Saturday, August 17, 2013

[11] ආයෙත් ඒම සහ සිංහල සබ්ටයිටල්..

ආයුබෝවන් යාළුවනේ. ඉතින් කාලෙකට පස්සේ. පහුගිය දවස්වල එක එක වැඩ නිසා මේ පැත්තේ එන එක මගහැරුනා. ඔන්න ආයෙත් ලියන්න පටන් ගත්තා.

අද මං සිංහල සබ්ටයිටල් ෆිල්ම්ස් වලට දාගන්න හැටි බෙදාගන්න කියලා හදන්නේ. මං දාන හැටි කියලා විශේෂයෙන් කිව්වේ මීට වඩා වෙනස් ක්‍රම ඕන තරම් ඇති. මට හරිගිය ක්‍රමේ තමා මේක. ඉතින් නොදන්න කෙනෙක් හිටියොත් කියලයි බෙදාගන්නේ. දන්න අය බනින්ට එපා හොදේ.

ගොඩක් වෙලාවට ෆිල්ම් බලන්නේ අරෙහෙන් මෙහෙන් ඩවුන්ලෝඩ් කරපුවානේ. ඒවා
.avi
.vob
.mkv
.flv

වගේ ෆෝමැට් වලින් තියෙනවා.  ඉතින් ඕවා හැම එකක්ම ප්ලේ වෙන VLC කියන ප්ලේයරේ මං පාවිච්චි කලේ ගොඩක් කල් ඉදන්. වැඩි කරදරයක් නැති ඒක ලේසියි.

සබ්ටයිටල් ගත්තම මේ වගේ ෆෝමැට් වලින් තියෙනවා.

.srt
.ass
.sub

VLC ප්ලේයරේ සබ්ටයිටල් පාවිච්චි කරද්දි මට ආව ගැටළු තමා මේ. එකේ යුනිකෝඩ් සබ්ටයිටල් විකාර වෙලයි ඒකේ පේන්නේ. අනිත් ප්ලේයර් වල වත් පේනවද

මන්දා. මේකේ නම් පේන්නේ මෙහෙම.

සමහර යුනිකෝඩ් සබ්ටයිටල් දැම්මම කොටු කොටු පේන්න ගත්තා.




අනිත් වර්ගේ .ass. මේ වර්ගෙදි අකුරු පෙනුනත් පේන්නේ අමුතු විදිහට. මෙන්න මේ වගේ.



ඔන්න ඕවාට තමා උත්තර හොයන්න ඕන වුණේ මට.


දැනගන්න ඕන 1.
එතකොට දැනගන්න තියෙන එක කතන්දරයක් තමා යුනිකෝඩ් සබ්ටයිටල් හොදට පේන ප්ලේයර් මොනාද කියලා. KM Player කියන එකේ නම් පේනවා. ඒත් ඒ ප්ලේයරේ මට හරිගියේ නෑ.


දැනගන්න ඕන 2.
අනික VLC ප්ලේයරේ යුනිකෝඩ් සබ්ටයිටල් හරියට බලන්න ක්‍රමයක් තියෙනවද?

දැන් දාන්නේ මං කරදරයක් නැතුව සිංහල පේන්න සබ්ටයිටල් දැම්ම  ක්‍රමේ.

සාමාන්‍ය යෙන්  ෆිල්ම් එකකට සිංහල සබ්ටයිටල් දානකොට කරන්නේ මේ වගේ දෙයක්නේ.
1.   ෆිල්ම් එකේ නම google වල සර්ච් කරලා ඉංග්‍රීසි සබ්ටයිටල් තියෙනවද කියලා බලනවා.
2.  තියෙන ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් ඩවුන්ලෝඩ් කර ගන්නවා.
3.  ඒක  ෆිල්ම් එක තියෙන ෆෝල්ඩරේට දාගන්නවා.
4.  සබ්ටයිටල් එකේ නම ෆිල්ම් එකේ නමට සමාන වෙන විදිහට රී නේම් කර ගන්නවා.
5.  සබ්ටයිටල් එක නෝට්පෑඩ් වල ඕපන් කර ගන්නවා.
6. දැන් ඒකේ තියෙන ඉංග්‍රීසි දෙබස් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කර ගන්නවා.
7. සේව් කරනවා.

එච්චරයිනේ.

ඔච්චර හරියක් කරලත් අකුරු මුක්කන් වෙලා පේනවනම් මොකෝ කරන්නේ?

මං කළා මෙහෙම.

පියවර 1.

ෆිල්ම් එකේ නම google වල සර්ච් කරලා ඉංග්‍රීසි සබ්ටයිටල් තියෙනවද කියලා බලන්න. මට ඕන The Bourne Identity - 2002 කියන  ඉංග්‍රීසි සබ්ටයිටල් එක.

ඉතින්  The Bourne Identity English Subtitles කියලා සර්ච් කරලා එන එකක් ඩවුන්ලෝඩ් කර ගන්න.


පියවර 2.
අපිට ඕන .ass කියන වර්ගේ සබ්ටයිටල් ෆයිල් එකක්. ඩවුන්ලෝඩ් වුණ ෆයිල් එක .ass කියන වර්ගේ නෙවෙයි නම් ඒක  .ass බවට හරවගන්න ඕන. 

ඩවුන්ලෝඩ් වුණ ෆයිල් එක .srt වර්ගයේ කියලා හිතනන්කෝ. පරිවර්තනය කරන්නේ මෙහෙමයි.


පියවර 3.
මෙතනින් මේ මෘදුකාංගේ අරන් ඉන්ස්ටෝල් කර ගන්න.

Download
697 kb


පියවර 4.
Start > All Programs > VobSub > SubResync ලෙස  SubResync විවෘත කර ගන්න.





පියවර 5.
අවශ්‍ය සබ්ටයිටල් එක open හරහා විවෘත කර ගන්න.


පියවර 6.
Save as බොත්තම ක්ලික් කරලා Save as type කියන එකෙන්  Advanced Sub Station Alpha (.ass) කියන එක තෝරලා සේව් කරන්න.  




දැන් අපි ගාව .ass වර්ගයේ ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් තියෙනවා.


පියවර 7.

සබ්ටයිටල් එක  ෆිල්ම් එක තියෙන ෆෝල්ඩරේට දාගන්න.


පියවර 8.
සබ්ටයිටල් එකේ නම ෆිල්ම් එකේ නමට සමාන වෙන විදිහට රී නේම් කර ගන්න.

පියවර 9.

සබ්ටයිටල් ෆයිල් එක වර්ඩ් වල ඕපන් කර ගන්න.
Right click > open with > microsoft office word


පියවර 10.
ඒකේ ඇති මෙන්න මෙහෙම කොටසක්.



එතන තියෙන්නේ ඉංග්‍රීසි ෆොන්ට් එකක්. මේකෙ නම් තියෙන්නේ Arial කියලනේ. ඒක වෙනුවට කම්පියුටරේ තියෙන සිංහල ෆොන්ට් එකක නමක් මාරු කරන්න.

 FMBindumathi වගේ එකක්.




පියවර 11.

දැන් සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි  දෙබස් පරිවර්තනය කරලා ටයිප් කරන්න ඕන. හැබැයි යුන්කෝඩ් වලින් නෙවෙයි. අර දැම්ම ෆොන්ට් එකෙන්. ඒ වැඩේ කරන්නේ

මෙහෙම. මුලින්ම මේ මෘදුකාංගේ ඩවුන්ලෝඩ් කර ගන්න.

Download
223 kb


පියවර 12.
ඒ මෘදුකාංගේ උඩ නිකම්ම ක්ලික් කරලා ඕපන් කර ගන්න. ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.




මේ වගේ ටික් එකත් දා ගන්න.

මේක නිකං කී මෑන් වගේ සිංහල ටයිප් කරද්ද අක්ෂර නිවැරදි කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසි එකක්. හැබැයි යුනිකෝඩ් ටයිප් කරලා මේක ඕපන් කළොත්

මගේ ලැප්ටොප් එකේදි නම් හරියට වැඩ කළේ නෑ.


පියවර 13.

දැන් මේ විදියට දෙබස් විතරක් සිලෙක්ට් කරලා පරිවර්තනය කර ගන්න. පස්සේ සේව් කරන්න.





පියවර 14

දැන් ප්ලේයරේ ප්ලේ කරලා බලන්න. ආ. ඔය තියෙන්නේ අපූරුවට.






ගැටළු
මේකේ තියෙන එක ගැටළුවක් තමා කම්පියුටරේ සිංහල අක්ෂර තියෙන්න ඕන වෙන එක. අපි සටහන් කරපු ෆොන්ට් එක නැත්තන් කිරිකිස්තාන් භාෂාවෙන් පේන්න ගන්නවා.




වාසි.
මේකෙදි අපිට ඕන නම් ඉංග්‍රීසි සිංහල දෙමළ හින්දි භාෂා සීයක් හරි එක පාර ඇතුළත් කරන්න පුළුවන්. මේ වගේ.



  

එතනදි කරන්න තියෙන්නේ මේ විදිහට styles අවශ්‍ය ගානක් හදාගන්න එක.




ඊට පස්සේ මේ විදිහට දෙබසට සම්බන්ධ කරනවා.




මේ වගේ පාට මාරු වෙන්න සබ්ටයිටල් දාන්නත් .ass වලදි පුළුවන්.




මං ආපු නැති දවස් වල ගොඩක් අය කමෙන්ට් කරලා තිබුනා. ඒ හැමෝටම ස්තූතියි. මේ පෝස්ටුව ගැනත් හිතෙන දේ කියලම යන්න. සුභ දවසක් ඔබට... 



32 comments:

  1. කාලෙකින් ඇවිත් ලොකු වැඩක් කියලා දීලා තියෙන්නේ... සතුටුයි නැවත ලියන එක ගැන

    ReplyDelete
  2. VLC does not support unicode.

    These players support unicode well,

    http://player.gomlab.com/eng/download/
    http://mpc-hc.org/
    http://www.splayer.org/index.en.html

    ReplyDelete
  3. මේක්නම් වටින පෝස්ටුවක්

    ReplyDelete
  4. අප්පට සිරි මල්ලි ඇවිල්ල..

    ReplyDelete
    Replies
    1. සිරි මල්ලි නෙවෙයි බං. අළුත් මල්ලි. කී පාරක් කියන්නද මංදා....

      Delete
    2. ඒකනේ.. දේශකයා මහතාට වැරදිලා.. මේ අළුත් මල්ලි. ක් ක්.

      Delete
  5. @රෙහානි
    බොහෝමත්ම ස්තූතියි. ආයෙමත් එන්න...

    ReplyDelete
  6. @Anonymous
    බොහොමත්ම ස්තූතියි ඇවිත් ගියාට වගේම විස්තර ලබා දුන්නටත්. මම මේ ප්ලේයර්ස් අරන් බලන්නම්. ආයෙත් එන්න.

    ReplyDelete
  7. @Loku John
    බොහොමත්ම ස්තූතියි ඇවිත් ගියාට. ආයෙමත් එන්න. සුභ දවසක්.

    ReplyDelete
  8. @දේශක යා
    එහෙනම් එහෙනම්.ක් ක්. ඔන්න ආයෙත් ආවා. දැන් දිගටම ලියමු. බොහොම ස්තූතියි ඇවිත් ගියාට. ආයෙමත් එන්න. සුභ දවසක්.

    ReplyDelete
  9. Mekath honday film balanna

    http://mirillis.com/en/products/splash.html

    ReplyDelete
    Replies
    1. මං ඩවුන්ලෝඩ් කරගෙන බලලා හොදද කියන්නම්කෝ. බොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට. ආයෙමත් එන්න. සුභ දවසක්..

      Delete
  10. ආ ... ඔය ඇවිත් තියෙන්නෙ.

    මේකනේ බං... මම නම් කවදාවත් සිංහල සබ් කොට කොට ඉන්නෙ නෑ, කෙලින්ම ගූගල් කරල සිංහල එකක් තියෙනම් හොයා ගන්නවා, ඔය baiscopelk, zoom, අරිසෙන් ල එහෙම සබ් දානව. නැත්නම් දෙයියනේ කියල තේරෙන හැටියට සබ් නැතුව බලනවා. එකම එක පාරක් නම් සිංහල සබ් එකක් හැදුවා. ඒ හැරී පෝටර් ෆිල්ම් එකකට, මතක හැටියට 6 වෙනි එකටද කොහෙද. ඒකෙ නෙට් එකේ හැම තැනම තිබුනෙ සිංහල සබ් එක කොටස් දෙකකට මගේ ළඟ තිබුනෙ තනි ෆිල්ම් එක. දෙවැනි සබ් එකේ ටයිම් යන්නෙත් මුල ඉඳල නිසා ඒ දෙක එකතු කරන්න විදියක් තිබුනෙ නෑ. පස්සෙ ඉංග්‍රීසි සබ් එකක් අරන් කොපි පේස්ට් කරල තනි එකක් හැදුවා.

    මට නම් කොහොමටත් VLC ප්ලේයරේ දිරවන්නෙ නෑ. මම ෆිල්ම් බලන්නෙ km ප්ලේයර් එකේ.

    අනෙක ඔයවිදියට ඉංග්‍රීසි සබ් එක හොයා ගත්තම අපි ළඟ තියෙන ෆිල්ම් එකේ කොපියෙයි සබ් එකෙයි ටයිමින්වල අවුල් තියෙන වෙලාවල් තියෙනව. km ප්ලේයර් එකේ නම් සබ් එකේ ටයිම් ඇජස්කරන් බලන්න පුළුවන්. VLC එකේ ඒ වගේ වෙලාවට මොකද කරන්නෙ.

    අනෙක් දේ අපි මැෂින් එකේ නැතුව පෙන් එකට කොපිකරන් ඩීවීඩී ප්ලේයර් එකක බලද්දි ඔය සබ් එකක්වත් ප්ලේ වෙන්නෙ නෑ. මම නම් ඒ වෙලාවට කරන්නෙ සබ් එකත් එක්කම නැවත ෆිල්ම් එක කන්වර්ට් කරනවා, සබ් එකේ ෆොන්ට් සයිස් ටිකක් වැඩිකරල. උඹ දන්න වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද ඒකට.

    ReplyDelete
  11. මමත් සබ්ටයිටල් ලියන්නේ නෑ මචෝ. මේ නිකමට වගේ කරලා බැලුවේ. VLC ප්ලේයරේ g , h කී බෝඩ් කී දෙකෙන් ඉක්මනට සබ් ඩිලේ කරන්න පුළුවන්. ටයිමින් කොහොමත් එකක් එකකට වෙනස් වෙන‍ වෙනලාවල් තියෙනවා. මං නම් g , h කී වලින් තමා එහෙට මෙහෙට කරන්නේ.

    ඩී වී ඩී ප්ලේයරේ කතාව නම් හරියටම දන්නේ නෑ මචෝ. අපේ ගෙදර ඩී වී ඩී එකක් නැති නිසා ෆිල්ම් බලන්නේ කම්පියුටරේ තමා. සබ් එක එක්ක කන්වර්ට් කරනවා කියන්නේ පැයක් විතර අරන් ‍ඒක කන්වර්ට් වෙනකල් ති‍යනවද?

    දැන් දිගටම ආයෙත් ලියන්න ඉන්නේ. බොහොම ස්තූතියි එහෙනම් මේ පැත්තට ඇවිත් ගියාට. ආයෙමත් එන්න. සුභ දවසක්..

    ReplyDelete
    Replies
    1. කන්වර්ට් කරන්න මම යූස් කරන්නෙ Xilisoft Video Converter එක. ඒකෙ ෆිල්ම් එක තේරුවම තව තැනක තියෙනව සබ්ටයිටල් එකක් ඇඩ් කරන්න පුළුවන්. එතන සබ් එකෙ පාට වෙනස් කරන්න, තව ඔය සබ් එක වීඩියෝ එකේ පෙන්නන් ඕන තැන වෙනස් කරන්න, ෆොන්ට් සයිස් එක හදන්න වගේ වෙනස්කමුත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයක් යන්නෙ නෑ, විනාඩි විස්සක් විතර තමා යන්නෙ.

      Delete
    2. අපි ඉතින් සල්ලි දීලා කන්වර්ටර් ගන්නේ නැති නිසා free එකක් හොයා ගන්න මාර දුකක් වින්දා. නැත්නම් සල්ලි ගෙවනකල් කන්වර්ට් කරන්න පුළුවන් දිග ලිමිට් කරනවනේ. Xilisoft එකත් එහෙමද? මං ගාව එකක් තිබුනා. ඒකට ගෙව්වේ නෑ කියලා දිග සිමා නම් නෑ. හැබැයි කන්වර්ට් කරේ සල්ලි නොගෙවලයි කියලා බැනර් එකක් දානව.

      Delete
    3. මොකෑ... අපි කවද්ද බං සල්ලි දීලා ගත්තෙ. මේක මේ ටොරන්ට්වලින් බාපු එකක්. ඒකෙ සීරියල් එකක් එක්ක දීල තිබුනෙ. ටොරන්ට්වලින් බලල ගනින්. සමහර කන්වර්ටර් නම් මහ චා තමයි.

      Delete
  12. මෙන්න මේකා ඇවිත්. උඹ ආයෙ අන්තරදාන වෙන්නෙ නෑනෙ. ඩොන්ගලයක් ගත්තද බං..

    උඹගෙ මේ විස්තර ටික හොඳයි. ෆිල්ම් වලට සබ් දාපුවම එක එක විකාර වෙනව මටත්. මාත් ඉතින් VLC තමයි.

    ReplyDelete
    Replies
    1. අන්තරදාන.. ස් අකුර ලොප් වෙලානෙ :D

      Delete
    2. ආවා ආවා. යන්තම් ආවා. ඩොන්ගල් එකක් නම් අරන් ගොඩක් කල්. ඒත් විභාග තිබුනා. ඒවත් එක්ක මේ පැත්තේ එන්න බැරි වුණා. දැන් ඒවා ටිකක් මගහැරිලා. ලියමු ලියමු. දිගටම ලියමු. මට නම් VLC එකේ එච්චර කරදරයක් නෑ වගේ. ඒකයි ඒක පාවිච්චි කරන්නේ.

      සුභ දවසක් කිව්වා එහෙනම්... ආයෙම එන්න...

      Delete
  13. අඩේ හෙන ප්‍රයෝජනවත්...
    පස්සේ දවසක ජොලියට වගේ එකක් හදලා බලන්නෝනා....

    ReplyDelete
    Replies
    1. හදල බලලා කියන්නකෝ වගතුග.. බොහොම ස්තූතියි එහෙනම්.. ආයෙත් එන්න...

      සුභ දවසක්..

      Delete
  14. ඔක්කොටම ඉස්සෙල්ලා කියහන් ආයේ එනවද කියලා මේ පැත්තේ? නැත්නම් කමෙන්ට් කරලා වැඩකුත් නෑ. :D

    උඹ කමෙන්ට් රිප්ලයි කරනකොට "රිප්ලයි " කියන ඔප්ෂන් එක පාවිච්චි කරහන්. නැත්නම් එව්වා බලන්න ගිහින් මවුස් එකේ ස්ක්‍රෝල් එක කඩාගන්න වෙනවා.
    ------
    මගේනම් ෆේවරිට් එක KM ප්ලේයර් එක.(මමත් AKMනෙ.) ඒක යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියෙන් ඉහලයි. අනික සිංහල සබ් වලින් ඉන්ග්ලිෂ් ෆිල්ම් බැලුවයි කියන්නේ දන්න වචනෙත් අමතක වෙන එක. ඒ හින්දා ඉංග්ලිෂ් සබ් එකක්ම දාගෙන ෆිල්ම් එක බලනවා.

    ------------
    පුරුද්දට උඹ, බං, පලයන් කියවෙනවා. අපි ඉතින් තුන්වෙනි පන්තියේ මිනිස්සුනේ.... :D

    ReplyDelete
    Replies
    1. එනෝ ඒනෝ... ආයේ දිගටම එනෝ..

      රිප්ලයි ගැටළුව වුනේ මෙහෙමයි. මේ තීම් එක මාර් කලේ ඊයේ. කලින් තීම් එකේ රිප්ලයි තිබුනේ වෙන වෙනම. ඉතින් ඒ නිසා @ දාන්න වුණා. දැන් හරි.. මේකෙ එතනම රිප්ලයි කරන්න පුළුවන්...

      KM ප්ලේයරෙත් මං පාවිච්චි කලා.. ඒකත් හොදයි..ඇයිද මංදා මගේ හිතට ඇල්ලුවේ නැ ඒක. සිංහල සබ් දැම්මොත් ඉංග්ලිෂ් අමතක වෙනවා. ඒක නම් ඇත්ත..

      උඹ, බං කිව්වට මොකෝ... අපි ඉතින් උපන්දා ඉදන් කතා කරන භාෂාව ඕකනේ.. එහෙම හොදා..

      ආයෙමත් එන්න එහෙනම්...බොහොම ස්තූතියි ඇවිත් ගියාට.... ජය වේවා... සුභ දිනක්....

      Delete
  15. මම සබ්ටයිටල් කියවන්නේ නැති නිසා ඔය වගේ ගැටලු නම් නෑ. නමුත් මේ සිස්ටම් එක ගැන යමක් දැනගත්තා. ඒ කොයි හැති වෙතත් උඹ ආපහු දකින්න ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. මාත් ටිකක් විෂයට අදාළ නිසා බලනවා. නැතත් සාමාන්‍යයෙන් සබ්ටයිටල් දාලා බලනවා. දැන් දිගටම ලියන්නයි ඉන්නේ. බොහොම ස්තූතියි එහෙනම් ඇවිත් ගියාට.. ආයෙත් එන්න... සුභ දිනක්...

      Delete
  16. අලුත් මල්ලි සෑහෙන කාලෙකින්. මම නම් KM Player එකට තමයි වැඩිපුර කැමති...සබ්ටයිට්ල දාද්දි උනත් වැඩි කරදරයක් නෑනෙ. කොහොම උනත් මේ විස්තර ටික නම් වටිනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. ටික කාලයක් එන්න බැරි වුණා.. දැන් දිගටම ලියමු.. මේ දවස් වල එක එක ප්ලේයර් දාලා සසදලා බලනවා හොද මොකක්ද කියලා.. win DVD කියලා නියම එකක් තිබුනා. දැන් ඒක ඉන්ස්ටෝල් කළත් වැඩ නෑ ... මොනා වෙලාද මන්දා...

      බොහොම ස්තූතියි එහෙනම් ඇවිත් ගියාට.. ආයෙත් එන්න...

      Delete
  17. ට්‍රයි කොරල බලන්න ඕනේ වෙලාවක කොහොම උනත් ආයේ පැමිණීම ගැන සතුටු වෙනවා
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... නිකන් ඉන්න වෙලාවක ට්‍රයි කොරල බලන්ටකෝ...

      බොහොම ස්තූතියි ඇවිත් ගියාට... ආයෙමත් එන්න... සුභ දිනක්..

      Delete
  18. මටත් km player එක එච්චර අල්ලන්නෙ නෑ.VLC PLAYER එක තමයි අල්ලන්නේ.
    මට ආස හිතුන නිසා මමත් මේ බ්ලොග් එකට ජොය්න් උනා

    ReplyDelete