Monday, October 15, 2012

[7] අත් නොහළ සිහිනය...

විශේෂ ස්තූතිය :
bbc.co.uk
guardian.co.uk
io9.com
sport.uk.msn.com
supersport.com
telegraph.co.uk

ඉතින් කොහොමද යාළුවනේ අළුත් තොරතුරු එහෙම...  ටික දවසකට පස්සේ නේද? මුලින්ම අපේ සදාදර සොයුරු පුබුදු මල්ලීට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා... කවදාවත් ඇහෙන් දැකලා නැති වුණත් ඔහු අපිත් එක්කම බ්ලොග් ලියපු අපේම බ්ලොග් යාළුවෙක්... ලබන මතු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා කියන එක තමා මුලු හදින්ම අපේ පැතුම.

වෙනදා වගේම මුලින්ම කරන වැඩේ කරලා ඉන්න ඕන නේ පෝස්ට් එක ලියන්න කලින්. ඒ තමා ස්තූති කථාව පවත්වන එක. අද ස්තූති කරන්න නම් කට්ටිය ගොඩයි... මම ලාංකිය එකට ඇප්ලිකේෂන් එකක් දැම්මනේ... ඉතින් ඒකට ගන්න ඡන්දෙදි මගේ බ්ලොග් එකටත් ගොඩක් කට්ටිය ඡන්දේ දාලා තිබුණා... ඉතින් ඒ හැමෝටම ස්තූති කරන්න ඕන...  ආය ස්තූති කරන්න ඕන පියුමි අක්කට... පියුමි අක්කා තමා මේ බ්ලොග් එක ඉස්සරහට ගෙනියන්න ඕන හැමදේම ටොකු ඇන ඇන කියලා දෙන්නේ... ඊළඟට ස්තූති කරන්න ඕන ගියපාර පෝස්ට් එකට කමෙන්ට් කරපු ඒ වගේම ඒ පෝස්ට් එක කියවපු හැමෝටම... තාම ලිව්වේ පෝස්ට් 7යි... ඒවත් තාක්ෂණික පැත්තට බර ඒවා... ඒත් ගොඩක් අය ඇවිත් කමෙන්ට් කරලා ගිහින් තිබුන නිසා ගොඩක් සතුටු හිතුණා...

ඔන්න දැන් අපි යමු අපේ අද පෝස්ට් එකට...

ඔස්කාර් පිස්ටෝරියස්... අහලා තියෙනවද මේ නම... 




අහලා නැතත් මූණ හරි දැකලා ඇතිනේ... ඔස්කාර් කියන්නේ හැම දේටම නෑ බෑ කියන අයට අභියෝගයක් කරපු විශිෂ්ඨ පුද්ගලයෙක් කිව්වොත් මම හරි... පොඩ්ඩක් බලන්නකෝ මේ රූපේ දිහා... දැකකම දුක හිතෙනවා... එයාගේ දණහිසෙන් පහල කකුල් දෙකම නෑ නේද?



හැබැයි මේ ඉන්නේ තවත් එක ආබාධිත පුද්ගලයෙක් නෙවෙයි. අති දක්ෂ මලල ක්‍රීඩකයෙක්, රගර් ක්‍රීඩකයෙක් වගේම දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක් කියලා කිව්වොත් ඒ දේ ඇත්තක් කියලා හිතාගන්නත් බෑ නේද? මේ තරම් ශාරීරික ආබාධයක් තියාගෙනත් ඔස්කාර් කොහොමද මේ දේවල් කරන්නේ? ඒ හැමදේම පිටිපස්සේ තියෙන්නේ ඔහුගේ අපිරිමිත ධෛර්යය. තමන්ගේ හැකියාව පිළිබඳව ඔහු තුළ තියෙන විශ්වාසය. ඒ වගේම දැඩි කැපවිම. විශේෂයෙන් සිහින අත් නොහැරීම...

ඔස්කාර් මේ ආබාධිත තත්වෙට පත් වුණේ ළදරු වියේදීමයි... ඔහුට උපතින්ම  දෙපා වල ඇටමිදුළු අහිමි විමේ රෝගයක් තිබුනා... ඔහුගේ වයස අවුරුද්ද පිරෙන්නත් කලියෙන්ම ඔහුගේ දෙපා සැත්කමක් මගින් ඉවත් කරන්න වෛද්‍යවරුන් තීරණය කරා...  මේ සැත්කම නිසා ඔහුට තම දෙපා අහිමි වුණා... එතකොට ඔහුට වයස මාස 11 ක් විතර ඇති...

ඔස්කාර් පාසල් ගියේ ජොහැනස්බර්ග් නුවර ප්‍රිටෝරියා විදුහලට. ඔස්කාර්ගේ ජිවිතේ වෙනස්ම මාර්ගයකට හැරවුණේ මේ පාසලේදි... ඔහුට වයස අවුරුදු 11 වෙනකොට ඔස්කාර් පාසලේ රගර් කණ්ඩායමටත් ඇතුළත් වෙලා හිටියා... ඊට අමතරව ටෙනිස්, ජල ක්‍රීඩා කියන දෙකටම ඔස්කාර් දක්ෂයෙක්... ඒ විතරක් නෙවෙයි... ඔස්කාර් ඉගෙනගන්නත් බොහොම දක්ෂයි... පාසල් කාලය අවසානයේ ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණ ඔස්කාර් එම විශ්ව විද්‍යාලයෙන් වාණිජ්‍ය උපාධියත් ලබා ගත්තා... 




ඔස්කාර් ලෝක වාර්තා තියන්න පටන්ගත්තේ 2004 දි. 2004 දි ඇතන්ස් නුවර තිබුන පැරා ඔලිම්පික් තරඟාවලියේදි මිටර් 200 ඉසව්ව නියෝජනය කරපු ඔස්කාර් තරඟය තත්පර 21.97 කින් අවසන් කරලා ලෝක වාර්තාවක් තිබ්බා... ඒ තරඟය තිබුනේ ආබාධ සහිත වූවන් අතර. ඔස්කාර්ගේ ඊළඟ අරමුණ වුනේ සාමාන්‍ය ක්‍රීඩකයන් සමග තරඟ කරලා වාර්තාවක් තියන එක... මේ තියෙන්නේ ඔස්කාර් ඒ සිහිනය සැබෑ කර ගත්ත හැටි...

වර්ෂය = 2005
තරඟ ඉසව්ව = මීටර් 400
නිමා කළ කාලය = තත්පර 47.34
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2005
තරඟය = පැරා ඔලිම්පික්
තරඟ ඉසව්ව = මීටර් 100
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2005
තරඟය = පැරා ඔලිම්පික්
තරඟ ඉසව්ව = මීටර් 200
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 400
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 200
ජයග්‍රහණය = රන් පදක්කම
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 100
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2007
තරඟය = දකුණු අප්‍රිකාවේ පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 400
කාලය = තත්පර 46.56
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2007
තරඟය = ජොහැන්සන්බර්ග් හි පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 100
කාලය = තත්පර 10.91
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2007
තරඟය = ජොහැන්සන්බර්ග් හි පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 200
කාලය = තත්පර 21.58
වාර්තාව = ලෝක වාර්තාව




හ්ම්ම්... දැක්ක නේද දක්ෂයාගේ හපන්කම්? මොකක්ද මේ ඔස්කාර්ගේ ඊළඟ ඉලක්කය? ඒ සාමාන්‍ය ක්‍රීඩකයන් එක්ක ඔලිම්පික් තරඟාවලියට සහභාගී වෙන එක...

ඒ 2008 දී... මතකද ඔලිම්පික් තරඟය තිබුනේ චීනයේ බීජිං වල නේ... මේ තරඟාවලියට සහභාගී වෙන්න ඉල්ලුම් කරපු පිරිස අතරේ ඔස්කාරුත් හිටියා... මේක දැකපු ජගත් මලල ක්‍රීඩා සම්මේලනය විකාර ප්‍රශ්ණයක් මතු කළා... ඒ තමයි ඔස්කාර්ගේ කෘතීම දෙපා වලින් පුංචි හරි වාසියක් ඔස්කාර්ට තරඟ දිනද්දි ලැබෙනවද කියන එක... මේ පාද නිමවලා තිබුනේ කාබන් මිශ්‍රිත ෆයිබර් වර්ගයකින්... මේ වෙලාවේ කරන්න ඕන ඒකෙන් ලැබෙන වාසි අවාසි බල බල ඉන්න එකද, නැත්නම් මේ විශිෂ්ඨයට අවස්ථාවක් ලබා දෙන එකද කියලා ඔයාලම කියන්න බලන්න... 




ඒ වනකොට බොරු කකුල් වල වාසි අවාසි ගැන මේ සම්මේලනයේ නීති ලියවෙලා තිබුනේ නෑ... ඒ නිසා ඔස්කාර්ට තරඟයට ප්‍රවේශ වෙන්න ගැටළුවක් ඇත්තටම තිබුනේ නෑ... ඒත් ඔස්කාර්ගේ පැමිණීමත් එක්ක හැමෝම මේ ගැන කතාවෙන්න පටන් ගත්තා... කාගේ වුණත් තීරණය වුනේ ඔස්කාර්ට අවස්ථාව ලබා දිය යුතුයි කියන එක... ඒත් ජගත් මලල ක්‍රීඩා සම්මේලනය මේ වෙලාවෙදි ඔස්කාර්ට එරෙහි වුණා... ඔවුන්ගේ නිගමනය වුණේ ඔස්කාර් යන යන තැන දිනන්නේ එයාගේ මේ බොරු කකුල් දෙක නිසා කියලා... ඒක එහෙම වෙන්න පුළුවන්ද? 



කොහොම වුණත් මේ සිද්ධිය මුලට දාලා ජගත් මලල ක්‍රීඩා සම්මේලනය තිබුන නීති රීති සංශෝධනය කළා... අළුත් නීති වලින් කියවුනේ “අතිරේක වේගයක් සඳහා උපකාරී විය හැකි කිසිදු තාක්ෂණික උපකරණයක් භාවිතා කිරිමට කිසිදු ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා නොදෙන බව”...  “කිසිදු ක්‍රීඩකයෙකු” කියන වචන පෙළ අතරේ ඔස්කාරුත් හිටිය නිසා ඔස්කාර්ට මේ තරඟාවලියට සහභාගී වීම තහනම් වුණා...

ඒ වෙලාවේ ඔස්කාර්ට මොනවා හිතෙන්න ඇත්ද?

මෙතරම් බාධක ජය අරගෙන ඔලිම්පික් දක්වා ආපු ඔස්කාර් මේ හීනය අතහරින්න කීයටවත් එකඟ වුණේ නෑ... ඔහුට මෙතනදි කරන්න දෙයක් තිබුනේ නැති වුණත් ඒ වෙනුවෙන් ලොකු හඬක් නගන්න, මේ නොලැබීම ලැබීමක් කර ගන්න එදා හිතා ගත්තා... OLYMPIC DREAM සංයුක්ත තැටිය එළිදැක්වුණේ එහි ප්‍රතිඵලයක් විදිහට... ඒ වර්ෂ 2008 දිම ඉතාලියේදි... OLYMPIC DREAM, RUN BOY RUN වගේ සින්දු වල ඔස්කාර්ගේ දුක හොඳින්ම ලියවෙලා තියෙනවා...

මේ වෙනුවෙන් ඔස්කාර් කරපු ඊළඟ අරගලයට ඉතාලියේ ක්‍රීඩා මාධ්‍යවේදී ශියානෝ මාලෝත් එක්වුණා... ඔස්කාර් මාලෝ සමග ස්වයං චරිතාපදානයක් ඉතාලි බසින් එළිදැක්වුවා... ඒ තමයි DREAM RUNNER. 




මේ පොතම පස්සේ කාලෙක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණේ BLADE RUNNER කියන නමින්... 2008 අවුරුද්දේදී ටයිම් සඟරාව නම්කරපු “2008 TIME 100” කියන විශිෂ්ඨයන් 100 අතරින් තුන්වෙනි ස්ථානය ලබා ගත්ේ ඔස්කාර්... 
අන්තිමේදි ඔස්කාර්ට තමන්ගේ හීනය හැබෑ කරගන්න අවස්ථාව ලැබුනා... ඔස්කාර්ගේ කෘතීම පාද නිසා විශේෂ අනුබලයක් තරඟ දිනන්න ලැබෙන්නේ නෑ කියලා ක්‍රීඩා සඳහා වන උසාවිය තීරණය කළා... සමහරවිට ඔස්කාර් ජගත් මලල ක්‍රීඩා සම්මේලනය කියපු දේ පිළිඅරගෙන නිහඬව හිටියා නම් ඔහුට මේ දේ නොලැබී යන්න තිබුන ඉඩකඩ බොහොම වැඩියි... 



ඔස්කාර්ගෙන් ඔබට මට ලංකාවේ ලෝකේ හැමෝටම ගන්න තියෙන ආදර්ශය මොකක්ද? ඔහුගේ ගමනේ ආරම්භය හා අවසානය අතර මේ තියෙන විශාල පරතරය පිටිපස්සේ, ඔහු ලබා ගත්ත මේ අති විශිෂ්ඨ ජයග්‍රහණ පිටිපස්සේ තියෙන එකම රහස මොකක්ද? ඒ තමා සිහිනය අත් නොහැරීම...

ඔබත් මමත් හීන දකිනවා... ඒත් ටික දවසක් ගියාම ඒ හීනය පැත්තකට දාලා අළුත් හීනයක් එක්ක ජීවත් වෙනවා... මේ හීන අත්හැරීමත් එක්ක කවදාවත් ජයග්‍රහනයක් කරා යන්න පුළුවන්ද? බෑ... ඔස්කාර් දැක්ක එකම එක හීනේ තුළ ඔහු ජිවත් වුණා... මොනම හේතුවක් නිසාවත් ඒ හීනේ අත්හරින්න ඔහු ලෑස්ති වුණේ නෑ... ඔහු හැබෑවටම ජය ගත්තා...




මේ දේ ඔබටත් අදාළයි... මේ දැන්ම ඔබේ සිහිනය පසුපස එළවන්න පටන් ගන්න...

සිහින අත් නොහරින්න...

(මෙහි ඇති සියල්ල මාගේ දැනුම පරිදිය... එහි සංශෝධන වෙතොත් කරුණාකර ඒවා නිවැරදි කිරීමට සහය දෙන්න... ස්තූතියි...)

සමුගන්නට පෙර...

 |        ඔබට ජය ගත හැකිය.... ඔව්. ඔබ ජය ගත යුතුය...      |

51 comments:

  1. මම මීට පෙර ඔහු ගැන කියවා තිබුණ. සැබවින්ම ඔහු දිරියවන්තයෙක්. සාමාන්‍යයෙන් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ යම් යම් ආබාධිත තත්ත්වයන් තියෙන කෙනෙක් දැක්කම ඔහුට අනුකම්පා කරන්න. ඒත් ඔවුන්ට අවශ්‍ය වෙන්නෙ අනිත් අයගෙ අනුකම්පාව නොවන බව මේ වගේ මිනිස්සු මුළු ලෝකෙටම හඬ ගා කියනවා නොවේ ද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... අපි අනුකම්පා කරනකොට ඒ අය ඒ දෙයින්ම යැපෙන්න බලාගෙන ඉන්නවානේ... ඒ වෙනුවට අපි කරන්න ඕන ඔවුන් දිරිමත් කරලා ජයග්‍රහණය කරා මෙහෙයවන එක...
      බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්න...

      Delete
  2. මේ ලිපියෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා නියම ලිපියක් සහෝ ඔබට ජය ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ... ඔබට ජය...

      Delete
  3. මගේ ඇනිමේෂන් ගුරුවරයත් උපතින්ම අත් දෙකම අහිමි කෙනෙක්... මොරටුව විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය සම්පූර්ණ කරලා මේ දවස් වල දෙවැනි උපාධියට ලෑස්ති වෙනවා.. කකුල් දෙක මේසෙ උඩට අරගෙන තමයි පරිගණකය හසුරවන්නෙ... අපි අත් දෙකෙන් කරන වැඩේ එයාට කකුල් දෙකෙන් ඒ වගේම කරන්න පුලුවන්... ලංකාවේ ප්‍ර‍ධාන මාධ්‍ය ආයතනයක ඇනිමේෂන් වැඩ්ඩා විදියට කාලයක් වැඩ කරලත් තියෙනවා... ඔහු මුලින්ම දැක්කම අපිට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවුනත් ඔහු ඔහුගේ හැකියාවන් පෙන්නලා ඒ අනුකම්පාව අභිමානයක් බවට පත්කලා... ඉංග්‍රීසි වැල් අකුරින් කකුලෙ ඇගිලි දෙකක් මැද්දට පෑන දාලා ගහන අත්සන දැක්ක නම් පිස්සු කොර...

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා... ගොඩක් අයට තමන්ට තියෙන‍ දේ ගැන කිසිම අගයක් නෑ... ඒ දේවල් නැති වුණා නම් තමා ඒකෙ අගයක් දැනෙන්නේ...

      ඒ වගේ විශිෂ්ඨයන්ගෙන් ආදර්ශ අරගෙන හොඳට ඉන්න අපිත් ඉදිරියටම යන එක තමා කරන්න ඕන...

      බොහොම ස්තූතියි ඔබට මේ පැත්තටත් ඇවිත් ගියාට... අයෙමත් එන්න... ජය වේවා...

      Delete
  4. මෙයා ගැන පොඩි විස්තරයක් කලින් දැනගෙන හිටියේ. මේ ලිපියෙන් විස්තර කරලා තියනවා නියමෙට ඔහුගේ ගමන් මග.අපිට ගන්න පුළුවන් ආදර්ශ ගොඩයි. තව දෙයක් තමයි ආබාධිතයන් ට අවශ්‍ය අනුකම්පාව නෙවෙයි සහයෝගය කියන එක.
    මම දන්නේ නැති කෙනෙක් උනත් මමත් පුබුදු සහෝදරයට නිවන් සුව පතනවා..!!
    මොකක්ද බං අර ලාංකීය කතාව..මං දන්නේ නෑනේ එහෙම එකක්.. ලාංකීය සින්ඩිය ගැනද කිව්වේ..??

    ReplyDelete
    Replies
    1. http://groups.google.com/group/lankeeya/ මෙන්න මේක බං... මාත් තාම හරියට දන්නේ නෑ... මාත් තාම ඒකට සම්බන්ධ කරගෙන නැති නිසා... ලාංකීය සින්ඩියේ එකක් නේද? පොඩ්ඩක් හොයලා බලන්ට මොකක්ද මේ කියලා...

      ආබාධිත අයට අවශ්‍ය අපේ උනන්දු කිරීම තමා... එහෙම නැතුව අනුකම්පාව නෙවෙයි... බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ... ජය වේවා...

      Delete
  5. නියමයි.රූපෙ නම් දැකලා තිබ්බා.විස්තර දන්නේ නෑ.අධිෂ්ඨානය තමා ඕනම මිනිසෙක් ඉදිරියට ගෙනියන්නේ.එල ඈ..

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ මචෝ... ඒ පැත්තේ එන්ටත් බැරි වුණා... කොහෙද මේ ටිකත් කරන්නේ පණ බයේ වැඩ කරන තැන කම්පියුටරෙන්නේ බං... ජය වේවා කිව්වා එහෙනම්... ආයෙමත් එන්ටකෝ...

      Delete
  6. වටින පෝස්ටුවක්නේ... මම දැකලා තිබ්බාට මෙච්චර දේවල් දන්නෙ නෑනේ.. ආත්ම ශක්තිය ඉගෙන ගන්න පුළුවන් මෙයාගෙන්.. ාම් පැත්තෙ ආවේ අදනේ.. සැක්..හොද පෝස්ට් ගොඩක් තියනවා..පස්සෙ ක්මෙන්ට් කරන්න්ම්..තරා නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... අපි ඒ අතින් බලනකොට හැම දේම තිබිලත් ඉන්නේ මොකුත් නැති ගානට... නේද?
      මොකටද අප්පේ තරහා වෙන්නේ... හැකි වෙලාවක කමෙන්ට් කරන්ටකෝ... බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් කමෙන්ට් කලාට... ආයෙමත් එන්ටකෝ එහෙනම්.... ජයෙන් ජයම වේවා...

      Delete
  7. ධෛර්‍යවන්ත ජීවිත කියන්නෙ මේවට තමා..!!

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු නේද? ‍‍
      ගොඩක් ස්තූතියි මේ පැත්තේ ‍ආවට... ආයෙමත් එන්න එහෙනම්....

      Delete
  8. පෝස්ට් එක ලස්සනයි මල්ලි

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ මේ පැත්තටත් ආවට... ආයෙමත් එන්ටකෝ...

      Delete
  9. මට මතක් වුනේ පාරේ බස් වල හිඟා කන අතපය හතර හොඳට තියන මිනිස්සු. කිසිම උත්සාහයක් ගන්නේ නැතුව.
    තමන් වැටිලා ඉන්න වලෙන් ගොඩට එන්න ඕනේ කමක් නැති අනුන්ට අතපාලා සල්ලි හොයන කම්මැලි මිනිස්සු . ඒ මිනිස්සුයි ඔස්කාරුයි අතරේ තියෙන්නේ කොච්චර ලොකු පරතරයක්ද. උත්සාහවන්තයා කවද හරි දිනනවා.


    හීන කියන එක මමත් විශ්වාස කරනවා. මොකද මම හීන දැකපු ගොඩක් දේවල් අද මට යතාර්ථයක් කරගන්න පුළුවන් වෙලා තියන හින්දා. ඒ කියන්නේ ඒ හීනේ මම අරමුණක් කරගෙන හිටපු හින්දා..ඒ අරමුණ ලඟට එන්න හීන මවන එක මට ලොකු පිටුවහලක් වුනා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... ඒ මිනිස්සුන්ට ඕනකමක් තිබුනනම් ඔය විදිහට දුක් විඳ විඳ ඉන්න ඕන නෑ නේ... හැමදාම පුරුදු විදිහට අනුන්ගෙන් කීයක් හරි ඉල්ලගෙන ඒකෙන් ජීවත් වෙන්න තමා අත්සහා කරන්නේ... කොහොම වුණත් මේ වගේ අය දිහා බැලුවම හරි දේ කරන කෙනාට තමා හරියන්නේ කියන එක හොඳටම පේනවා නේද?

      බොහොම ස්තූතියි මේ පැත්තටත් ආවට... ආයෙමත් එන්නකෝ...

      Delete
  10. නියමයි!! ජයවේවා සහෝ.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්න... ඔබට ජය...

      Delete
  11. මම එයා ගැන දැනගෙන හිටියා...පොස්ට් එකකුත් Draft එකේ තාම තියෙනවා... මට හිතුණා ඒකට ලියපු කරුණු මදි කියලා මලල ක්‍රීඩාවට ගොඩක්ම ප්‍රිය කරන සිත්තමීට එයාව දැක්කම ඇත්තටම දුක හිතුණා.එයාගෙ ශක්තිය ගැන ආඩම්බර හිතුණා.

    ඔයා ගොඩක් කරුණු ලියලා...විටෙක බලන කෙනාට ආදර්ශයකුත් එක්ක...දිගටම ලියන්න සහෝ...

    ReplyDelete
    Replies
    1. හයියූ... ඉතින් ඒක පබ්ලිෂ් කලේ නැද්ද? අපරාදේ නේ... පෝස්ට් එක පබ්ලිෂ් කරන්නකෝ ඉතින්...

      එයාගේ ශක්තිය ගැන නම් පුදුමයි තමා... අපිට ඔහොම දෙයක් වුණා නම් මොනවා හිතෙයිද නේද?

      ගොඩක් ස්තූතියි මේ පැත්තටත් ආවට එහෙනම්... ආයෙමත් එන්න...ජය වේවා...

      Delete
  12. සුපිරි කරුනු වලින් පිරි ලිපියක්...හරිම සතුටුයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... අපි ගැනත් හොයලා බලනවා එහෙනම්... ආයෙමත් එන්ටකෝ... ජයෙන් ජයම වේවා...

      Delete
  13. අද මගේ බ්ලොග් එකට දීපු හෙල්ප් එකට බොක්කෙන්ම තැන්ක්ස් මචෝ.....

    ReplyDelete
    Replies
    1. නෑ බං... මං කිව්වේ ඇත්ත නෙවෙයිද? අපි කාව වුණත් ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න උදව් කරනවා මිස වචනෙකින්වත් පිටිපස්සට තල්ලු කරන එක වැරදියිනේ... නේද? මට වුණ සිද්ධියක් තමා මම ඔය කිව්වේ... බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්නකෝ... ජය වේවා...

      Delete
    2. අනිවා මචෝ

      Delete
  14. හ්ම්ම් වටිනා කතාවක් අලුත් මල්ලි :) සිහින පසුපස යන්න විශ්වාසයක් තියෙයි නම්.දවසක ඒවා ඉටු වෙනවා සත්තයි !

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ජීවිතේ ජය ගන්න අවශ්‍ය කරන්නේ සිහින දැකීම විතරක් නෙවෙයි... ඒ පිටුපස අඛණ්ඩව හඹාගෙන යාම...

      බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්න...

      Delete
  15. මීට කලින් ඔස්කාර් ගැන අහලා තිබුනත් මේ තරම්ම විස්තරයක් දැනගෙන උන්නේ නෑ.ඇත්තටම අත පය හොඳට තියෙන අයට ඔහු අභියෝගයක් කියලා මට හිතෙනවා. අපේ ජීවිතවල පුංචි පුංචි දේවල් ගැන හිත හිතා දුක් වෙවී ජීවිතයෙන් බසුබහින අයට ඔහුගේ ආත්ම ශක්තිය ගැන හිතලා ලැජ්ජා වෙන්න ඕනේ.. තමන් ආබාදිත උනත්...ඔහු ජීවිතය ජය අරන් තියෙන විදිය නම් හරිම අපූරුයි...

    හරිම ලස්සන... ආදර්ශමත් පෝස්ටුවක් මල්ලී

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අක්කෝ... හොඳට ඉන්න මිනිස්සු බලන්නේ වතුර වීදුරුවේ පිරුණු පැත්ත නෙවෙයිනේ... නොපිරුණ පැත්ත... ඉතින් එහෙම අයට කවදාවත් හොඳ අනාගතයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි... හැම වෙලේම තමන්ට තියෙන දේ ගැන සතුටු වෙනවනම් ඒ තියෙන ටිකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවනම් ජීවිතේ කවදාවත් නීරස එකක් වෙන්නේ නෑ...

      බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ...

      Delete
  16. ඔහුගේ අපරිමිත දහිරිය අගය කල යුතුයි ඇත්තෙන්ම.එහෙත් ඔහුගේ ෆයිබර් මිශ්‍ර කකුල් දෙකෙන් සෑහෙන්න වාසයක් ලැබෙනවා ඔහුට.ඒ තුලින් තෙරපීමක් ඇති වෙලා ඉදිරියට තල්ලු වෙනවා ඒ නිසා අමුතුවෙන් ජවයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම දේකුත් ඇති කියලා හිතෙනවා තමා... එතකොට දුවන වෙලාවට ඇඟ ගැස්සෙනවා වුණත් අඩු ඇති... අර වාහන වල shock absorber දාලා තියෙනවා වගේ... හැබැයි අපිට ඔහොම දෙයක් වුණා නම් අපි ජීවිත කාලෙම අනුන් එක්ක තමන් සන්සන්දනය කර කර තමන්ගේ නැති දේ ගැන හිත හිත ඉන්නවා මිස ඔය වගේ ජයග්‍රහන ගැන හිතන්නේවත් නෑ නේ... නේද? ඒ අතින් එයා හරිම ශ්‍රේෂ්ඨයෙක්...

      බොහොම ස්තූතියි ඇවිත් ගියාට... ජය වේවා...

      Delete
  17. ඔව් යතාර්තයක් වෙන්නෙ සිහිනයක්ම තමයි සත්තයි ජය

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... සිහින නොදකින්නෙකුට කවදාවත් ජයග්‍රාහකයෙක් වෙන්න බෑ නේ... නේද?

      තැන්තූ තැන්තූ මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙම එන්නකෝ..

      Delete
  18. ඉතාම වැදගත් ලිපියක්. සිහිනයක් ජය ගන්න නම් කැපවීම උපරිමයෙන්ම තියෙන්න ඕනේ.
    ජිවිතයට ආදර්ශයක් ගත හැකි ලිපියක්.
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට...

      ඒක ඇත්ත... සිහින දැකීම වගේම ඒ වෙනුවෙන් කරන කැපවීම මත තමා ජයග්‍රහණය කියන දේ රඳා පවතින්නේ... ආයෙමත් එන්ටකෝ එහෙනම් මේ පැත්තේ... ඔබට ජය...

      Delete
  19. අපුරු විස්තරයක් යාලු ..ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ මේ පැත්තටත් ඇවිත් ගියාට... ඒ වගේම කමෙන්ට් කළාට... ආයෙම එන්ටකෝ මේ පැත්තේ... ජය වේවා...

      Delete
  20. ඔස්කා පිස්ටෝරියස් ලෝකය විතරක් නෙවේ ජීවිතයත් ජයගත්තා. මෑත කාලයේ මොහු ලෝකයේම අවධානය දිනාගත් ක්‍රීඩකයා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියේ... ජිවිතේ ගැන පටු විදිහට හිතන අනාගතයක් නොදකින ජීවිත වලට කදිම ආදර්ශයක් තමා ඔස්කා...
      බොහොම ස්තූතියි මේ පැත්තටත් ආවට... සුභ දවසක්..

      Delete
  21. කොච්චර වටිනා ලිපියක්ද? අන්තිමට දීපු ආදර්ශයත් ඒ වගේමයි. ඔස්කාර් ඒ අයිතිය දිනා ගත්තට පස්සේ මොකද උනේ? එයාට සාමාන්‍ය අය එක්ක තරඟ කරලා දිනන්න ලැබුනද?

    ReplyDelete
    Replies
    1. ඔස්කා මුලින්ම සාමාන්‍ය ක්‍රීඩකයන් එක්ක තරග වැදුනේ 2005 දි ... ඒ දකුණු අප්‍රිකානු මලල ක්‍රීඩා සූරතාවලියට... ඊට පස්සේ ඉතින් ආබාධිත සාමාන්‍ය කියලා වෙනසක් එයාට නොදැනෙන්න ඇති... නේද? ඔලිම්පික් යද්දි තමා අර ගැටලුව ආවේ... කොහොම හරි එයා මේ ළඟදි තිබුන ලන්ඩන් ඔලිම්පිත් තරඟෙටත් සහභාගී වුණා නේ අක්කෝ...

      ගොඩක් ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ මේ පැත්තේ... ජය වේවා...

      Delete
  22. ම්ම්ම්... මටනම් මේ හැම කරුනක් ම අළුත්.ස්තුතියි මලයා, ගෙහුං එඤ්ඤං..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ එහෙනම් ඇවිත් යන්ට... ජයෙන් ජයම වේවා ඔබටත්...

      Delete
  23. අලුත් මලේ නියමයි. හිත ගොඩක් හැඟීම් බර උනා. මේ පොස්ටුව කියවල. සැබවින්ම ඔහු උත්සහවන්තයෙක්.

    ReplyDelete
    Replies
    1. ආ කෝරලේ මහත්තයෝ... එහෙන්ම් මේ පැත්තටත් සැපත්වුණා ආයෙම...

      හා හා... අඬන්ට එපා හැඟීම්බර වෙලා...

      එයා ලොකු ආදර්ශයක් තමා දිලා තියෙන්නේ අපි හැමෝටම... ඉතින් අපිත් උත්සහා කරමු නේද ජීවිතේ ජය ගන්න...

      ආයෙමත් එන්ටකෝ එහෙනම් මේ පැත්තේ... ජය වේවා...

      Delete
  24. අඩේ පට්ට මනුස්සයෙක් නේ
    මාර හිතේ හයියක් තියෙන්නේ
    හිතේ හයිය තියේ නම් මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් නෑ
    අපිට මෙව්වා පාඩම්
    හිතට ගත්තොත් අපිටත් හොදට දියුණු වෙන්න පුළුවන් නේද :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... අපිට නැත්තේ ඕකනේ... හිතේ හයිය තමා වැඩි කරගන්න ඕන...

      ආයෙමත් එන්ටකෝ එහෙනම් මේ පැත්තේ... සුභ දවසක්...

      Delete
  25. කොයිතරම් වාසානාවන්ත උත්සහවන්තයෙක්ද...හිතේ මොන තරම් හයියක් ඇතිද.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කෝ... දැක්කම දුක හිතෙනවා නේද... වාසනාව ළඟා කර ගන්න ඕනත් තමන්මයි කියනවනේ... අත්සාහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ...

      බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ එහෙනම්....

      Delete