Saturday, August 17, 2013

[11] ආයෙත් ඒම සහ සිංහල සබ්ටයිටල්..

ආයුබෝවන් යාළුවනේ. ඉතින් කාලෙකට පස්සේ. පහුගිය දවස්වල එක එක වැඩ නිසා මේ පැත්තේ එන එක මගහැරුනා. ඔන්න ආයෙත් ලියන්න පටන් ගත්තා.

අද මං සිංහල සබ්ටයිටල් ෆිල්ම්ස් වලට දාගන්න හැටි බෙදාගන්න කියලා හදන්නේ. මං දාන හැටි කියලා විශේෂයෙන් කිව්වේ මීට වඩා වෙනස් ක්‍රම ඕන තරම් ඇති. මට හරිගිය ක්‍රමේ තමා මේක. ඉතින් නොදන්න කෙනෙක් හිටියොත් කියලයි බෙදාගන්නේ. දන්න අය බනින්ට එපා හොදේ.

ගොඩක් වෙලාවට ෆිල්ම් බලන්නේ අරෙහෙන් මෙහෙන් ඩවුන්ලෝඩ් කරපුවානේ. ඒවා
.avi
.vob
.mkv
.flv

වගේ ෆෝමැට් වලින් තියෙනවා.  ඉතින් ඕවා හැම එකක්ම ප්ලේ වෙන VLC කියන ප්ලේයරේ මං පාවිච්චි කලේ ගොඩක් කල් ඉදන්. වැඩි කරදරයක් නැති ඒක ලේසියි.

සබ්ටයිටල් ගත්තම මේ වගේ ෆෝමැට් වලින් තියෙනවා.

.srt
.ass
.sub

VLC ප්ලේයරේ සබ්ටයිටල් පාවිච්චි කරද්දි මට ආව ගැටළු තමා මේ. එකේ යුනිකෝඩ් සබ්ටයිටල් විකාර වෙලයි ඒකේ පේන්නේ. අනිත් ප්ලේයර් වල වත් පේනවද

මන්දා. මේකේ නම් පේන්නේ මෙහෙම.

සමහර යුනිකෝඩ් සබ්ටයිටල් දැම්මම කොටු කොටු පේන්න ගත්තා.




අනිත් වර්ගේ .ass. මේ වර්ගෙදි අකුරු පෙනුනත් පේන්නේ අමුතු විදිහට. මෙන්න මේ වගේ.



ඔන්න ඕවාට තමා උත්තර හොයන්න ඕන වුණේ මට.


දැනගන්න ඕන 1.
එතකොට දැනගන්න තියෙන එක කතන්දරයක් තමා යුනිකෝඩ් සබ්ටයිටල් හොදට පේන ප්ලේයර් මොනාද කියලා. KM Player කියන එකේ නම් පේනවා. ඒත් ඒ ප්ලේයරේ මට හරිගියේ නෑ.


දැනගන්න ඕන 2.
අනික VLC ප්ලේයරේ යුනිකෝඩ් සබ්ටයිටල් හරියට බලන්න ක්‍රමයක් තියෙනවද?

දැන් දාන්නේ මං කරදරයක් නැතුව සිංහල පේන්න සබ්ටයිටල් දැම්ම  ක්‍රමේ.

සාමාන්‍ය යෙන්  ෆිල්ම් එකකට සිංහල සබ්ටයිටල් දානකොට කරන්නේ මේ වගේ දෙයක්නේ.
1.   ෆිල්ම් එකේ නම google වල සර්ච් කරලා ඉංග්‍රීසි සබ්ටයිටල් තියෙනවද කියලා බලනවා.
2.  තියෙන ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් ඩවුන්ලෝඩ් කර ගන්නවා.
3.  ඒක  ෆිල්ම් එක තියෙන ෆෝල්ඩරේට දාගන්නවා.
4.  සබ්ටයිටල් එකේ නම ෆිල්ම් එකේ නමට සමාන වෙන විදිහට රී නේම් කර ගන්නවා.
5.  සබ්ටයිටල් එක නෝට්පෑඩ් වල ඕපන් කර ගන්නවා.
6. දැන් ඒකේ තියෙන ඉංග්‍රීසි දෙබස් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කර ගන්නවා.
7. සේව් කරනවා.

එච්චරයිනේ.

ඔච්චර හරියක් කරලත් අකුරු මුක්කන් වෙලා පේනවනම් මොකෝ කරන්නේ?

මං කළා මෙහෙම.

පියවර 1.

ෆිල්ම් එකේ නම google වල සර්ච් කරලා ඉංග්‍රීසි සබ්ටයිටල් තියෙනවද කියලා බලන්න. මට ඕන The Bourne Identity - 2002 කියන  ඉංග්‍රීසි සබ්ටයිටල් එක.

ඉතින්  The Bourne Identity English Subtitles කියලා සර්ච් කරලා එන එකක් ඩවුන්ලෝඩ් කර ගන්න.


පියවර 2.
අපිට ඕන .ass කියන වර්ගේ සබ්ටයිටල් ෆයිල් එකක්. ඩවුන්ලෝඩ් වුණ ෆයිල් එක .ass කියන වර්ගේ නෙවෙයි නම් ඒක  .ass බවට හරවගන්න ඕන. 

ඩවුන්ලෝඩ් වුණ ෆයිල් එක .srt වර්ගයේ කියලා හිතනන්කෝ. පරිවර්තනය කරන්නේ මෙහෙමයි.


පියවර 3.
මෙතනින් මේ මෘදුකාංගේ අරන් ඉන්ස්ටෝල් කර ගන්න.

Download
697 kb


පියවර 4.
Start > All Programs > VobSub > SubResync ලෙස  SubResync විවෘත කර ගන්න.





පියවර 5.
අවශ්‍ය සබ්ටයිටල් එක open හරහා විවෘත කර ගන්න.


පියවර 6.
Save as බොත්තම ක්ලික් කරලා Save as type කියන එකෙන්  Advanced Sub Station Alpha (.ass) කියන එක තෝරලා සේව් කරන්න.  




දැන් අපි ගාව .ass වර්ගයේ ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් තියෙනවා.


පියවර 7.

සබ්ටයිටල් එක  ෆිල්ම් එක තියෙන ෆෝල්ඩරේට දාගන්න.


පියවර 8.
සබ්ටයිටල් එකේ නම ෆිල්ම් එකේ නමට සමාන වෙන විදිහට රී නේම් කර ගන්න.

පියවර 9.

සබ්ටයිටල් ෆයිල් එක වර්ඩ් වල ඕපන් කර ගන්න.
Right click > open with > microsoft office word


පියවර 10.
ඒකේ ඇති මෙන්න මෙහෙම කොටසක්.



එතන තියෙන්නේ ඉංග්‍රීසි ෆොන්ට් එකක්. මේකෙ නම් තියෙන්නේ Arial කියලනේ. ඒක වෙනුවට කම්පියුටරේ තියෙන සිංහල ෆොන්ට් එකක නමක් මාරු කරන්න.

 FMBindumathi වගේ එකක්.




පියවර 11.

දැන් සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි  දෙබස් පරිවර්තනය කරලා ටයිප් කරන්න ඕන. හැබැයි යුන්කෝඩ් වලින් නෙවෙයි. අර දැම්ම ෆොන්ට් එකෙන්. ඒ වැඩේ කරන්නේ

මෙහෙම. මුලින්ම මේ මෘදුකාංගේ ඩවුන්ලෝඩ් කර ගන්න.

Download
223 kb


පියවර 12.
ඒ මෘදුකාංගේ උඩ නිකම්ම ක්ලික් කරලා ඕපන් කර ගන්න. ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.




මේ වගේ ටික් එකත් දා ගන්න.

මේක නිකං කී මෑන් වගේ සිංහල ටයිප් කරද්ද අක්ෂර නිවැරදි කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසි එකක්. හැබැයි යුනිකෝඩ් ටයිප් කරලා මේක ඕපන් කළොත්

මගේ ලැප්ටොප් එකේදි නම් හරියට වැඩ කළේ නෑ.


පියවර 13.

දැන් මේ විදියට දෙබස් විතරක් සිලෙක්ට් කරලා පරිවර්තනය කර ගන්න. පස්සේ සේව් කරන්න.





පියවර 14

දැන් ප්ලේයරේ ප්ලේ කරලා බලන්න. ආ. ඔය තියෙන්නේ අපූරුවට.






ගැටළු
මේකේ තියෙන එක ගැටළුවක් තමා කම්පියුටරේ සිංහල අක්ෂර තියෙන්න ඕන වෙන එක. අපි සටහන් කරපු ෆොන්ට් එක නැත්තන් කිරිකිස්තාන් භාෂාවෙන් පේන්න ගන්නවා.




වාසි.
මේකෙදි අපිට ඕන නම් ඉංග්‍රීසි සිංහල දෙමළ හින්දි භාෂා සීයක් හරි එක පාර ඇතුළත් කරන්න පුළුවන්. මේ වගේ.



  

එතනදි කරන්න තියෙන්නේ මේ විදිහට styles අවශ්‍ය ගානක් හදාගන්න එක.




ඊට පස්සේ මේ විදිහට දෙබසට සම්බන්ධ කරනවා.




මේ වගේ පාට මාරු වෙන්න සබ්ටයිටල් දාන්නත් .ass වලදි පුළුවන්.




මං ආපු නැති දවස් වල ගොඩක් අය කමෙන්ට් කරලා තිබුනා. ඒ හැමෝටම ස්තූතියි. මේ පෝස්ටුව ගැනත් හිතෙන දේ කියලම යන්න. සුභ දවසක් ඔබට...