Saturday, September 29, 2012

[6] කියවන වේගය මැන බලන්න මෘදුකාංගයක්

බ්ලොග් කියවන ලියන හැම දෙනෙක්ම කුමක් හෝ භාෂාවක් අළුතෙන් ඉගෙන ගන්නවාට සැකයක් නැත... අළුත් මල්ලි නම් මේ දවස්වල ඉගෙන ගන්නේ ඉංග්‍රීසිය... ඉංග්‍රීසි දන්නෝ කොරියන් ජපන් හින්දි මෙකී නොකී දහසක් භාෂා යම් යම් දේ අරමුණු කර ගනිමින් ප්‍රගුණ කරති... මෙසේ ඉගෙන ගනිද්දී එකී භාෂාවෙන් ලියවුණු පොත පත කියවීමේ වේගයද දිනෙන් දින වැඩිදියුණු කර ගත යුතුය... වචනයක් කෙසේ හෝ කියවන්නට හැකි වීම හා ක්ෂණිකව නිසි ලෙස උච්ඡාරණය කොට කියවන්නට හැකිවීම යනු ‍එකක් නොව දෙකකි...

මාගේ ඉංග්‍රීසි ගුරුතුමා වන සුසිල් නානායක්කාර මහතා නම් පවසන්නේ අවම වශයෙන් විනාඩියකට වචන 240 ක් වත් කියවන්නට පුරුදු පුහුණු විය යුතුය කියාය... මේ මෘදුකාංගය ඒ වෙනුවෙනි...

පුවත්පතක් ගෙන එහි කොටසක් කියවා විනාඩියකට කියවන වචන ගණන ගැන බැලීම සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදය වුවත් තනියම මේ කාර්යය කරන විට පැනනැගෙන අපහසුතා බොහොමයකි... කාලය ගණනයට stop watch එකක් භාවිතා කළ හැකි වුවත් එහිදී ඇතිවන ප්‍රධානතම ගැටළුව වන්නේ විනාඩිය ගතවී ඇත්දැයි නැවත නැවත විමසා බැලිය යුතු වීමය... අවධානය බි‍ඳීමට එය හොඳම හේතුවකි... මෙම මෘදුකාංගය හරහා උත්සහා කර ඇත්තේ එවන් අපහසුතා කිහිපයක් මගහැරවීමටය...

මුලින්ම මෙතනින් එය ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න. 


      Download       338.49 KB
1. Download මත ක්ලික් කරන්න.     
2. මඳක් රැඳී සිටින්න.
3. SKIP AD මත ක්ලික් කරන්න.
4. Download මත ක්ලික් කරන්න. 


 ඉන් පසු විවෘත කර ගන්න...



දැන් කියවීම පුහුණු විය යුතු භාෂාවෙන් ඇති ලියවිල්ලක් අතට ගෙන ඔබේ කියවීමේ වේගය මැන බැලීමට සූදානම් වන්න... මුලින්ම කළ යුත්තේ මෙහි ඇති ලැයිස්තුවේ දැනට ඇතුළත් කර ඇති දත්ත ඉවත් කර ගැනිමය... ඒවා යොදා ඇත්තේ ඔබට මේ පිළිබඳව යම් අදහසක් ලබා ගැනීමට පමණි... වම් පස පහළ ඇති ලැයිස්තුවේ ඇති දත්ත පේළියක් මත ක්ලික් කර බලන්න... එවිට එය සිලෙක්ට් වේ... දැන් Remove බොත්තම මත ක්ලික් කරන්න... එවිට එය ඉවත් වේ... මෙලෙස දැනට ඇතුළත් කර ඇති දත්ත සියල්ල ඉවත් කර ගන්න...

දැන් කියවීමට සූදානම් වී Start බොත්තම මත ක්ලික් කරන්න... නැතිනම් යතුරු පුවරුවේ ස්පේස් බාර් එක හෝ Enter කී එක ඔබන්න... එවිට කාලය ගණනය ඇරඹේ... ඒ බව කුඩා ශබ්ධයක් මගින් ඔබට දැනුම් දෙයි... මේ නිසා ගණනය ඇරඹ්මට පරිගණක තිරය දෙස බැලීම අත්‍යාවශ්‍ය නොවේ... පුවත්පත දෙස බලාගෙන වුවද එය සිදුකළ හැකිය...

හරියටම විනාඩියක් ගතවූ කළ නැවතත් කුඩා ශබ්ධයක් නගමින් ගණනය නවතී... මේ නිසා කාලය ගතවී අවසන්ද නැද්ද යන්න සොයමින් පරිගණක තිරය දෙස බැලීමටද ඔබට සිදු නොවේ... ශබ්ධය ඇසුණ සැනින් ඔබේ කියවීම නතර කරන්න...

දැන් කියවු වචන ගණන සළකුණක් තබාගෙන ගණනය කරගන්න... අද දිනයේ ඔ‍බ විනාඩියකට කියවූ වචන ගණන මෙම මෘදුකාංගයට ඇතුළත් කර තබන්න... ගණනය අවසන් වූ නිසා කර්සරය ඉබේම වචන ගණන ඇතුළත් කරන කොටුවේ රැඳී ඇති බව ඔබට දැක ගත හැකිය... කියවූ වචන ගණන පණස් හයක් නම් 56 ලෙස කොටුවේ ටයිප් කර Add බොත්තම මත ක්ලික් කරන්න... නැතිනම් Enter යතුර ඔබන්න...   එවිට දිනය වෙලාවද සහිතව ඔබගේ අද දින හැකියාව දත්ත සමුදායට එක්වේ... මේ ආකාරයට සෑම දිනකම මිනිත්තු 15 ක් ලිපියක් කියවීම පුහුණු වීම සඳහාත් තවත් මිනිත්තුවක් ඔබේ ප්‍රගතිය පරික්ෂා කර සටහන් කර තැබීමටත් වැය කළ හැක...ඔබේ ප්‍රගතිය දත්ත සමුදායට දිනපතා එක් කරන නිසා සතියකට පසුව, මසකට පසුව ආදී වශයෙන් ඔබේ සමස්ත ප්‍රගතිය පිළිබඳ දළ අදහසක්  ලබා ගැනිමටද මෙය ඔබට උපකාරී වනු ඇත...

මෙම මෘදුකාංගය නිර්මාණය කිරීමේ අදහස, නිර්මාණය කිරීම හා සෙටප් කිරීම මාගේ වුවත් මෙහි මූලික අදහස පළකල සුසිල් නානායක්කාර මහතාට මාගේ ස්තූතිය හිමිවිය යුතුය... මෙහි ඇති ගුණාගුණ කමෙන්ට් වශයෙන් මාහට දන්වන්නේ නම් එමගින් මා වඩාත් ධෛර්යමත් වනු ඇත...

මෘදුකාංග සංවර්ධනය හදාරණ අයට වෙනදා මෙන්ම අදද මෙහි සෝර්ස් කෝඩ් එක ලබා දී ඇති අතර එය මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න...

     Download      48 KB

1. Download මත ක්ලික් කරන්න.     
2. මඳක් රැඳී සිටින්න.
3. SKIP AD මත ක්ලික් කරන්න.
4. Download මත ක්ලික් කරන්න. 


 මෙහි දත්ත සමුදායට යන දත්ත ඇසුරින් අවසානයේ ඔබේ ප්‍රගතිය පෙන්වන ප්‍රස්ථාරයක් ලබා ගත හැකි ආකාරයටත් එය අවශ්‍ය විටෙක මුද්‍රණය කර ගත හැකි ආකාරයටත් මෙය සංවර්ධනය කළ හැකිය...


සමු ගන්නට පෙර :  
|      "පිළිකුල් කළ යුත්තේ පාපකරු නොවේ. පාපයයි." මහත්මා ගාන්ධි       |