ පැත්තටත් ඇවිත් ගියාට... ඔබටත් ජය...
පිං සිද්ද වෙනවා... මට වටිනවා මේක.. එපා වෙලා හිටියෙ පද ටික හරියට හදාගන්න බැරුව... ස්තූතියි ඔයාට..
ReplyDeleteජය !!
අම්මෝ ශම්මි කිව්වලු... කාටහරි මේකෙන් වැඩක් වෙනවනම් ඒ වගේ සතුටක් තවත් නෑ... ගැටලු මොනා හරි ආවොත් ඒවත් කියන්ටකෝ... ජය වේවා ඔබට... සුභ දවසක්...
Deleteහොඳ උත්සාහයක් මලයා කරලා තියෙන්නේ. කවිපල කරන අයට උදව්වක් වේවී..
ReplyDeleteස්තූතියි ලිහිණි අක්කෝ... ඔයාටනම් මේකේ ඇති දෙයක් නෑ වගේ පේනවද දන්නෑ... හැමදාම කෝඩිං නේ ඔයා කරන්නේ ඉතින්... මං තාම ඉගෙනගන්න එකා නේ... කාට හරි උදව්වක් වෙයිනේ නේද? බොහොම ස්තූතියි මේ පැත්තටත් ආවට... ආයෙම එන්න...
Deleteනියමයි කොල්ලෝ...මරු ඇහ්
ReplyDeleteටැන්කූ ටැන්කූ... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ... ඔබට ජයෙන් ජය...
Deleteඅඩේ එලනේ (Y) නියමයි නියමයි. :) මේ ක්‍රමේ අත්තහදා බලන්න ඕනි. අර ක්‍රමේ ටිකක් දිග වැඩී තමා. කම්න්ට් කරපු ටිකදෙනෙකුත් කියලා තිබ්බා ටිකක් දිගයි කියලා. ආ මාවත් මතක් කරලානේ :) කෑන්ක් යූ ඈ. නෑ නෑ නඩු දාන්නේ නෑ හී හී :D
ReplyDeleteහෑ නඩු දාන්න ඔනි මාව වයසට යැව්වට :/ (ඇත්තටම මම අක්කද?) මෙයා මේ අලුත් මල්ලි කියලා දාගෙන නිසා කට්ටියම මල්ලි කියනවා :D හිකිස්
අලුත් මල්ලිට මම සුබ පතනවා මේ වගේ ප්‍රයෝජනවත් සොෆ්ට් වෙයාර් දිගටම හදන්න ලැබෙන්න කියලා !!!!! :) :) :) :) :)
ඒ වගේම ගොඩාක් ස්තූතියි ඔයාගේ දැනුම මේ විදිහට බෙදාන්න එකට. :) :) :) :) :)
ඔව්නේ... හැමෝම මට මල්ලි කියන නිසා මම හැමෝටම අයිය අක්කා කියනවා... කමක් නෑ ඉතින්... එහෙනම් මම හෙට ඉඳන් අමා ආච්චි කියන්නම්කෝ... එහෙම හොඳයිනේ??
Deleteඒ වගේම මේකෙත් ගැටලු මොනා හරි ආවොත් කියන්ටකෝ...
සුභපැතුමට ගොඩක් ස්තූතියි.. ඒ වගේම මේක කාට හරි ප්‍රයෝජනයක් වුණා නම් හරිම සතුටුයි... ආයෙමත් එන්ට එහෙනම්... ඔබට ජයෙන් ජයම වේවා...
නියමයි සහෝ ඔයා නම් නියම වැඩ්ඩෙක්
ReplyDeleteහපෝ වැඩ්ඩෙක් නම් නෙවේ නේ... පොඩි පොඩි වැඩ ටිකක් කරලා බලනවා... තාම සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකට යන්න හීන බලනවානේ.. ඒවා ඉතින් හැබෑ වෙයිද කියන්න දන්නේ නෑ...
Deleteබොහොම ස්තූතියි මේ පැත්තටත් ආවට... ආයෙමත් එන්ටකෝ... ඔබට ජය...
හරිම දක්ෂයි සහෝ ඔයා..තව තවත් මෙවැනි දේ නිර්මාණය කරන්න හැකියාව ලැබේවා! ජයම වේවා! මටත් හරි වැදගත් මේක.
ReplyDeleteබොහොම ස්තූතියි හිරූ... කාට හරි වැදගත් වුණා නම් ඒක තමා මගෙත් සතුට... ගොඩක් ස්තුතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ... ජය වේවා..
Deleteඅගේ ඇති වැඩක් යාලු.....
ReplyDeleteනියමයි :)
සුබපැතුම් ඔයාට.....
මං මේ කල්පනා කලේ සිත්තරී කියන්නද මං කියන්නද කියලා... සිත්තරී කියමු නේද? මං කියන එක හැමෝම කියනවනේ...
Deleteබොහොම ස්තූතියි අගය කිරිමට... ආයෙමත් එන්න... ජය වේවා...
නියමයි මල්ලි....හොඳ වැඩක්
ReplyDeleteටැන්කූ ටැන්කූ... මේ පැත්තටත් ආවට... ඒ වගේම කමෙන්ට් කරලා මාව දිරිමත් කළාට... ආයෙමත් එන්නකෝ...
Deleteඅඩේ අළුත් මල්ලි සිරා ඈ....
ReplyDeleteඔහොම හිතලා වැඩ කරන මිනිස්සු තමා ලංකාවට ඕනා...
දැනුම තිබ්බට මදි එවුවා ප්‍රැක්ටිකලි මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවං විදිහට දෙන්නැත්තං..
පට්ට!!!!!!!!!!!
දැනුම මොලේ පුරවගත්තත් වැඩක් නං නෑ තමා ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම්... ඒකත් ඇත්ත... ගොඩක් ස්තූතියි ඇගයීමට... ඒ වගේම මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ... ඔබට ජය...
Deleteනියමයි , නියමම වැඩක් :)
ReplyDeleteතැන්කූ තැන්කූ... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ...
Deleteහරිම සරල මෘදුකාංගයක් ! අපි දන්න ෙපාඩි ෙද්යින් උනත් ෙලාකු වැඩක් ගන්න ඔලුව පාවිච්චි ෙකාරන එකෙන වැෙඩ්. ෙහාද ඔලුවක් ! :D
ReplyDeleteඒකනේ කියන්නේ... පොඩි දේලු නොපෙනෙන්නේ...
Deleteස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ එහෙනම්... ඔබට ජය...
මේ ගැනනම් ස්තූති කරන්න ඔයාට වචන නෑ....ගොඩාක් ස්තූතියි මේ කරදරෙන් මමත් පෙලුන කෙනෙක්...වැඩේ හොදද කියල ආයෙ ඇවිත් කියන්නම්
ReplyDeleteඅනිවාර්යයෙන්ම ගුණදොස් කියන්ටකෝ ආයෙම ඇවිත්... අඩුපාඩු කිව්වොත් තමා තව ටිකක් සංවර්ධණය කරන්න පුලුවන්... මොකෝ මම හිටියට කවි ලියන්න දන්නේ නෑ නේ... නේද?
Deleteබොහොම ස්තූතියි මේ පැත්තටත් ආවට එහෙනම්... ආයෙමත් එන්ටකෝ එහෙනම්... ඔබට ජය...
නියමයි මලේ මම කවි ලියන්නේ නැති උනත් ලියන අය ඔයාට පින් දෙවි මේ කරලා තියෙන වැඩේට. නියමයි Keep it up :)
ReplyDeleteආ කෝරලේ මහත්තයෝ... කොහොමද ඉතින්... බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කරාට හොඳේ... ආයෙමත් එන්ටකෝ එහෙනම්... ජය වේවා ඔබට...
Deleteඒකත් නරක නෑ බලාගෙන ගියාම. :D
ReplyDeleteඒකනේ නේද? එන්ටකෝ ආයෙමත් මේ පැත්තේ.... ජය වේවා එහෙනම්.... සුභ දවසක්...
Deleteඅලුත් මල්ලි නියමයිනෙ...
ReplyDeleteමමත් කවි ලියන්නෙ නම් නෑ.. ඒත් ලියන අයට ගොඩක් වැදගත් වෙයි..
හැබෑව හැබෑව... කාට හරි ප්‍රයෝජනයක් වෙනවනම් ඒකම මදෑ නේද? ආයේමත් එන්ටකෝ එහෙනම්... ජය වේවා...
Deleteකවි නම් ලියන්න දන්නෙ නෑ මල්ලියෙ හැබැයි ලියන ඇවුන්ට නම් මල් හතයි
ReplyDeleteඔන්න ඔහේ දන්න විදිහට ලියමුකෝ... හිටගෙන කවි හරි කමක්නෑ...
Deleteතැන්කූ තැන්කූ මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ එහෙනම්...
කවි නං ලියන්න නොදනිමි. ඒත් sowtware එක එලටම වටිනවා කස්ටියට. අහිංසකයා වගේ පාඩුවේ පැත්තකට වෙලා හිටියට අළුත් මල්ලි(අයියත්) හෙන වැඩ්ඩා නේ? අද තමා ඕං වෙලාවක් හම්බුනේ මේ පැත්ත්ට ඇවිත් යන්න. Bookmark එකකුත් දාගත්තා හොඳේ.
ReplyDeleteඉදිරි දිවියට සුභ පතනව අයියා. ජයෙන් ජය!
හෙන වැඩ්ඩෙක් නම් නෙවෙයි... ඔන්න ඔහේ දන්න ටික හූරලාම පාවිච්චි කරනවා... ඇත්තටම ගත්තොත් මහා ලොකු දෙයක් දන්නේ නෑ මල්ලි...
Deleteබොහෝම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... වෙලාවක් තියෙන වෙලාවට ඇවිත් යන්ටකෝ මේ පැත්තේ... ඔබට ජය...
අලුත් මල්ලි සිරා වැඩ කාරයෙක් නේ..මේකනම් වටිනවා තමයි. බලමුකෝ ඊ ළඟ පාර.
ReplyDeleteටැන්කූ ටැන්කූ සයුරි අක්කෝ... පාවිච්චි කරලා කියන්ටකෝ ගුණ දොස් එහෙම... ආයෙමත් එන්න එහෙනම්... සුභ දවසක්...
Deleteකවි ලියන අයට පට්ට වැදගත් වෙයි
ReplyDeleteකවි ලියන්න පුළුවන් උන දවසක පාවිච්චි කරනවා :)
නුදුරු අනාගතයේම කවි ලියන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා...
Deleteබොහෝම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ...
අඩා.. නියමයි ඈ.මරු මරු..හැබැයි ඉතින් මාත් කවි ලියන්නේ නෑ.
ReplyDeleteලියමු ලියමු පුරුදු වෙන්නත් එක්ක දේශපාලන කවියක් හරි... නේද?
Deleteබොහෝම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... එන්ටකෝ ආයෙමත් මේ පැත්තේ ... ජය වේවා...
නියමයි. ඔයා කෝඩ් කරන්නේ මොන බාසාවෙන්ද? මට නම් කවි ලියන්න බැරි නිසා වැඩක් වේවිද මන්දා, හැබැයි ඔයාගේ උත්සහය ගැන ගොඩක් සතුටුයි!
ReplyDelete@ලහිරු
ReplyDeleteනානාප්‍රකාර භාෂා වලින් කෝඩිං කරනව මචෝ... මේක නම් ජාවා ස්ක්‍රිප්ට් එකක්... මේකේ ටෙම්ප්ලේට් එක දැන් මාරු කලේ... ඒ නිසා ටිකක් මඤ්ඤං වගේ ඇති... ගණන් ගන්ට එපා...
ආයෙමත් එන්ටකෝ එහෙනම්... ජය වේවා...
විශිෂ්ඨයි සර්.... මට ලොකු වැඩක් නම් නෑ, කවි ලිවිල්ල අතෑරලා දැන් ගොඩක් කල් හින්දා.
ReplyDeleteඒත් තව තවත් වෙනස් විදියකට හිතලා අලුත් නිර්මාණ කරන්න.... මේ බ්ලොග් ලෝකෙ අපි සිංහල බ්ලොගර්ලට ඕනි කරන විජිට්, ගැජට්, ඇයි බ්ලොග් වලට නැති වෙනින් දේවල්? සොෆ්ට්?? කොයි තරම් තියෙනවද? හදන්න. මම කියන්නෙ නෑ ලේසියි කියලා. ඒත් පිට රට උන් පස්සෙම ඔය වගේ දේවල් හොයාගෙන යන අපිට ඔයා ලොකු හයියක්. දිගටම සොෆ්ට් හදන්න(හදලා නොමිලේ දෙන්න).
@spider the DETECTIVE
ReplyDeleteඇත්ත ඇත්ත... හදනවනම් හදන්න දේවල් බොහොමයි... තාම මේ ඉගෙනගන්නවනේ... හෙමීට කරමු අපි ඒවත් නේද?
ඇත්තටම ඇයි කවි ලියවිල්ල අත්හැරියේ... මට නම් කවි ලියවෙන්නේ නෑ... ඒකට ඉතින් හැකියාවකුත් තියෙන්න ඕනනේ...මට නැත්තේ ඒක...
බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් මාව දිරිමත් කළාට... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ... ඔබට ජය...
මට තෙරේන්නේ නැ අනේ එක.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
@ Gayani Wedage
ReplyDeleteකවි ලියපු දවසක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්ටකෝ... එතකොට චුට්ටක් තේරේවිනේ...
මට නං තේරෙන්නේ නැත්තේ කවි ලියන්න...
බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ... ජය වේවා...
@Dude
ReplyDeleteකවි ලියන එකනේ මටත් කරන්න බැරිම දේ... ටැන්කූ ටැන්කූ මේ පැත්තේ ඇවිත් ගියාට.... ආයෙමත් එන්ටකෝ... ජය වේවා ඔබට...
මම නම් කවි ලියන්න දන්නේ නෑ....ඒත් නියම වැඩක් මේක....කවි ලියන අයට ප්‍රයෝජනවත් වේවි.... :)
ReplyDelete@සමනළී
ReplyDeleteබොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට... මම හිතන්නේ මේ පළවෙනි වතාවද කොහෙදෝ මේ පැත්තට ආව... අගය කිරීමටත් ස්තූතියි... ජය වේවා ඔබට... ආයෙමත් එන්න...
ඩුඩ් ගේ ලින්ක් එකක් හරහා ආවේ. මේක නම් වටිනවා. මුනුපොතේ මේක පාවිච්චි කරන්න පුලුවන්ද?
ReplyDelete@Alexander Cage
ReplyDeleteගොඩක් ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... මගේ වැඩිය ෆේස්බුක් පාවිච්චියක් නැති නිසා ඒකට නම් හරිම උත්තරයක් දෙන්ට මම දන්නෑ මචෝ... පොඩ්ඩක් ට්‍රයි කරලාම බලන්ටකෝ... ආයෙමත් එන්න එහෙනම්... ජය වේවා...
අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී කිව්වලුනේ . ඔබේ මේ අලුත් වැඩේට මගේ සතුට .
ReplyDeleteමන්තුමි ඉතින් ඔය වගේ දේවල්වලට කම්මැලියි. හැබැයි පිළිවෙලට වැඩ කරන අයට මේක බොහොම වැදගත් වෙයි . මට වුනත් දවසක් එයි සමහර විට මෙය උවමනා වෙන , .බොහොම ස්තුතියි දැනුම මෙවැනි දේට යොදවනවට අලුත් මල්ලි .
@Bindi
ReplyDeleteබින්දි අක්කා කන්ඩත් කම්මැලිද මන්දා... මම නං මොනාට කම්මැලි වුණත් ඒකට නම් කම්මැලි නෑ...
උවමනා වුණ දවසක පාවිච්චි කරලා බලන්ටකෝ...
බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ට එහෙනම්... ජය වේවා ඔබට...
උඹත් මාර දේවල් තමයි හොයාගන්නේ. එල එල...!!
ReplyDelete@Sarath Chandrasiri
ReplyDeleteටැන්කූ ටැන්කූ මේ පැත්තටත් ඇවිත් ගියාට... එන්ටකෝ ආයෙමත්... ජය වේවා...
අළුත් ඇඳුමකුත් ඇඳල තියෙන්නෙ, අර උඩ රිප්ලයි තිබිච්ච තැන්නම් වෙනස්වෙල වගේ නේද?
ReplyDeleteමොකද මේ දවස්වල සද්ද වහල. ලියන්නෙ නැත්ද?
@DDT
ReplyDeleteඅළුත් ඇඳුම ඇන්දුවට පස්සේ වෙච්ච කලබැගෑනිය තමා ඔය... කමෙන්ට්ස් ඔක්කොම කලවම් වෙලා... අළුත් එකක් ලියන්ට ඕන හෙට අනිද්දාම... පොඩි වෙලාව ප්‍රශ්ණයක් ආවා... ඒකයි බැරි වුණේ... බොහොම ස්තූතියි අපි ගැන හොයලා බලන එකට... ඉක්මනටම දාන්නම්කෝ පෝස්ට් එකක්... ජය වේවා කිව්වා එහෙනම්... ආයෙමත් එන්න...
හොඳ වැඩක්. මම නම් තාම කවි ලියල නෑ. ඒත් ලියන අයට ගොඩක් වැදගත් වේවි.
ReplyDelete@~Víðõõ~
ReplyDeleteහහ්... මේ අර ගණන්කාරයා නේද? බොහොම ටැන්කූ බොහොම ටැන්කූ මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ... ජය වේවා කිව්වා එහෙනම්...
ටිකක් කල්ගියා මට මේ පැත්තෙ එන්න...මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක් වටිනව අලුත් මල්ලි. ඊලඟ සැරේ කවි ලියද්දි මේ විදිහට කරල බලන්න ඕන:)
ReplyDelete@Chams
ReplyDeleteආ... ඒකට කමක් නෑ... පමා වෙලා හෝ ආව එකනේ වැදගත්...
මේක පාවිච්චි කරලාම කියන්ටකෝ ගුණඅගුණ මොනාද කියලා... බොහොම ස්තූතියි එහෙනම් මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ... ජය වේවා...
නියමයි නියමයි මමත් අදමයි මේ පැත්තට ආවේ ...
ReplyDelete@Sanjaya සිතුවිලි
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා අළුත් යාළුවාව... බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ...
කොමෙන්ට් එක යටින්ම reply button එකකුත් දාගත්ත නම් වැඩේ ලස්සනයිනේ .... මෙන්න මේක පොඩ්ඩක් බලන්න http://www.sanjaya-ranasinghe.com/2011/10/comment-reply-button.html
ReplyDeleteඅලුත් මල්ලිගෙ අලුත් වැඩය මං වගේ අයටත් හරියට ප්‍රයෝජනවත්..ඉතින් මම කරල බැලුව..හරි ගියා වැඩේ නම්..මම ඉතින් වැඩිය මේ දන්නෙ නැති නිසා අහන්නෙ...ෆොන්ට් එක ඒකෙ ටිකක් ලොකු කරගන්නෙ කොහොමද...HTML විදියට දැම්මහම....
ReplyDeleteහුගක් ස්තුතියි මේ වැඩේට...ඇත්තටම පිළිවෙලට ලස්සනට කවි ටික දාන්න පුලුවන්....
ආහ් හරි...ඒකත් කරගත්ත...බොහොම ස්තුතියි මල්ලි...
ReplyDeleteකෝ ........................
ReplyDeleteමලයා වැඩේ හොදයි. ඔබට සුභ අනාගතයක්. හැබැයි රජෝ මම නං කරන්නේ වර්ඩි එකේ ටේබල් එකක ගහල ගෙනැල්ල අලවන එක. මට ඒක පහසුයි.
ReplyDelete@ දිනිති දීපිකා
ReplyDeleteබොහෝම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් වැඩේ අගය කරලත් ගියාට... ෆොන්ට් වල සයිස් එක නම් ලොකු කර ගන්න වෙන්නේ පෝස්ට් එකට දැම්මම පස්සේ තමා අක්කේ... මේකට එහෙම බොත්තමක් දාන්න බැරි වුණානේ... ආයෙමත් එන්ටකෝ එහෙනම්...ජය වේවා....
@DDT
ReplyDeleteමේ ඉන්නවෝ...
@දේශකයා
ReplyDeleteඒකත් හොඳයි තමා... මොකක් හරි ලේසි ක්‍රමයක් පාවිච්චි කරමු ඉතින් නේද? ආයෙමත් එන්ටකෝ එහෙනම්.... බොහෝම ස්තූතියි මේ පැත්තටත් ආවට...
අඩෙ පටිට බාණ්ඩයක් නොවැ බොම ස්තුතියි ඇ
ReplyDeleteබොහොම ස්තුතියි..
ReplyDeleteලස්සනයි හොදේ
ReplyDeleteඅගය කල යුතු වැඩක්. මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. අදහස සරල වුණාට බොහොම ප්‍රයෝජනවත් වැඩක් කරලා තියෙන්නේ. ස්තූතියි. මෙතනට එන්න පාර කිව්වේ http://chandanadm.blogspot.com/2014/02/bimmal-hathu-kawi.html
ReplyDeleteපට්ට මචං..බොහොම ස්තුතියි!!!
ReplyDelete