Sunday, September 29, 2013

[12] ඩොන්ගලේ කරදරේ...

ආයුබෝවන් යාළුවනේ.. 

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පෝස්ට් එකක් දාන්ට හිතුනා... දාන්නේ මොකක්ද කියලා කල්පනා කර කර ඉඳිද්දි මතක් වුනා මං හදිස්සියට හදා ගත්ත පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන. බ්ලොග් එක පුරාවටම දැම්මා වගේ අදත් දාන්නේ නව නිර්මාණයක්. කාට හරි ඕන වුනොත් කියලයි දාන්න හිතුවේ.

මෙහෙමයි කතාව. අපි පාවිච්චි කරන ඩොන්ගල් එක එක වර්ග තියෙනවනේ. ඔය කොයි ඩොන්ගලෙත් කම්පියුටරේට මුලින්ම ගැහුවම ඉන්ස්ටෝල් වෙනවා ඒකේ සොෆ්ට්වෙයාර් එක. ඔය සොෆ්ට්වෙයාර් එකෙත් එක එක වර්ග තියෙනවනේ. ඒවා එක එකේ තියෙන පහසුකමුත් වෙනස්. ඩොන්ගල් එක ගන්න කලින් ඉඳන්ම මට ඕන වෙලා තිබුනේ Internet, SMS වගේම දුරකථන ඇමතුම් ගන්නත් පුළුවන් ඩොන්ගල් එකක් ගන්න. ඒත් අරන් බලනකොට ඒකේ ඉන්ටර්නෙට් යන්න විතරයි පුළුවන්. ඒක නෝකෝල් එකක්. දැන් ඉතින් ආයේ ඒක ගිහින් දෙන්නයැ ගත්ත තැනට?



මගේ ඩොන්ගල් එකේ තියෙන්නේ  Mobile Partner කියන සොෆ්ට්වෙයාර් එක. ඉතින් මං හිතුවා ඉන්ටර්නෙට් එකෙන් අරන් Sun Broadband Wireless කියන සොෆ්ට්වෙයාර් එක ඒ වෙනුවට දාගත්තොත් ඒකෙන් දුරකථන ඇමතුම් ගන්න බැරිවෙන එකක් නෑ කියලා. හිතුවා වගේම වැඩේ නම් වැඩකළා. ඒත් පොඩි පොඩි ගැටළු තිබුනා. හදිස්සියේ ඩොන්ගල් එකට කෝල් එකක් ආවොත් ඒක  කම්පියුටරේ පෙන්නුවේ Sun Broadband Wireless ඕපන් වෙලා තිබුනොත් විතරයි. නැත්තන් නෑ. ඉතින් ඒකට කම්පියුටරේ ඔන් කරන හැම වෙලේම Sun Broadband Wireless ඕපන් කරන්න වෙනවනේ. Startup ෆෝල්ඩරේට ෂෝට්කට් එකක් දැම්මොත් දෙකම ඕපන් වෙනවා. ඒකට තමා මං මේ සොෆ්ට්වෙයාර් එක හැදුවේ.

මේක ඔයාලට වැදගත් වෙයිද කියලා නම් මං දන්නේ නෑ. මට නං ගොඩක් වැදගත් වුනා. වැඩේ කරලා බලනවනම් කරන්නේ මෙහෙමයි.

පියවර 1
Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

download (8.93 MB)

පියවර 2
ඒක ඉන්ස්ටෝල් කර ගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ Sun Broadband Wireless හරි  Mobile Partner හරි ඕපන් වෙලා තියෙනවනම් ඒවා ක්ලෝස් කර ගන්න.

පියවර 3
මේ  file එකත් ඩවුන්ලෝඩ් කර ගන්න.  ඊට පස්සේ ඒක extract කර ගන්න. මේ ෆෝල්ඩරේ ඇතුළේ තියෙනවා ෆයිල්ස් 3 ක්.

download (10.4 KB)


පියවර 4
Mobile Partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන ෆෝල්ඩරේට යන්න. ගොඩක් වෙලාවට මේ පාත් එකේ ඒක ඇති.
C:\Program Files\Mobile Partner

පියවර 5
එතනට අර ෆයිල්ස් 3 කොපි කරලා පේස්ට් කර ගන්න. ෆෝල්ඩරේ පිටින්ම එහෙම නෙවෙයි. ෆයිල්ස් විතරයි. එතකොට අහනවානේ තියෙන ෆයිල් එක replace කරන්නද කියලා. ඒක තෝරන්න. 



පියවර 6
දැන් කම්පියුටරේ restart කරලා බලන්න. වැඩ කරා නම් කතන්දරේ ඉවරයි. නැත්නම් මේ වැඩේ කරන්න.




පියවර 1
ආයෙත් Mobile Partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන ෆෝල්ඩරේට යන්න. 

පියවර 2
ඒකේ තියෙන අපි එතනට දැම්ම Path කියන සොෆ්ට්වෙයාර් එක ඕපන් කර ගන්න.

පියවර 3
ඒ සොෆ්ට්වෙයාර් එකේ පාත් එක දාන්න තියෙන තැනට Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එකේ පාත් එක දාන්න.
C:\Program Files\Sun Broadband Wireless\Sun Broadband Wireless.exe

මේකේ \Sun Broadband Wireless.exe කියලා තියෙන්නේ ඔය ෆෝල්ඩරේ ඇතුළේම තියෙන Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එකේ නම.

ඒකේ අන්තිමට තියෙන .exe කොටස අමතක කරන්න එපා.


පියවර 4
Add බොත්තම ක්ලික් කරලා ආයෙත් restart කරලා බලන්න.


හ්ම්.. ඊට පස්සෙත් වැඩ නොකරනවනම් Mobile Partner ම රීඉන්ස්ටෝල් කරලා නිකන් ඉන්න අප්පා.. ක් ක්..

හැමදාම වගේ දැනගන්න දේවලුත් තියෙනවා.

ඩොන්ගලේ තියෙන සොෆ්ට්වෙයාර් එකෙන් දුරකතන ඇමතුම් ගන්න බැරි නම් ඩොන්ගලේම පාවිච්චි කරලා ගන්න වෙන ක්‍රම තියෙනවද? කියන්ටකෝ ඔයාලාගේ අදහස්..

එහෙනම් ගිහින් එන්නම්.. සුභ දිනක්...