Wednesday, October 17, 2012

[8] සී පද ...

ඉතින් කොහොමද යාළුවනේ... අදත් මේ දෙන්න යන්නේ බ්ලොග් ලියන හැමෝටම එකවගේ වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක්...

හ්ම්ම් අදත් සොෆ්ට්වෙයාර් එකක්ද? හිතුනා නේද එහෙම? හරි හරි... මං කියනවට විනාඩියක් ඉඳලා බලන්නකෝ... මං ඉතින් වෙන කව්රුවත් හදපු ඒව දෙනවා කියලයැ... මං හදපු එකක්මනේ දෙන්නේ...


කොටින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ සිව්පද කවි පෝස්ට් එකකට ඇතුළත් කරන්න කලින් සිරස් අතටත් තිරස් අතටත් රේඛීයව ආකෘති ගැන්වීම...  හ්ම්ම්... මොකක්ද ඒ කතාව? 



කතාව කියන්න කලින් කියන්න දෙයක් තියෙනවා... මම කෝඩ් ලියන්න දැනගෙන හිටියට කවි ලියන්න දන්නේ නෑ නේ... ඒත් ඉතින් කවි නැතුව මේ පෝස්ට් එක ලියන්න බෑ නේ... ඉතින් මම පියුමි අක්කට කිව්ව විතරයි කවි දෙකක්ම එවලා තිබුනා... මුලින්ම ස්තූති කරන්න ඕන කවි ලබා දිලා පෝස්ට් එක ලියන්න මට කරපු උදව්වට ...  දැන් යමු කතාවට... 

මෙහෙමයි... ඔන්න ඔයා අළුතෙන් ලියනවා කවි පන්තියක්... කවි දහයක් කියලා හිතන්නකෝ... දැන් ඒවා බ්ලොග් පෝස්ට් එකක් විදිහට බ්ලොග් එකට ඇතුළත් කරන්නයි යන්නේ... ඒත් ඔතනදි ලොකු ගැටළුවකට මූණ දෙන්න වෙනවා... ඒ තමයි කවිය ලිව්වට පස්සේ කවියේ දකුණුපස මායිම සිරස්ව එක තලයකට ගේන්න තියෙන අපහසුව....  


පායා එන හිරු අඳුරේ තියා දින            ගතවෙනවා
කොයි කොයි මලත් සුවඳට තිබුණත්    පරවෙනවා
දිලුනත් කොතරම් සඳ දිනයක අඳුරේ     ගිලෙනවා
හමුවෙන අය වෙන් වන ලෝ දම           පවතිනවා


බලන්න මේ කවිය දිහා... මේ කවියේ හැම පේළියකම අන්තිමට තියෙන “වා” කියන අකුර උඩ ඉඳන් පහලට හරි කෙලින් තියෙන්න ඕන නේද? ඒත් බ්ලොග් පෝස්ට් එකක කවි ටයිප් කරද්දි කවියේ  මැද ගැලපෙන තරමට ස්පේස් තියලා වුණත් දකුණු කෙළවර එක පේළියට ගන්න නම් බෑ... අපි ගාව කවි දහයක් තියෙනවනම් පෝස්ට් එකට දැම්මම කවි දහයේම පේළි වල අන්තිම අකුරු හරි කෙළින් තියෙන්න ඕන හරි විදිහට නම් ...  හරියට බිත්තියක කොනක් වගේ... ඒත් ඒ වැඩේ ප්‍රායෝගිකව කරන්න ගියාම විඳින්න වෙන අපහසුතාව මට වැඩිය හොඳට කවි ලියන ඔයාලම දන්නවා ඇති... කවි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න මේ වැරැද්ද තව තවත් හොඳට පේන්න ගන්නවා... ඔන්න ඔය වැරැද්ද ලේසියෙන්ම නිරාකරණය කර ගන්න තමා මේ සොෆ්ට්වෙයාර් එක හැදුවේ...

මෙතන තියන මූලධර්මය හරි සරලයි... අපි කරන්නේ මේ කවිය වගුවකට ඇතුළත් කරන එක... මුලින්ම වගුවක් හදා ගන්නවා තීරු දෙකක් තියෙන... පේළි අවශ්‍ය තරම් හදාගන්නවා... ඒකෙ වම් පැත්තේ තීරුවට කවියේ වම් පැත්තේ පද පේළි ඇතුළත් කරනවා... ඒ වගේම වගුවේ දකුණු පැත්තේ තීරුවට කවියේ දකුණු පැත්තේ පද පේළි ඇතුළත් කරනවා... හරියටම මෙන්න මේ වගේ... 



අපි කරන්න ඕන අනිත් දේ තමා වම් තිරුවේ පද වම් පැත්තටත් දකුණු තිරුවේ පද දකුණු පැත්තටත් බර වෙන විදිහට වගුවේ alignment  එක සකස් කරන එක... අන්තිමට වගුවේ ඉරි ටික මකලා දානවා... ඒත් ඇතුළේ වගුව තියෙනවා... ඒ නිසා කවි ටික හරි ගානට එක පේළියට ලස්සණට තියෙනවා...

ඔය ප්‍රශ්ණේ මුලින්ම මම දැක්කේ දවසක් අමා අක්කගේ බ්ලොග් එකට ගිය දවසක... ඉතින් මං එතන පොඩි කමෙන්ට් එකක් දාලා ආවා... ඒ කමෙන්ට් එකේ දැම්මෙත් මේ මූලධර්මෙම තමා... හැබැයි වැඩේ ඉවර කරගන්න වෙබ් අඩවි දෙක තුනකට යන්න ඕන... අතින් කෝඩ් මකලා ලියලා ලොකු වැඩ ටිකක් කරන්න ඕන... කවි දහයක් පහලවක් තිබුනොත් නොදන්න කෙනෙක් කෝඩ් අතරේ අතරමං වෙනවා යන එන මං හොයා ගන්න බැරුව... මේ  සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවනම් ඔය මොකුත් නෑ... එක පියවරෙන් වැඩේ ඉවරයි... අමා අක්කා මේ පෝස්ට් එක බලනවනම් කියන්නකෝ ඒ ක්‍රමේද මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන එකද වැඩිය ලේසි කියලා... 


මෙන්න ඒ ක්‍රමේ...

(මලා.... දැන් ඉතින් කවි ටික අනවසරයෙන් භාවිතා කරා කියලා අමා අක්ක නඩු දායිද දන්නෑ... ොනා කරන්නද ඉතින්... ඒ කවි ටික පී.ඩී.එෆ් එේනවට... ඕං අපි එහෙම නෑ ඕවට... ඔයාලා ඒකට කවි බලන්ට එපා... තියරි විතරක් බලන්න...)
 
මුලින් මම හිතුවේ අමා අක්කගේ බ්ලොග් එකට මම කමෙන්ට් එකක් විදිහට දැම්ම තොරතුරු ටික මෙතන ඒ විදිහටම දාන්නම් කියලා... ඒත් ඉතින් ඒකම ආයේ දාන එකේ තේරුමක් නෑ කියලා හිතුණා... ඒ හින්දයි මේක හැදුවේ...


මුලින්ම යන්නකෝ මෙතනට....

 ... සී පද ... (siwpada.blogspot.com)
 
මේකෙ ඩවුන්ලෝඩ් කරන්න එහෙම මොකුත් නෑ... මෙතනම මේ කියලා තියෙන පිළිවෙලට වැඩේ  කරගෙන කරගෙන යන්නයි තියෙන්නේ...  ටයිප් කරන්න පටන් ගන්න කලින් පිටුවේ යටම තියෙන New
කියන බොත්තම උඩ දෙතුන් පාරක් ක්ලික් කරන්න... එතකොට හිරවෙච්ච පරණ කෝඩ් කෑලි එහෙම තිබුනොත් ඒවා අයින් වෙලා යයි... දැන් කවිය මේකේ ටයිප් කරන්න... දැන් ඉතින් කවිය ටයිප් කරන විදිහ මම කියන්න ඕන නෑනේ... සිව්පදේ විදිහටමයි ටයිප් කරන්න කොටු ටිකත් දීලා තියෙන්නේ...



මේකෙ ටයිප් කරනවට වැඩිය වෙන තැනක කලින් ටයිප් කරලා කොපි කරලා මේකට පේස්ට් කරන එක වැඩිය හොඳයි...  නෝට් පෑඩ් එකක වගේ... කොහොම හරි ඔය විදිහට පුරවගන්නකෝ... දැන් පහළ තියෙන Add කියන බොත්තම උඩ ක්ලික් කරන්න...  Add උඩ ක්ලික් කරපු ගමන් කවි දාන තැන හිස් වෙනවේ.... කවි පන්තිේ තව කවි තියෙනවනම් යෙත් කලින් වේම ටයිප් කරලා Add උඩ ක්ලික් කරන්න... ඔය විදිහට කවි ටික ඉවර වෙනකල්ම එකතු කරන්න...  මෙතනදි අළුත් කවියක් දාන්න යනකොට පිටුවේ යටම තියෙන New කියන බොත්තම එහෙම ඔබන්න එපා... ඒක ඕන වෙන්නේ වෙනම කවි පන්තියක් ආයෙමත් ටයිප් කරනකොට දැනට තියෙන කෝඩ් අයින් කරලා දාලා ටිකක් රීෆ්‍රෙෂ් වෙන්න...

දැන් වැඩේ තේරුණානේ...
Add   කියන බොත්තම ක්ලික් කරනකොට කලින් කවියේ කෝඩ් එකට අලුත් කවියේ කෝඩ් එක එකතු වෙනවා... කෝඩ් කතාව ගැන හිතන්න ඕන නෑ... වැඩේ කොහොම හරි වෙනවා... මේ විදිහට කවි ඔක්කොම එකතු කර ගන්නකෝ...

ඊළඟට කරන්න තියෙන්නේ කවියේ පළල සකස් කර ගන්න එක... ඒක දැනට ඔහොමම 425 ම තියන්න... බ්ලොග් එකට කවිය දැම්මම තේරනවා ඒකෙ පළල ඇතිද වැඩිද මදිද කියලා... ඒ අනුව ගැලපෙන අගයක් මේකට දාන්ට පුලුවන්...

ඊට පස්සේ කරන්න තියෙන්නේ
Generate code උඩ ක්ලික් කරන එක... දැන් වැඩේ ඉවරයි... එතකොට යට තියෙන කොටුවට කෝඩ් එක ඉබේම හැදිලා එනවා... කරන්න තියෙන්නේ ඒක සිලෙක්ට් කරලා කොපි කරගෙන පෝස්ට් එකට දාන එකයි... 




මේ විදිහට අපිට අන්තිමට ලැබෙන්නේ HTML කෝඩ් එකක්නේ... ඉතින් ඒ නිසා ඒක පෝස්ට් එකට දාන්නත් ඕන HTML කෝඩ් එක ඇතුළටමයි... ඒ නිසා කලින්  පෝස්ට් එක දාන තැන උඩ තියෙන HTML කියන එක තෝරලාම ඉන්න... 

දැන් ඉතින් පබ්ලිෂ් කරලා බලන්නකෝ...

මේ මෘදුකාංගය තමන්ගේ බ්ලොග් එකේ පාවිච්චි නොකරන පිටුවක දාලා තියාගත්තනම් කවි ලියන ලියන ගානේ මේ පැත්තේ එන්න කරදර වෙන්න ඕන නැ නේ නේද? මෙහේ එනවට අකමැත්තෙන් එහෙම නෙවෙයි ඕන්... එන තරමට මම නම් කැමතියි... ඔයාලගේ පහසුවටයි එහෙම කිව්වේ... සී පද බ්ලොග් එකේ
තියෙනවා කෝඩ් එක බාගන්න තැනක්.... ඒකෙන් අරන් පෝස්ට් එකක් දාන විදිහටම දාගන්න....  නැත්නම් ඒ පිටුවම සේව් කරගන්න කම්පියුටරේට... මං ඔය යුනිකෝඩ් කී බෝඩ් එකෙන් ඕෆ්ලයින් ටයිප් කරනවා වගේ... වැඩේ ඉවරයි එතකොට...

කවි සැපයීමෙන් ෝස්ට් එක ලියන්න උදව් කළ පියුමි අක්කටත් ගියපාර ෝස්ට් එක බලපු කමෙන්ට් කරපු හැෝටමත් නැවත වාරයක් ස්තූති කරන්න ඕන.... ඒ වේම සී පද බ්ොග් එේදි එන ගැටලු ෝජනා ෝදනා ඔක්ොම දාන්න... අඩුපාඩු ටික අනිවාර්යයෙන්ම දාන්න.... එතොට ඒවා වෙනස් කරන්න පුලවන්ේ...
එහෙනම් අදට ගිහින් එන්නම්කෝ... සුභ දවසක් හැමෝටම...
 

සමු ගන්නට පෙර ....
අප කලින් පිබිදුනු පලියට කලින් හිරු පායන්නේ නැත... එහෙත් හිරු පායන්නේ කෙදිනද එදිනට අප කලින් පිබිද සිටීමේ වැදගත්කම දැනෙනු ඇත... 


Monday, October 15, 2012

[7] අත් නොහළ සිහිනය...

විශේෂ ස්තූතිය :
bbc.co.uk
guardian.co.uk
io9.com
sport.uk.msn.com
supersport.com
telegraph.co.uk

ඉතින් කොහොමද යාළුවනේ අළුත් තොරතුරු එහෙම...  ටික දවසකට පස්සේ නේද? මුලින්ම අපේ සදාදර සොයුරු පුබුදු මල්ලීට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා... කවදාවත් ඇහෙන් දැකලා නැති වුණත් ඔහු අපිත් එක්කම බ්ලොග් ලියපු අපේම බ්ලොග් යාළුවෙක්... ලබන මතු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා කියන එක තමා මුලු හදින්ම අපේ පැතුම.

වෙනදා වගේම මුලින්ම කරන වැඩේ කරලා ඉන්න ඕන නේ පෝස්ට් එක ලියන්න කලින්. ඒ තමා ස්තූති කථාව පවත්වන එක. අද ස්තූති කරන්න නම් කට්ටිය ගොඩයි... මම ලාංකිය එකට ඇප්ලිකේෂන් එකක් දැම්මනේ... ඉතින් ඒකට ගන්න ඡන්දෙදි මගේ බ්ලොග් එකටත් ගොඩක් කට්ටිය ඡන්දේ දාලා තිබුණා... ඉතින් ඒ හැමෝටම ස්තූති කරන්න ඕන...  ආය ස්තූති කරන්න ඕන පියුමි අක්කට... පියුමි අක්කා තමා මේ බ්ලොග් එක ඉස්සරහට ගෙනියන්න ඕන හැමදේම ටොකු ඇන ඇන කියලා දෙන්නේ... ඊළඟට ස්තූති කරන්න ඕන ගියපාර පෝස්ට් එකට කමෙන්ට් කරපු ඒ වගේම ඒ පෝස්ට් එක කියවපු හැමෝටම... තාම ලිව්වේ පෝස්ට් 7යි... ඒවත් තාක්ෂණික පැත්තට බර ඒවා... ඒත් ගොඩක් අය ඇවිත් කමෙන්ට් කරලා ගිහින් තිබුන නිසා ගොඩක් සතුටු හිතුණා...

ඔන්න දැන් අපි යමු අපේ අද පෝස්ට් එකට...

ඔස්කාර් පිස්ටෝරියස්... අහලා තියෙනවද මේ නම... 




අහලා නැතත් මූණ හරි දැකලා ඇතිනේ... ඔස්කාර් කියන්නේ හැම දේටම නෑ බෑ කියන අයට අභියෝගයක් කරපු විශිෂ්ඨ පුද්ගලයෙක් කිව්වොත් මම හරි... පොඩ්ඩක් බලන්නකෝ මේ රූපේ දිහා... දැකකම දුක හිතෙනවා... එයාගේ දණහිසෙන් පහල කකුල් දෙකම නෑ නේද?



හැබැයි මේ ඉන්නේ තවත් එක ආබාධිත පුද්ගලයෙක් නෙවෙයි. අති දක්ෂ මලල ක්‍රීඩකයෙක්, රගර් ක්‍රීඩකයෙක් වගේම දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක් කියලා කිව්වොත් ඒ දේ ඇත්තක් කියලා හිතාගන්නත් බෑ නේද? මේ තරම් ශාරීරික ආබාධයක් තියාගෙනත් ඔස්කාර් කොහොමද මේ දේවල් කරන්නේ? ඒ හැමදේම පිටිපස්සේ තියෙන්නේ ඔහුගේ අපිරිමිත ධෛර්යය. තමන්ගේ හැකියාව පිළිබඳව ඔහු තුළ තියෙන විශ්වාසය. ඒ වගේම දැඩි කැපවිම. විශේෂයෙන් සිහින අත් නොහැරීම...

ඔස්කාර් මේ ආබාධිත තත්වෙට පත් වුණේ ළදරු වියේදීමයි... ඔහුට උපතින්ම  දෙපා වල ඇටමිදුළු අහිමි විමේ රෝගයක් තිබුනා... ඔහුගේ වයස අවුරුද්ද පිරෙන්නත් කලියෙන්ම ඔහුගේ දෙපා සැත්කමක් මගින් ඉවත් කරන්න වෛද්‍යවරුන් තීරණය කරා...  මේ සැත්කම නිසා ඔහුට තම දෙපා අහිමි වුණා... එතකොට ඔහුට වයස මාස 11 ක් විතර ඇති...

ඔස්කාර් පාසල් ගියේ ජොහැනස්බර්ග් නුවර ප්‍රිටෝරියා විදුහලට. ඔස්කාර්ගේ ජිවිතේ වෙනස්ම මාර්ගයකට හැරවුණේ මේ පාසලේදි... ඔහුට වයස අවුරුදු 11 වෙනකොට ඔස්කාර් පාසලේ රගර් කණ්ඩායමටත් ඇතුළත් වෙලා හිටියා... ඊට අමතරව ටෙනිස්, ජල ක්‍රීඩා කියන දෙකටම ඔස්කාර් දක්ෂයෙක්... ඒ විතරක් නෙවෙයි... ඔස්කාර් ඉගෙනගන්නත් බොහොම දක්ෂයි... පාසල් කාලය අවසානයේ ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණ ඔස්කාර් එම විශ්ව විද්‍යාලයෙන් වාණිජ්‍ය උපාධියත් ලබා ගත්තා... 




ඔස්කාර් ලෝක වාර්තා තියන්න පටන්ගත්තේ 2004 දි. 2004 දි ඇතන්ස් නුවර තිබුන පැරා ඔලිම්පික් තරඟාවලියේදි මිටර් 200 ඉසව්ව නියෝජනය කරපු ඔස්කාර් තරඟය තත්පර 21.97 කින් අවසන් කරලා ලෝක වාර්තාවක් තිබ්බා... ඒ තරඟය තිබුනේ ආබාධ සහිත වූවන් අතර. ඔස්කාර්ගේ ඊළඟ අරමුණ වුනේ සාමාන්‍ය ක්‍රීඩකයන් සමග තරඟ කරලා වාර්තාවක් තියන එක... මේ තියෙන්නේ ඔස්කාර් ඒ සිහිනය සැබෑ කර ගත්ත හැටි...

වර්ෂය = 2005
තරඟ ඉසව්ව = මීටර් 400
නිමා කළ කාලය = තත්පර 47.34
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2005
තරඟය = පැරා ඔලිම්පික්
තරඟ ඉසව්ව = මීටර් 100
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2005
තරඟය = පැරා ඔලිම්පික්
තරඟ ඉසව්ව = මීටර් 200
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 400
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 200
ජයග්‍රහණය = රන් පදක්කම
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 100
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2007
තරඟය = දකුණු අප්‍රිකාවේ පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 400
කාලය = තත්පර 46.56
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2007
තරඟය = ජොහැන්සන්බර්ග් හි පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 100
කාලය = තත්පර 10.91
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2007
තරඟය = ජොහැන්සන්බර්ග් හි පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 200
කාලය = තත්පර 21.58
වාර්තාව = ලෝක වාර්තාව




හ්ම්ම්... දැක්ක නේද දක්ෂයාගේ හපන්කම්? මොකක්ද මේ ඔස්කාර්ගේ ඊළඟ ඉලක්කය? ඒ සාමාන්‍ය ක්‍රීඩකයන් එක්ක ඔලිම්පික් තරඟාවලියට සහභාගී වෙන එක...

ඒ 2008 දී... මතකද ඔලිම්පික් තරඟය තිබුනේ චීනයේ බීජිං වල නේ... මේ තරඟාවලියට සහභාගී වෙන්න ඉල්ලුම් කරපු පිරිස අතරේ ඔස්කාරුත් හිටියා... මේක දැකපු ජගත් මලල ක්‍රීඩා සම්මේලනය විකාර ප්‍රශ්ණයක් මතු කළා... ඒ තමයි ඔස්කාර්ගේ කෘතීම දෙපා වලින් පුංචි හරි වාසියක් ඔස්කාර්ට තරඟ දිනද්දි ලැබෙනවද කියන එක... මේ පාද නිමවලා තිබුනේ කාබන් මිශ්‍රිත ෆයිබර් වර්ගයකින්... මේ වෙලාවේ කරන්න ඕන ඒකෙන් ලැබෙන වාසි අවාසි බල බල ඉන්න එකද, නැත්නම් මේ විශිෂ්ඨයට අවස්ථාවක් ලබා දෙන එකද කියලා ඔයාලම කියන්න බලන්න... 




ඒ වනකොට බොරු කකුල් වල වාසි අවාසි ගැන මේ සම්මේලනයේ නීති ලියවෙලා තිබුනේ නෑ... ඒ නිසා ඔස්කාර්ට තරඟයට ප්‍රවේශ වෙන්න ගැටළුවක් ඇත්තටම තිබුනේ නෑ... ඒත් ඔස්කාර්ගේ පැමිණීමත් එක්ක හැමෝම මේ ගැන කතාවෙන්න පටන් ගත්තා... කාගේ වුණත් තීරණය වුනේ ඔස්කාර්ට අවස්ථාව ලබා දිය යුතුයි කියන එක... ඒත් ජගත් මලල ක්‍රීඩා සම්මේලනය මේ වෙලාවෙදි ඔස්කාර්ට එරෙහි වුණා... ඔවුන්ගේ නිගමනය වුණේ ඔස්කාර් යන යන තැන දිනන්නේ එයාගේ මේ බොරු කකුල් දෙක නිසා කියලා... ඒක එහෙම වෙන්න පුළුවන්ද? 



කොහොම වුණත් මේ සිද්ධිය මුලට දාලා ජගත් මලල ක්‍රීඩා සම්මේලනය තිබුන නීති රීති සංශෝධනය කළා... අළුත් නීති වලින් කියවුනේ “අතිරේක වේගයක් සඳහා උපකාරී විය හැකි කිසිදු තාක්ෂණික උපකරණයක් භාවිතා කිරිමට කිසිදු ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා නොදෙන බව”...  “කිසිදු ක්‍රීඩකයෙකු” කියන වචන පෙළ අතරේ ඔස්කාරුත් හිටිය නිසා ඔස්කාර්ට මේ තරඟාවලියට සහභාගී වීම තහනම් වුණා...

ඒ වෙලාවේ ඔස්කාර්ට මොනවා හිතෙන්න ඇත්ද?

මෙතරම් බාධක ජය අරගෙන ඔලිම්පික් දක්වා ආපු ඔස්කාර් මේ හීනය අතහරින්න කීයටවත් එකඟ වුණේ නෑ... ඔහුට මෙතනදි කරන්න දෙයක් තිබුනේ නැති වුණත් ඒ වෙනුවෙන් ලොකු හඬක් නගන්න, මේ නොලැබීම ලැබීමක් කර ගන්න එදා හිතා ගත්තා... OLYMPIC DREAM සංයුක්ත තැටිය එළිදැක්වුණේ එහි ප්‍රතිඵලයක් විදිහට... ඒ වර්ෂ 2008 දිම ඉතාලියේදි... OLYMPIC DREAM, RUN BOY RUN වගේ සින්දු වල ඔස්කාර්ගේ දුක හොඳින්ම ලියවෙලා තියෙනවා...

මේ වෙනුවෙන් ඔස්කාර් කරපු ඊළඟ අරගලයට ඉතාලියේ ක්‍රීඩා මාධ්‍යවේදී ශියානෝ මාලෝත් එක්වුණා... ඔස්කාර් මාලෝ සමග ස්වයං චරිතාපදානයක් ඉතාලි බසින් එළිදැක්වුවා... ඒ තමයි DREAM RUNNER. 




මේ පොතම පස්සේ කාලෙක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණේ BLADE RUNNER කියන නමින්... 2008 අවුරුද්දේදී ටයිම් සඟරාව නම්කරපු “2008 TIME 100” කියන විශිෂ්ඨයන් 100 අතරින් තුන්වෙනි ස්ථානය ලබා ගත්ේ ඔස්කාර්... 
අන්තිමේදි ඔස්කාර්ට තමන්ගේ හීනය හැබෑ කරගන්න අවස්ථාව ලැබුනා... ඔස්කාර්ගේ කෘතීම පාද නිසා විශේෂ අනුබලයක් තරඟ දිනන්න ලැබෙන්නේ නෑ කියලා ක්‍රීඩා සඳහා වන උසාවිය තීරණය කළා... සමහරවිට ඔස්කාර් ජගත් මලල ක්‍රීඩා සම්මේලනය කියපු දේ පිළිඅරගෙන නිහඬව හිටියා නම් ඔහුට මේ දේ නොලැබී යන්න තිබුන ඉඩකඩ බොහොම වැඩියි... 



ඔස්කාර්ගෙන් ඔබට මට ලංකාවේ ලෝකේ හැමෝටම ගන්න තියෙන ආදර්ශය මොකක්ද? ඔහුගේ ගමනේ ආරම්භය හා අවසානය අතර මේ තියෙන විශාල පරතරය පිටිපස්සේ, ඔහු ලබා ගත්ත මේ අති විශිෂ්ඨ ජයග්‍රහණ පිටිපස්සේ තියෙන එකම රහස මොකක්ද? ඒ තමා සිහිනය අත් නොහැරීම...

ඔබත් මමත් හීන දකිනවා... ඒත් ටික දවසක් ගියාම ඒ හීනය පැත්තකට දාලා අළුත් හීනයක් එක්ක ජීවත් වෙනවා... මේ හීන අත්හැරීමත් එක්ක කවදාවත් ජයග්‍රහනයක් කරා යන්න පුළුවන්ද? බෑ... ඔස්කාර් දැක්ක එකම එක හීනේ තුළ ඔහු ජිවත් වුණා... මොනම හේතුවක් නිසාවත් ඒ හීනේ අත්හරින්න ඔහු ලෑස්ති වුණේ නෑ... ඔහු හැබෑවටම ජය ගත්තා...




මේ දේ ඔබටත් අදාළයි... මේ දැන්ම ඔබේ සිහිනය පසුපස එළවන්න පටන් ගන්න...

සිහින අත් නොහරින්න...

(මෙහි ඇති සියල්ල මාගේ දැනුම පරිදිය... එහි සංශෝධන වෙතොත් කරුණාකර ඒවා නිවැරදි කිරීමට සහය දෙන්න... ස්තූතියි...)

සමුගන්නට පෙර...

 |        ඔබට ජය ගත හැකිය.... ඔව්. ඔබ ජය ගත යුතුය...      |