ඔන්න යාළුවනේ අද අළුත් මල්ලි ඔයාලට දෙන්න යන්නේ අළුත් මල්ලිම හදපු කාට
කාටත් වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් වෙන්නේ අපි මේකට
ඇතුළත් කරන මෘදුකාංග ලැයිස්තුව වින්ඩෝස් විවෘත වෙනකොට ඒ කියන්නේ පරිගණකය ඔන්
කරනවාත් එක්කම ස්වයංක්‍රීයව විවෘත වෙන එක.
මෙන්න මෙහෙම හිතන්නකෝ... කෙනෙක් ඉන්නවා වෙබ්
ඩිසයින් කරන. ඉතින් එයා හැමදාම උදේට
වැඩට ඇවිල්ලා කම්පියුටර් එක ඔන් කරලා විනාඩි කීපයකට පස්සේ ෆයර්ෆොක්ස් ඕපන් කරනවා. ඊළඟට Core FTP ඕපන් කරනවා. ඊටත් පස්සේ Dreamveawer ඕපන් කරනවා. එහෙම නැතුව ටයිප්සෙටින් කරන කෙනෙක් නම් වර්ඩ්
ඕපන් කරනවා. ඊළඟට Pagemaker ඕපන් කරනවා.
ඔය දේ දවස ගානේ කරන්න ඕනනේ. ඉතින් මේ මෘදුකාංගයේ
තියෙන ලැයිස්තුවට විවෘත වෙන්න ඕන කරන මෘදුකාංග
ටික ඇතුළත් කරාම කරන්න තියෙන්නේ උදේට ඇවිල්ලා කම්පියුටර් එක ඔන් කරන එක
විතරයි. විනාඩි 5 කින් බැලුවම අපිට ඕනකරන
මෘදුකාංග ටික විවෘත වෙලා තියෙනවා. පස්සේ දවසක එපා හිතුනොත්
අයින් කරන්නත් පුළුවන්.
මුලින්ම මෙතන ක්ලික් කරලා මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
279.38KB
1. Download මත ක්ලික් කරන්න.
2. මඳක් රැඳී සිටින්න.
3. SKIP AD මත ක්ලික් කරන්න.
4. Download මත ක්ලික් කරන්න.
දැන් සෙටප් එක රන් කරලා ඉන්ස්ටෝල් කර ගන්න. ඒ කියන්නේ RUN_AT_STARTUP_SETUP.exe උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට ඒක ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ Start > All Programs >
RUN_AT_STARTUP >
RUN_AT_STARTUP මාර්ගය හරහා “ස්වයංක්‍රීය ධාවකය” විවෘත කර ගන්න. මම දැනට Notepad, Calculator කියන මෘදුකාංග දෙක
ලැයිස්තුවට ඇතුළත් කරලා තියෙන නිසා මෙතනදි ඒවා ඉබේම විවෘත වෙන්න ඕන. අපිට ලැයිස්තුව වෙනස් කරන්න අවශ්‍ය නම් විවෘත වෙන තත්පර 10 ඇතුළත Eidt බොත්තම උඩ ක්ලික් කරන්න
ඕන.1. Download මත ක්ලික් කරන්න.
2. මඳක් රැඳී සිටින්න.
3. SKIP AD මත ක්ලික් කරන්න.
4. Download මත ක්ලික් කරන්න.
දැන් ඉහල තියෙන කොටුවට අපිට විවෘත කරගන්න ඕනකරන මෘදුකාංගයේ සම්පූර්ණ පාත්එක
ඇතුළත් කරලා Add to list බොත්තම ඔබන්න. එතකොට ඒක ලැයිස්තුවට එකතු වෙනවා.
අපිට රන් කරවන්න අවශ්‍ය මෘදුකාංගයක පාත්එක හොයාගන්න හරිම ලේසියි. සාමාන්‍යයෙන් Start menu එකේ හරි Desktop එකේ හරි තියෙන්නේ ඒ මෘදුකාංගයට යොමු වුණ Shortcuts නේ. මේ Shortcut එකක් උඩ රයිට් ක්ලික් කරලා ලැබෙන මෙනුවෙන් Properties තේරුවාම මෘදුකාංගයේ තොරතුරු ඇතුළත් වින්ඩෝවක් විවෘත වෙනවා හරියටම මෙන්න මේ වගේ .

ඒකෙ Target කියන කොටුවේ තියන්නේ අපිට
අවශ්‍ය කරන පාත් එක. ඒක කොපි කරලා “ස්වයංක්‍රීය ධාවකයට” පේස්ට් කරාම හරි. හැබැයි ඒ පාත් එකේ දෙපැත්තේ තියෙන “ ” ලකුණු ඉවත් කරලයි
ලැයිස්තුවට ඇතුළත් කරන්න ඕන.
මේ ලැයිස්තුවට වින්ඩෝස් එක්කම ලැබෙන මෘදුකාංගයක් ඇතුළත් කරනවානම් සම්පූර්ණ
පාත්එක අවශ්‍ය වෙන්නේ නෑ. එතනට අදාළ මෘදුකාංගයේ නම
විතරක් ඇතුළත් කළාම ඇති.
කැල්ක්‍යුලේටරය = calc
නෝට්පෑඩ් එක = notepad
වින්ඩෝස් මීඩියා ප්ලේයරය = wmplayer


ලැයිස්තුවෙන් මෘදුකාංගයක් ඉවත් කරන්න ඕන නම් ඒ උඩ ක්ලික් කරලා Remove බොත්තම උඩ ක්ලික් කරන්න. මේ විදිහට අපිට ඕන
ලැයිස්තුව පිළියෙල කර ගන්න ඕන.
ලැයිස්තුව පිළියෙළ කරලා ඉවර වෙලා Ok බොත්තම උඩ ක්ලික් කරන්න. එතකොට අපි එකතු කරපු මෘදුකාංග ලැයිස්තුව එකින් එක විවෘත වෙනවා දකින්න
පුළුවන් දැන් ඔන්න වැඩේ හරි. දැන් කම්පියුටරේ රී ස්ටාර්ට් කළා නම් හරියටම බලාගන්න පුළුවන් ගැටළුවක්
නැතුව වැඩසටහන රන් වෙනවද කියලා.
වින්ඩෝස් ආරම්භ වෙනකොටම “ස්වයංක්‍රීය ධාවකය” විවෘත වෙන නිසා මේකට අඩු
මෘදුකාංග ගණනක් ඇතුළත් කරන එක කෝකටත් හොඳයි. නෝට්පෑඩ් වගේ කුඩා
මෘදුකාංග නම් හත අටක් දැම්මත් ගැටළුවක් නෑ. ඒත් වර්ඩ් ෆොටෝෂොප් වගේ
බරින් වැඩි මෘදුකාංග නම් දෙක තුනකට වඩා දාන්නම එපා. අපිට ඕන නම් ඉන්ටර්නෙට්
එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත වෝල්පේපර් චේන්ජර් එකක්, කුරුල්ලෝ පියාඹන හිම
වැටෙන සෙල්ලම් මෘදුකාංග වගේ බර අඩු මෘදුකාංග කීපයක් “ස්වයංක්‍රීය ධාවකය” ට ඇතුළත් කරලා තියන්න
පුළුවන්.
පහලින් මේ දාලා තියෙන්නේ මෘදුකාංග කීපයක පාත් වගයක්. ඒවා ඉතින් එක එක්කෙනා ඉන්ස්ටෝල් කරන විදිහ අනුව වෙනස් වෙනවා. මේ දිහා බලලා පොඩි අදහසක්
ගන්නයි මේ ටික දාන්නේ.
C:\Program
Files\Mozilla Firefox\firefox.exe
C:\Program
Files\Adobe\Photoshop 7.0\Photoshop.exe
C:\Program
Files\MADHURA Dictionary\MADHURA.exe
C:\Program
Files\Macromedia\Dreamweaver MX\Dreamweaver.exe
C:\Program
Files\InterVideo\DVD7\WinDVD.exe
C:\Program Files\Microsoft
Office\Office12\WINWORD.EXE
C:\Program Files\Microsoft
Office\Office12\EXCEL.EXE
C:\Program Files\Microsoft
Office\Office12\OUTLOOK.EXE
wmplayer
notepad
calc
cmd
එහෙනම් යාළුවනේ මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා බලලා මොනාහරි
ප්‍රශ්ණ තියෙනවානම් ඒවා කමෙන්ට් විදිහට දාන්න. වැඩ කරන්නේ නැත්නම් හරි
එරර් මැසේජස් එනවනම් හරි ඒවත් දාන්න. මගේ හදාගන්න අඩුපාඩු
තියෙනවානම් ඒ හැම එකක්ම දාන්න. හොඳට වැඩ කළානම් ඒ බවත්
අනිවාර්යයෙන්ම කියන්න. එතකොටනේ නේද තවත් පෝස්ට්
එකක් දාන්න හිතෙන්නේ.
වෙනදා වගේම මෘදුකාංග සංවර්ධනය කරන ආධුනිකයන්ට ඕන වෙයි කියලා හිතෙන නිසා සෝර්ස්
කෝඩ් එකත් දානවා. ඒක මෙතනින් ඩවුන්ලෝඩ්
කරගන්න පුළුවන්.
12.54 KB
1. Download මත ක්ලික් කරන්න.
2. මඳක් රැඳී සිටින්න.
3. SKIP AD මත ක්ලික් කරන්න.
4. Download මත ක්ලික් කරන්න.
එහෙමනම් අදට සමුගන්නවා...
ආයෙමත් එන්නම්කෝ අළුත් දෙයක් අරගෙන... 1. Download මත ක්ලික් කරන්න.
2. මඳක් රැඳී සිටින්න.
3. SKIP AD මත ක්ලික් කරන්න.
4. Download මත ක්ලික් කරන්න.
ශා! අපූරු වැඩක් යාලු..........
ReplyDeleteතැන්කූ තැන්කූ ඇවිත් ගියාට...
Deleteනරකමත් නෑ. ඔයාට මේ වගේ දෙයක් අත්හදා බලන්න ඉස්සෙල්ලම අදහසක් ඇති වුනේ කොහොමද?, මෘදුකාංග එකින් එක ලෝඩ් කරන්න තියෙන කම්මැලි කමම විතරක් වෙන්න බෑ.
ReplyDeleteදැන් ඔය අපි ඇතුල් කරන ලිස්ට් එකේ තියෙන ඇප්ලිකේෂන් එකකට පස්සෙ එකක් ඕපන් වෙන්නෙද හදල තියෙන්නෙ, එහෙම නැතුව ඒ ඔක්කොම එක්වරම ඕපන් වෙන්න ට්‍රයි කරනවද? මට නිතරම ඕන වෙන්නෙ පොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, කොරල්ඩ්‍රෝ, වර්ඩ් වගේ ඒව, මම නම් බොහෝවිට හැම එකකම අළුත්ම සංස්කරණ තමා යූස් කරන්නෙ, ඒව තරමක් ලොකු ෆයිල් නිසා එක්වරම ඕපන් වෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවනේ.
මේ පැත්තේ ඇවිල්ලා ගියාට ගොඩක් ස්තූතියි. මෙහෙම මෘදුකාංග නම් තියෙනවද දන්නෑ.. ඒත් මේ ක්‍රමේ නම් මැනුවලි මම මගේ ලැප්ටොප් එකේ කරගෙන තිබුනා මීට කලින්. ඒ කියන්නේ රෙජිස්ට්‍රි එඩිටින් කියලා ඔය ඉන්ටර්නෙට් එකේ ඕන තරම් විස්තර තියෙන ක්‍රමයට. ඒත් මේ මෘදුකාංගය නම් පෝස්ට් එක වෙනුවෙන් මයි හැදුවේ.
Deleteමෙහෙමයි.දැනට මේ මෘදුකාංගය වෙනුවෙන් තත්පර 10 ක් වෙන් කරලා තියනවා. ඊට අමතරව අපි ලිස්ට් එකට ඇතුළත් කරන හැම මෘදුකාංගයකටම තත්පර 10 ගානේ එකතු වෙනවා.ඒ කියන්නේ මුලින්ම මේ මෘදුකාංගය විවෘත වෙලා තත්පර 10 කින් ලැයිස්තුවේ පළමු මෘදුකාංගය විවෘත වෙනවා. තවත් තත්පර 10 කට පස්සේ දෙවනි එක.එතකොට ලැයිස්තුවේ මෘදුකාංග 6 ක් තියෙනවා නම් තත්පර 70 ක් යනවා ඔක්කොම විවෘත වෙන්න.
ඒත් ෆොටෝෂොප් වගේ ඒවා නම් විවෘත වෙන්න ගොඩක් වෙලා ගන්න නිසා ලැයිස්තුවේ මුලට ඇතුළත් කලොත් දෙවනි තුන්වෙනි ඒවා විවෘත වෙලා ඉවර වෙනකල් වත් ෆොටෝෂොප් විවෘත වෙලා ඉවර වෙන්නේ නෑ නේ. එතකොට ඒක එකපාර මෘදුකාංග 2ක් විවෘත වීමක් වෙනවා.
ඒ නිසා ප්‍රශ්නෙට උත්තරේ විදිහට මේවගෙන් එකක් කරන්න පුළුවන්.
මුලින්ම මේ මෘදුකාංගය ඔයාගේ කම්පියුටරේට ගැටළුවක් නැතුව වැඩ කරනවද බලන්න. වැඩ කරනවනම්
1. සැහැල්ලු මෘදුකාංග ලැයිස්තුවේ මුලට දාලා බර වැඩි මෘදුකාංග ලැයිස්තුවේ අවසානයට වෙන්න දාන්න.
2. එහෙම නැත්නම් මේකේ සෝර්ස් කෝඩ් එක මම දීලා තියෙනවා. පුළුවන්නම් ඩිලේ එක වැඩිකරලා හදලා ආයෙමත් සෙටප් එක හදාගන්න. හැබැයි එහෙම කරනවනම් සෙටප් එක හදනකොට රෙජිස්ට්රි එඩිටර් එකේ වෙන්න ඕන වෙනස්කමුත් දෙන්න ඕන. නැත්නම් වින්ඩෝස් එක්ක ඕපන් වෙන්නේ නෑ නේ. එහෙමත් නැත්නම් මෘදුකාංගය හදලා මැනුවලි ඉන්ස්ටෝල් කර ගන්න.
3. එහෙමත් නැත්නම් මේ දීලා තියෙන එක හොඳට වැඩද බලලා මේකෙ කමෙන්ට් එකක් දාන්න.ඒත් එකකම ඔයාට මෘදුකාංග 2 ක් අතරේ තියෙන්න ඕන වේලා පරතරයත් දාන්න. මම මේක එඩිට් කරලා සෙටප් කරලා අප්ලෝඩ් කරලා ඉවර වෙලා මෙතන ලින්ක් එකක් දාන්නම් ඩවුන්ලෝඩ් කර ගන්න.
මම හැම දෙයක්ම නම් දන්නෑ. ඒත් මේක කරද්දි ප්‍රශ්ණ මොනාහරි ආවනම් අහන්න. දන්න දෙයක් නම් කියලා දෙන්නම්.දන්නැත්නම් මෘදුකාංග ඉන්ජිනේරු බ්ලොග්කරුවො ඉන්නේ. අපේ බිඟුවා වගේ අය. අහලා දැනගන්ට බැරියැ. නේද? ආයෙමත් එන්නකෝ එහෙනම්...
ජස්ට් වන් ක්ලික්.... :) හොඳයි ඒත් ඉතිං කරන්න කම්මැලිනෙ? මොකෝ කරන්නෙ?
ReplyDeleteඅනේ අම්මපල් මෙහෙමත් කම්මැලියෙක් මං ඔය දැක්කමයි... පොඩි විහිලුවක් කලේ... ආයෙමත් එන්න එහෙනම්... ස්තූතියි ආවට....
Deleteප්‍රයෝජනවත් දේවල් ඔයා අතින් ලියවෙනවා...දිගටම ලියන්න..ජය.!
ReplyDeleteතැන්කූ.. තැන්කූ... දිගටම මේ වගේ පෝස්ට් ලියන්න උත්සහා කරනවා...ආයෙමත් එන්නකෝ එහෙනම්...
Deleteමුලින්ම කියන්න ඕනි ගොඩක් සතුටුයි මට මේ වගේ දෙයක් කරන එක ගැන.
ReplyDeleteඅපිට මෘදුකාංග ගොඩක් ඕපන් කරගන්න ඕනි නම් ඒක වෙන්නේ එකවැරමද? com එකට මොකුත් අවුලක් වෙන්නෙත් නෑ නේද?
මේ පැත්තටත් ආවට ගොඩක් ස්තූතියි.... එකපාර නෙවෙයි...තත්පර 10 කට වරක් එක ගානේ ඕපන් වෙන්නේ... මෘදුකාංග ගොඩක් දාන්න එපා... පොඩ්ඩක් දාන්න... එතකොට ප්‍රශ්ණයක් නෑ...
Deleteමාත් ආවා අළුත් මල්ලිලැ දිහාවේ.ඔබ ගොඩාක් කියවලා ටිකක් ලියන කෙනෙක් වගේ.
ReplyDeleteතාක්ෂනේ ගැන මුකුත් දන්නේ නැතත් අත්දැකිම් ගොඩකින් බ්ලොග් කරණය ගැන දන්නනේ නැතත් නරකද බ්ලොග් කියවනයක දෙකක සහය ලබා ගත්තා නම්. අනික අර උණ කොළ ටික කියවන එකට පොඩි බාධාවක්..සුබ පතනවා ඔබට! වටිනා බ්ලොග් එකක හිමිකරුවා වෙන්න ලැබෙන්න කියලා
මගේ ක්මෙන්ට් එකට යටින් ආයේ ලියන්න උනේ ඔබගේ කලින් ලිපිය බැළුවේ පස්සේ නිසා. මම අදයි මේ පැත්තේ ආවේ.ඒත් කලින් ආ අය කියනවා උණ කොළ ටික හොදයි කියලා. එහෙනම් ඔන්න එහේ තිබුණාවේ. මට කොහොමත් පේනවා අඩුයි නේ. ඒකයි කොළ තියෙන හරියේ අකුරු කියවන්න බැරි වෙන්න ඇත්තේ. ඔබට සුබ ගමන්!
Deleteගොඩක් ස්තූතියි මේ පැත්තටත් ඇවිල්ලා ගියාට... උණ කොළ ටික ටිකක් ප්‍රශ්ණයක් තමයි... කළුපාට අකුරු ඒ කොළ උඩ තියෙනකොට පේනවා අඩුයි... ඒත් කමෙන්ට් දාපු අය කියලා තිබ්බා ඒක ලස්සණයි කියලා... ඒ නිසා ඔහොමම තියලා තිබ්බා... කාලයක් ගියාම ඒකාකාරිත්වය අඩු වෙන්නත් එක්ක බැක්ග්‍රවුන් එක වෙනස් කරන්නයි හිතාගෙන ඉන්නේ...
Deleteඅළුත් වැඩ ටිකක් කරන්න ඕන... ඒත් කාලය තමා ප්‍රශ්ණෙකට තියෙන්නේ... ආයෙමත් එන්නකෝ එහෙනම් නිදහස තියෙන වෙලාවක මේ පැත්තේ...
අළුත් මල්ලි අළුත් පෝස්ටුවක් එහෙම ලියන්නේ නැද්ද?
Deleteදානවා දානවා.... ළඟදිම දාන්නම්කෝ...
Deleteදිගු ගමනකට සුබ පැතුම් අලුත් මල්ලි.. දිගටම ලියන්ට.. ජය වේවා!!!!!
ReplyDeleteගොඩාත් ස්තූතියි මේ පැත්තටත් ඇවිල්ලා ගියාට... මේ දවස්වල වැඩ වැඩියි... ඒකයි අලුත් පෝස්ට් නැත්තේ... දිගටම ලියනවා...
Deleteඔන්න මමත් ආවා මේ පැත්තට. වැදගත් සොෆ්ට් එකක් නේ. ලියමු දිගටම. ජයවේවා!!
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තටත් ආවට... ඒ වගේම අගය කිරීමටත්... ආයෙමත් එන්නකෝ....
Deleteබ්ලොග් එක සින්ඩිකේර්ස් වලට දාලා නැද්ද දාලා නැත්නම් මේ ලින්ක් වල ගිහින් ඔයාගේ බ්ලොග් එකත් දා ගන්න.
ReplyDelete…
…http://nohimsithuwili.blogspot.com/
http://www.hathmaluwa.org/
http://www.isawwasindiya.tk/
http://syndi.lankeeya.lk/
http://ekathuwa.com/
http://lankablogs.org/
http://maathalangesindiya.blogspot.com/
http://avakashaya.blogspot.com/
http://api-apita.blogspot.com/
ම්ම්... ගොඩක් ස්තූතියි.... දාන්න කියලා හිටියේ.... කොහෙද ඒකට වෙලාවක් ආවේ නෑ නේ තාම... මම මේ ලින්ක් වලට ගිහින් දාන්නම්... තැන්කූ තැන්කූ ආයෙත් ආවට...
Deleteමේ ටෙක් බ්ලොග් එකක්වත්ද?
ReplyDeleteඅනේ ඉතින් මං දන්නේ නෑ නේ කවි සංකල්පනා ලියන්න... වැඩිපුර දාන්ට වෙන්නේ ටෙක් කතා තමා.... ඒත් අනිත් ඒවත් දානවා... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...
Deleteඑල ඈ
ReplyDeleteතැන්කූ තැන්කූ මේ පැත්තටත් ඇවිල්ලා ගියාට... ආයෙමත් එන්න එහෙනම්...
Deleteඅපූරුයි අපූරුයි.. දිගටම ලියන්න
ReplyDeleteජය!!!
බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිල්ලා ගියාට... දිගටම ලියනවා... ආයෙමත් එන්න...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතැන්කූ තැන්කූ මේ පැත්තේ ආවට... මේකෙ අලුත් වර්ෂන් එකකුත් දැන් හදාගෙන යනවා.... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ....
Deleteඅළුත් මල්ලි ගැජට් මල්ලි කියලා වෙනස් උනානම් හරිනේ. හි.. හි... ඔයාගෙ කවි ගැජට් ඒකත් උස්සන්න ඕනි.
ReplyDeleteජයවේවා!
@AKM
ReplyDeleteහී.හී... මාරු කරමු. මාරු කරමු....
ඕන ගැජට් එකක් අරන් යන්න කිසි ගැටළුවක් නෑ... බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ... ජය වේවා...