හ්ම්ම් අදත් සොෆ්ට්වෙයාර් එකක්ද? හිතුනා නේද එහෙම? හරි හරි... මං කියනවට විනාඩියක් ඉඳලා බලන්නකෝ... මං ඉතින් වෙන කව්රුවත් හදපු ඒව දෙනවා කියලයැ... මං හදපු එකක්මනේ දෙන්නේ...
කොටින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ සිව්පද කවි පෝස්ට් එකකට ඇතුළත් කරන්න කලින් සිරස් අතටත් තිරස් අතටත් රේඛීයව ආකෘති ගැන්වීම... හ්ම්ම්... මොකක්ද ඒ කතාව?
මෙහෙමයි... ඔන්න ඔයා අළුතෙන් ලියනවා කවි පන්තියක්... කවි දහයක් කියලා හිතන්නකෝ... දැන් ඒවා බ්ලොග් පෝස්ට් එකක් විදිහට බ්ලොග් එකට ඇතුළත් කරන්නයි යන්නේ... ඒත් ඔතනදි ලොකු ගැටළුවකට මූණ දෙන්න වෙනවා... ඒ තමයි කවිය ලිව්වට පස්සේ කවියේ දකුණුපස මායිම සිරස්ව එක තලයකට ගේන්න තියෙන අපහසුව....
පායා එන හිරු අඳුරේ තියා දින ගතවෙනවා
කොයි කොයි මලත් සුවඳට තිබුණත් පරවෙනවා
දිලුනත් කොතරම් සඳ දිනයක අඳුරේ ගිලෙනවා
හමුවෙන අය වෙන් වන ලෝ දම පවතිනවා
බලන්න මේ කවිය දිහා... මේ කවියේ හැම පේළියකම අන්තිමට තියෙන “වා” කියන අකුර උඩ ඉඳන් පහලට හරි කෙලින් තියෙන්න ඕන නේද? ඒත් බ්ලොග් පෝස්ට් එකක කවි ටයිප් කරද්දි කවියේ මැද ගැලපෙන තරමට ස්පේස් තියලා වුණත් දකුණු කෙළවර එක පේළියට ගන්න නම් බෑ... අපි ගාව කවි දහයක් තියෙනවනම් පෝස්ට් එකට දැම්මම කවි දහයේම පේළි වල අන්තිම අකුරු හරි කෙළින් තියෙන්න ඕන හරි විදිහට නම් ... හරියට බිත්තියක කොනක් වගේ... ඒත් ඒ වැඩේ ප්‍රායෝගිකව කරන්න ගියාම විඳින්න වෙන අපහසුතාව මට වැඩිය හොඳට කවි ලියන ඔයාලම දන්නවා ඇති... කවි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න මේ වැරැද්ද තව තවත් හොඳට පේන්න ගන්නවා... ඔන්න ඔය වැරැද්ද ලේසියෙන්ම නිරාකරණය කර ගන්න තමා මේ සොෆ්ට්වෙයාර් එක හැදුවේ...
මෙතන තියන මූලධර්මය හරි සරලයි... අපි කරන්නේ මේ කවිය වගුවකට ඇතුළත් කරන එක... මුලින්ම වගුවක් හදා ගන්නවා තීරු දෙකක් තියෙන... පේළි අවශ්‍ය තරම් හදාගන්නවා... ඒකෙ වම් පැත්තේ තීරුවට කවියේ වම් පැත්තේ පද පේළි ඇතුළත් කරනවා... ඒ වගේම වගුවේ දකුණු පැත්තේ තීරුවට කවියේ දකුණු පැත්තේ පද පේළි ඇතුළත් කරනවා... හරියටම මෙන්න මේ වගේ...

ඔය ප්‍රශ්ණේ මුලින්ම මම දැක්කේ දවසක් අමා අක්කගේ බ්ලොග් එකට ගිය දවසක... ඉතින් මං එතන පොඩි කමෙන්ට් එකක් දාලා ආවා... ඒ කමෙන්ට් එකේ දැම්මෙත් මේ මූලධර්මෙම තමා... හැබැයි වැඩේ ඉවර කරගන්න වෙබ් අඩවි දෙක තුනකට යන්න ඕන... අතින් කෝඩ් මකලා ලියලා ලොකු වැඩ ටිකක් කරන්න ඕන... කවි දහයක් පහලවක් තිබුනොත් නොදන්න කෙනෙක් කෝඩ් අතරේ අතරමං වෙනවා යන එන මං හොයා ගන්න බැරුව... මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවනම් ඔය මොකුත් නෑ... එක පියවරෙන් වැඩේ ඉවරයි... අමා අක්කා මේ පෝස්ට් එක බලනවනම් කියන්නකෝ ඒ ක්‍රමේද මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන එකද වැඩිය ලේසි කියලා...
(මලා.... දැන් ඉතින් කවි ටික අනවසරයෙන් භාවිතා කරා කියලා අමා අක්ක නඩු දායිද දන්නෑ... මොනා කරන්නද ඉතින්... ඒ කවි ටික පී.ඩී.එෆ් එකේ පේනවට... ඕං අපි එහෙම නෑ ඕවට... ඔයාලා ඒකට කවි බලන්ට එපා... තියරි විතරක් බලන්න...)
මුලින් මම හිතුවේ අමා අක්කගේ බ්ලොග් එකට මම කමෙන්ට් එකක් විදිහට දැම්ම තොරතුරු ටික මෙතන ඒ විදිහටම දාන්නම් කියලා... ඒත් ඉතින් ඒකම ආයේ දාන එකේ තේරුමක් නෑ කියලා හිතුණා... ඒ හින්දයි මේක හැදුවේ...
මුලින්ම යන්නකෝ මෙතනට....
(siwpada.blogspot.com)
මේකෙ ඩවුන්ලෝඩ් කරන්න එහෙම මොකුත් නෑ... මෙතනම මේ කියලා තියෙන පිළිවෙලට වැඩේ කරගෙන කරගෙන යන්නයි තියෙන්නේ... ටයිප් කරන්න පටන් ගන්න කලින් පිටුවේ යටම තියෙන New කියන බොත්තම උඩ දෙතුන් පාරක් ක්ලික් කරන්න... එතකොට හිරවෙච්ච පරණ කෝඩ් කෑලි එහෙම තිබුනොත් ඒවා අයින් වෙලා යයි... දැන් කවිය මේකේ ටයිප් කරන්න... දැන් ඉතින් කවිය ටයිප් කරන විදිහ මම කියන්න ඕන නෑනේ... සිව්පදේ විදිහටමයි ටයිප් කරන්න කොටු ටිකත් දීලා තියෙන්නේ...
මේකෙ ටයිප් කරනවට වැඩිය වෙන තැනක කලින් ටයිප් කරලා කොපි කරලා මේකට පේස්ට් කරන එක වැඩිය හොඳයි... නෝට් පෑඩ් එකක වගේ... කොහොම හරි ඔය විදිහට පුරවගන්නකෝ... දැන් පහළ තියෙන Add කියන බොත්තම උඩ ක්ලික් කරන්න... Add උඩ ක්ලික් කරපු ගමන් කවි දාන තැන හිස් වෙනවනේ.... කවි පන්තියේ තව කවි තියෙනවනම් ආයෙත් කලින් වගේම ටයිප් කරලා Add උඩ ක්ලික් කරන්න... ඔය විදිහට කවි ටික ඉවර වෙනකල්ම එකතු කරන්න... මෙතනදි අළුත් කවියක් දාන්න යනකොට පිටුවේ යටම තියෙන New කියන බොත්තම එහෙම ඔබන්න එපා... ඒක ඕන වෙන්නේ වෙනම කවි පන්තියක් ආයෙමත් ටයිප් කරනකොට දැනට තියෙන කෝඩ් අයින් කරලා දාලා ටිකක් රීෆ්‍රෙෂ් වෙන්න...
දැන් වැඩේ තේරුණානේ... Add කියන බොත්තම ක්ලික් කරනකොට කලින් කවියේ කෝඩ් එකට අලුත් කවියේ කෝඩ් එක එකතු වෙනවා... කෝඩ් කතාව ගැන හිතන්න ඕන නෑ... වැඩේ කොහොම හරි වෙනවා... මේ විදිහට කවි ඔක්කොම එකතු කර ගන්නකෝ...
ඊළඟට කරන්න තියෙන්නේ කවියේ පළල සකස් කර ගන්න එක... ඒක දැනට ඔහොමම 425 ම තියන්න... බ්ලොග් එකට කවිය දැම්මම තේරනවා ඒකෙ පළල ඇතිද වැඩිද මදිද කියලා... ඒ අනුව ගැලපෙන අගයක් මේකට දාන්ට පුලුවන්...
ඊට පස්සේ කරන්න තියෙන්නේ Generate code උඩ ක්ලික් කරන එක... දැන් වැඩේ ඉවරයි... එතකොට යට තියෙන කොටුවට කෝඩ් එක ඉබේම හැදිලා එනවා... කරන්න තියෙන්නේ ඒක සිලෙක්ට් කරලා කොපි කරගෙන පෝස්ට් එකට දාන එකයි...
මේ විදිහට අපිට අන්තිමට ලැබෙන්නේ HTML කෝඩ් එකක්නේ... ඉතින් ඒ නිසා ඒක පෝස්ට් එකට දාන්නත් ඕන HTML කෝඩ් එක ඇතුළටමයි... ඒ නිසා කලින් පෝස්ට් එක දාන තැන උඩ තියෙන HTML කියන එක තෝරලාම ඉන්න...
දැන් ඉතින් පබ්ලිෂ් කරලා බලන්නකෝ...
මේ මෘදුකාංගය තමන්ගේ බ්ලොග් එකේ පාවිච්චි නොකරන පිටුවක දාලා තියාගත්තනම් කවි ලියන ලියන ගානේ මේ පැත්තේ එන්න කරදර වෙන්න ඕන නැ නේ නේද? මෙහේ එනවට අකමැත්තෙන් එහෙම නෙවෙයි ඕන්... එන තරමට මම නම් කැමතියි... ඔයාලගේ පහසුවටයි එහෙම කිව්වේ... සී පද බ්ලොග් එකේ තියෙනවා කෝඩ් එක බාගන්න තැනක්.... ඒකෙන් අරන් පෝස්ට් එකක් දාන විදිහටම දාගන්න.... නැත්නම් ඒ පිටුවම සේව් කරගන්න කම්පියුටරේට... මං ඔය යුනිකෝඩ් කී බෝඩ් එකෙන් ඕෆ්ලයින් ටයිප් කරනවා වගේ... වැඩේ ඉවරයි එතකොට...
කවි සැපයීමෙන් මේ පෝස්ට් එක ලියන්න උදව් කළ පියුමි අක්කටත් ගියපාර පෝස්ට් එක බලපු කමෙන්ට් කරපු හැමෝටමත් නැවත වාරයක් ස්තූති කරන්න ඕන.... ඒ වගේම සී පද බ්ලොග් එකේදි එන ගැටලු යෝජනා චෝදනා ඔක්කොම දාන්න... අඩුපාඩු ටික අනිවාර්යයෙන්ම දාන්න.... එතකොට ඒවා වෙනස් කරන්න පුලවන්නේ... එහෙනම් අදට ගිහින් එන්නම්කෝ... සුභ දවසක් හැමෝටම...
සමු ගන්නට පෙර ....
අප කලින් පිබිදුනු පලියට කලින් හිරු පායන්නේ නැත... එහෙත් හිරු පායන්නේ කෙදිනද එදිනට අප කලින් පිබිද සිටීමේ වැදගත්කම දැනෙනු ඇත...