හ්ම්ම්... අළුත් පෝස්ට් එකක් දාන්න ටිකක් පරක්කු වුණා මේ වැඩ ගොඩගැහිලා හින්දා... ඒත් පුළුපුළුවන් වෙලාවට අනිත් අයගේ පෝස්ට් කියවන්න නම් මම එනවා... දාහක් වැඩ කරගන්න තියෙන තමන්ගේ වටිනා කාලයෙන් ටිකක් වැය කරලා කලින් පෝස්ට් වලට කමෙන්ට් කරපු හැමෝටමත් කියවපු හැමෝටමත් මුලින්ම ස්තූති කරන්න ඕන.... අද මේ කියන්න යන්නෙ අළුත් මල්ලි නැත්තටම නැතිවෙන්න බයවෙච්ච දවසක් ගැන... මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා... කතාව කියවලා ඉවර වෙනකොට ඔයාලට හිතෙයි මෙච්චර දෙයක් වෙලත් අළුත් මල්ලි තාමත් පණ පිටින් ඉන්න එක පුදුමයක් කියලා... පේනවනේ මාතෘකාව? සමහර අයට කියවනදේ නැවත නැවත මැවිලා පේන ගතියක් තියෙනවා... ඔයාලටත් එහෙම තියෙනවද? එහෙම තියෙනවනම් මේ පෝස්ට් එකේ තියෙන මට වුණ දේ රෑට හීනෙන් එහෙම පේන්න පුළුවන් සමහරවිට... ඔන්න මං මුලින්ම කිව්වා... මළගෙදරක් කියන දේ ගොඩක් ගෙවල් වල වෙලා ඇති... එහෙම දෙයක් වෙලා නැත්නම් ඒක අළුතෙන් හදපු ගෙයක් වෙන්න ඕන... කොහොම හරි තමන‍්ගෙ ගෙදර මළගෙදරක් වුණ අත්දැකීම මේ කාටත් ඇති නේ? එදාට මුළු ගෙදරම සොහොන් පිට්ටනියක් වගේ... කණගාටුවක් වගේම කියාගන්න බැරි අමුතු බයකුත් කාගෙ කාගෙත් හිත්වල රැඳිලා තියෙනවා... ජීවිතේ සුන්දරයි ලස්සණයි කියලා හිතාගෙන ඉන්න අපිට ජීවිතේ භයානක දේවල් ගැන හිතෙන්න පටන් ගන්නේ ඔන්න ඔය වගේ වෙලාවට... ඒත් ඒ දේ ස්වාභාවික මරණයක් නොවී මිනීමැරුමක් වුණා නම්? ![]() මේ සිද්ධිය වෙනකොට අළුත් මල්ලි උසස්පෙළ පන්තියේ... අම්මයි තාත්තයි මල්ලිත් එක්ක අපේ ගෙදරින් හැතැම්ම ගානක් දුරින් තියෙන ආච්චිලාගේ ගෙදර යන්න තීරණය කරලා තිබුනේ ඊට දවස් දෙක තුනකට කලින් ඉඳලමයි... ඒ දේ එහෙමම සිද්ධ වුණා... මොකක් හරි හේතුවකට මම ගෙදර තනිවුණා... ඉස්කෝලෙත් නිවාඩු. කරන්න විශේෂයෙන් දෙයක් නොතිබුණු නිසාම මුළු දවසම ගත කළේ රූපවාහිනිය ඉස්සරහා... හැන්දෑ වෙනකොට තිබුන කම්මැලිකම දෙගුණ තෙගුණ වෙලා පුංචි නිදිමතකුත් ආවා... අහස පුරාම වැහිබර ගතිය... රෑට හොඳ හැටි වහීවි, මට හිතුණා... "වැස්සොත් රෙදි ටික අරන් දාන්න..." උදේම අහසේ තැනින් තැන මතු වුණ වළාකුළු දැකපු අම්මා කිව්ව වචන ටික මතක් වෙලා මම එළියට ගියේ වැලේ තිබුණ රෙදි ටික ගෙට ගන්න... හ්ම්ම්... හිතුව හරි... රෙදිටික ගෙට අරන් ඉවර වෙන්නත් කලියෙන්ම කුස්සිය පැත්තේ තිබුණ ටකරමට පිණි වැටෙන සද්දේ ඇහුණා... ජනෙල් දොරවල් වහලා දාපු මම කාමරේට ගිහින් ටිකක් හාන්සි වුණා... අතරින් පතර ඇහුන පිණි වැටෙන සද්දේ මහා ඝෝෂාවක් බවට පත් වෙන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ... "අපේ පළාතට ඉතින් පින්නක් ගියොත් ඇති, මේ පොඩි වැස්සටත් කරන්ට් යනවනේ". යන්තම් පින්නක් වැටුන දාටත් අපේ ගමේ අය එහෙම කියන එකේ මේ මුරුගසන් වරුසාවේ හැටියට මෙහෙම වුණ එක පුදුමයක් නෙවෙයි... හනේ මන්දා... ලොකු හුස්මක් පිටකරපු මං ඇඳේ හරිබරිගැහුනේ අදනම් හොඳහැටි නිදාගන්න පුළුවන් කියලා හිත හිතා.... යන්තම් ඇහැඇරෙනකොටත් වටපිටේ හෝ ගාලා වැහි වැටෙන සද්දේ... මේක නතර වෙන්නේ නැද්ද මන්දා... හතර වටෙන්ම අන්ධකාරේ... වෙලාව කීයද බලන්නත් සාලෙට යන්න ඕනනේ... රෑ දොළහ නම් පහුවෙළත් ඇති... හ්ම්ම්... තව ටිකක් නිදාගන්නවා... එහෙන් ඉන්න බැරි තරම් සීතල... ඈතින් තියෙන ලයිට් කණුවේ එළිය යන්තමින් සාලෙට වැටිලා. කරන්ට් නම් ඇවිල්ලා වගේ... මගේ හිත තනියම කල්පනා කරනවා කෙලවරක් නැතුවම... බඩගින්න දෙගුණ තෙගුණ වෙලා... රෑ කෑවෙත් නෑ නේ... මේ වැස්සේ නැගිටින්න හිතෙන්නෙත් නෑ... ඇඳ ළඟ මේසේ ලාච්චුවේ බිස්කට් තියෙන බව මතක් වෙලා මම ඇඳේ කෙළවර හෙව්වේ බිම තියලා තිබුණ වතුර බෝතලේ අතට ගන්න... ඇඳ පුරාම වේළුනු ඇඳුම්... "මට පිස්සුනේ" එහෙම හිතිලා පුංචි හිනාවකුත් ආවා... ඇඳේ කෙලවර හොයාගන්න කළින් අමුතු මොකක්දෝ අතට අහුවුණා... මගේ ඇඟ ළඟම... අත තියලා තත්පරයක් යන්න කලින් අත අහකට ගත්තේ මම හිතලා නෙවෙයි... අතට අහුවුනේ මොකක්ද කියලා කල්පනා කරන්න කලින් මගේ බුද්ධියට ඒ මොකක්ද කියන එක හොඳහැටි වැටහිලයි තිබුණේ... දෙවියනේ... මේක වෙන්න පුළුවන්ද? සීතලට ගල්ගැහුණු මිනිහෙක්ගේ අතක්? පපුවේ හදගැස්ම එකපාරටම නතරවුණා වගේ... ඔලුව තෝන්තු වෙලා වගේ... මොනවා වුනත් මං උත්සහ කළා මේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. කව්ද මේ මරලා දාලා තියෙන්නේ? ඒකත් මගේ ඇඳ උඩ? කව්ද මැරුවේ... කොහොමද මේ දේ කළේ? කව්රු මේ දේ කළත් කරපු කෙනා තාමත් ඉන්නේ මං ඉන්න කාමරේ ඇතුළේමයි... සැකයක් නෑ... ඊළඟට එයා මරන්නේ මාව... මගේ මුළු සිරුරම දහඩියෙන් තෙත් වෙලා... මරණ භය කියන දේ උපරිමයෙන්ම දැනිලා... කෙළවරක් නැතුව හිතට ගලාගෙන එන භයංකාර සිතුවිළි නතර කරන්න මම ලොකු උත්සහයක් ගත්තා... අතට අහුවුනේ අතක ඇඟිලි දෙකක්. එතනින් උඩ අත තියෙන්න ඕන ඒ කියන්නේ ඊට එහා පැත්තේ මළ මිනියකුත් තියෙන්න ඕන... දෙවියනේ... එතකොට මම මෙච්චර වෙලා නිදාගෙන හිටියේ මළ මිනියක් එක්කද? ![]() මේස ලාම්පුව දාන එක තමයි කාමරේ වටපිටේ බලාගන්න තියෙන ලේසිම ක්‍රමය... ඒක තියෙන්නෙත් මගේ ඇඳ ළඟමයි... ඇඟ දශමයක් වත් හොල්ලන්නේ නැතුව ස්විචය උඩටම අත අරන් ගියත් ස්විචය දාන්න තරම් හයියක් මට තිබුනේ නෑ... ස්විචය දැම්මොත් මැරයාගේ පිහිය අනිවාර්යයෙන්ම නතර වෙන්නේ මගේ පපුව ඇතුළේ... නෑ.නෑ... ඒක මෝඩ වැඩක්... මෙහෙමම ඇඳෙන් බිමට පෙරළිලා ඇඳ යටට ගිහින් ස්විචය දාන එකයි කරන්න ඕන... එතකොට කොතන හිටගෙන හිටියත් ඒ මිනිහගේ කකුල් දෙක මට පේනවා... ඒත් ඒ මිනිහා ඇඳ යට හිටියොත්? මොකක්ද දැන් කරන්නේ? අන්තිමට මම දැඩි තීරණයක් ගත්තා... කරන්න තියෙන එකම විකල්පය... හිතට ආපු ප්‍රශ්ණ සියල්ලටම එකම විසඳුම... සමහර විට මගේ ජීවිතය අවසන් කර ගන්න මමම ගන්න අන්තිම මෝඩ තීරණය... වෙන කරන්න දෙයක් නෑ... ඇඟිල්ල යට තියෙන ස්විචය තද කරනවා හැරෙන්න... හිතෙන් මම ගණන් කළා... මං මැරෙන මොහොත වෙනකල්... තුනයි... දෙකයි... එකයි... මොකක්? ම් මේ.. ත් තියෙන්නේ... මගෙ ඇඟටම යට වෙලා හිරිවැටුණ මගේම අත නේද? [ඡායාරූප අන්තර්ජාලයෙනි] |
Saturday, September 15, 2012
[4] භය සංවේදනය වැඩි නම් කියවන්න එපා...
Subscribe to:
Post Comments (Atom)
නියමයි. මුලදි නම් මටත් හිතුණා බය හිතෙන කනාවක් කියලා. පස්සේ පස්සේ අගට කියවගෙන යද්දියි තේරුනේ ලණු තකාවක් නියලා. :D මමත් ඔය වගේ ලණු කතා ලියනවා :D :D :D :D :D
ReplyDeleteමං ලියන ටෙක් කතා අප්පිරියයි කියලා මෙහෙට එන අය නොබැන බනිනවා... ඕන් ඒ නිසා ලණු කතාවක් දැම්මා...
Deleteමේ දේ ගොඩක් අයට වෙලා ඇති... ඒත් ඒක එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි... සමහර වෙලාවට නිදාගන්නකොට අත ඇඟට යට වෙලා හිරිවැටෙන්න පුළුවන්කම තිබ්බත් පුළුවන් තරම් අපි උත්සහා කරන්න ඕන ඒ දේ නොවෙන විදිහට නිදා ගන්න... එහෙම නැතුව ගොඩක් වෙලා අත ඒ විදිහට හිරිවැටිලා තිබුණොත් ඒ අත නැවත මුල් තත්වයට ගන්නම බැරි වෙන විදිහට ආබාධිත වෙන්නත් පුළුවන්ලු....
එක්තරා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් සැත්කමක් කරද්දි ඒ සැත්කමට භාජනය වුණ රෝගියාගේ අත ඇඳයි වෛද්‍යවරයාගේ සිරුරයි අතරට හිර වෙලා තිබිලා තියෙනවා.... මේ නිසා හිරිවැටුණ අර රෝගියාගේ අත ශල්‍යකර්මය අවසන් වුණාට පස්සේ බලනකොට ආයෙමත් ප්‍රකෘති තත්වයට ගන්න බැරි විදිහටම ආබාධිත වෙලා.... මේ හේතුව නිසා ඒ වෛද්‍යවරයාට තමන්ගේ රැකියාව අහිමි කරගන්න වුණා විතරක් නෙවෙයි අර රෝගියාට වන්දි ලබාදීමත් කරන්න වුණාලු...
ඔන්න ඔහොමයි හිරි වැටීමේ ආදීනව...
බොහොම ස්තූතියි එහෙනම් මේ පැත්තේ ආවට... ආයෙමත් එන්නකෝ...
සුපිරි ඈ.
ReplyDeleteඅම්මප... එහෙනම් මාත් ටිකක් විතර හොඳයි බලාගෙන ගියාම....
Deleteමටත් වෙලා තියනවා. ඇත ඇඟට යටවෙලා හිරිවටුනාම දැනෙන්නේ වෙන කාගේ හරි අතක කියලා. අනික ඒ වෙලාවට අත හරි බරට නේ දැනෙන්නේ.
ReplyDeleteනියම නිර්මාණයක්. මට ඇත්තටම අන්තිම ටික කියවන කල් සිද්ධිය හිතා ගන්න බැරි උනා.
ඒකනම් ඇත්ත... ඒ වෙලාවට දැනෙන්නෙම ඒක වෙන කාගෙ හරි අතක් කියලා... ඉතින් බය වෙන එක අහන්නත් දෙයක්ද? ස්තූතියි මේ පැත්තේ ආවට...
Deleteමටත් පට්ටෙට බය හිතුනා ඒත් පස්සේ තේරුණා ලනුවක් ලනුවක් වගේ කියලා :)
ReplyDeleteඑහෙනම් වැඩේ සාර්ථකයි.... ලනු කතාවකුත් නොදුන්නොත් හරි නෑ නේ? ඒකයි ලනු කතාවක් දැම්මේ... ගොඩක් ස්තූතියි නිශාන් මේ පැත්තේ ආවට...
Deleteමැරෙන්නෙ එක පාරයි නේ බං, මට නම් ඔය වගේ වෙලාවට බයක් නම් හිතෙන්නෙ නෑ. අපරාදෙ උඹට තව ටිකක් අතින් දාන්ට තිබුණ කියවනකොටත් මයිල් ස්මයිල් වෙන්න. :)
ReplyDeleteකිව්වත් වගේ දෙතුන් පාරක් මැරෙනවයැ නේද? ... ඔය කිව්වට මොකෝ මටනම් පොඩි බයක් දැනුනා එදා... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ එහෙනම්....
Deleteහච්චෝ මරුම මරු කතාව..සාමානෙන් මම බ්ලොග් කියවන්නේ රෑට.හොඳ වෙලාවට ලයිට් එකත් දාල තිබ්බේ..හී හී..:) ඇත්තටම බය හිතුනා..:) නියමයි,
ReplyDeleteජය!
බ්ලොග් එකේ ලියන හැටියට මං හිතුවේ මහසෝනටවත් බය නැති කෙල්ලෙක් කියලනේ හිරූ... හැබෑටම බය හිතුනද??... ආයෙමත් එන්ටකෝ එහෙනම් මේ පැත්තේ...
Deleteකියවල ඉවර උනාම අයියෝ මෙකද මේ කියල හිතුනට අන්තිම වෙනකම්ම ප්‍රමිතිය තියෙනවා. හොද කෙටිකතා කරුවෙක් උනහැකි .
ReplyDeleteඑහෙනම් ලියමුද කෙටි කතාවකුත්... තැන්කූ තැන්කූ මේ පැත්තෙත් ආවට....
Deleteශල්‍යකර්මය අවසන් වුණාට පස්සේ බලනකොට ආයෙමත් ප්‍රකෘති තත්වයට ගන්න බැරි විදිහටම
ReplyDeleteඅඩේ එච්චර හරියක් වෙනවද බං හිරි වැටුනහම, එහෙම බලන කොට මාර භයානකයිනේ
ඒක ඇත්ත කතාවක්ලු... එහෙම වෙන්න පුලුවන් කියලයි කියන්නේ... එහෙනම් ගොඩක් ස්තූකියි මේ පැත්තටත් ඇවිත් ගියාට...
Deleteඇන්දුවා එහෙනම් අපිව! හි හි...
ReplyDelete:D
තාම පටන් ගත්තා විතරයි... බලාගෙන ඉන්ඩකෝ ඉස්සරහට කට්ටියව අන්දන හැටි... බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට... ආයෙමත් එන්නකෝ එහෙනම්...
Deleteහූ.... ඇත්තටම පෝස්ට් එක කෙසේ වෙතත් අර පින්තුරයට නම් හරියට බය වුණා මම... අපරාදේ... හැබැයි කතාව හොඳට ලියල තියෙනවා... අන්තිම වෙනකල් කුතුහලෙන් කියෙව්වේ...
ReplyDeleteතැන්කූ තැන්කූ ... මේ පැත්තේ ආවටත් ඒ වගේම අගය කරාටත්... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...
Deleteහිහි..මම කතාව කියවගෙන යනකොට හිතුවේ බෝනික්කි අතක් වෙන්න ඇති කියලා..
ReplyDeleteජය වේවා... !! :D
බැලින්නම් මගේම අත... බොහොම ස්තූතියි ඇවිත් කමෙන්ට් කළාට...ආයෙමත් එන්ට එහෙනම්... ඔබටත් ජයෙන් ජයම වේවා...
Deleteමේකත් මම කැමති විදිහේ බ්ලොග් එකක්නේ...කුතුහලය ඇඉස්සෙන විදිහට ලස්සනට ලියලා තියනවා.දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteගොඩාක් ස්තූතියි මේ පැත්තටත් ආවට... ඒ වගේම කමෙන්ට් කළාට... ආයෙමත් එන්න එහෙනම්....
Deleteඅදමයි ආවේ. ලස්සනට ලියල තියෙනවා හම්මපා
ReplyDeleteඕන් ඔයාටත් ටැන්කූ කිව්ව එහෙනම්... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...
Delete